Author: Anura Premakumara

සීනිවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමෙන් පසු වෙළඳපොළේ තවදුරටත් සීනි මිල ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල වෙළඳසැල් හිමියන් සීනි තොග සඟවා වැඩි මිලට අලෙවි කරන බවට ද තොරතුරු වාර්තා වනවා. මේ වන විට වෙළඳපොළේ සුදු සීනි කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිලකට අලෙවි වන බවටයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ. මීට පෙර පැකට් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 275 කටත් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 330 කටත් උපරිම සිල්ලර මිලක් යටතේ අලෙවි කළ යුතු බවට ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී තිබුණේ ආනයනික සීනි සඳහා පැවති ශත 25 ක බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ දැමීමත් සමගයි. කෙසේ…

තව කියවන්​න

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ දුම්රිය පිලිපැනීම් 100 කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා . ජනවාරි සිට ඔක්තෝබර් මස දක්වා කාලය තුළ දුම්රිය පීලිපැනීම් 109 ක් සිදුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව සාමාන්‍ය දුම්රිය ධාවන පථවලදී පීලිපැනීම් 50 ක් ද ධාවනාගාර තුළ දී පීලිපැනීම් 59 ක් ද වශයෙන් පීලිපැනීම් සිදුව තිබෙනවා .

තව කියවන්​න

බලපිටිය මහාධිකරණය මගින් පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබෙනවා. 2005 වර්ෂයේ දී පිටිගල, අමුගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස සහභාගි වී සිටියදී තියුණු ආයුධවලින් සහ මුගුරුවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකර මිනි මැරීමට තැත් කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් විභාග වූ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි අදාළ චූදිතයින්ට මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ. මෙසේ මරණිය දණ්ඩනය නියමව ඇත්තේ දෙහිවල, මොරටුව හා පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙකුටයි.

තව කියවන්​න

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ අත් – පා – මුඛ රෝගය, ඩෙංගු උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග කිහිපයක් මෙම දිනවල ළමුන් අතර දක්නට ලැබෙන බවයි. දෙමව්පියන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් වු පෙත්සම අද යළි සලකාබැලීමට නියමිතව තිබෙනවා. ඊයේ අදාළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවු අතර එහීදි දැනුම් දුන්නේ අදාළ පෙත්සම අද යළි සලකා බැලීමටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් මෙම පෙත්සම ගොණුකර තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරිමට ක්‍රිඩා අමාත්‍යවරයා ගත් තීරණය අදාළ පෙත්සම මගින් අභියෝගයට ලක්කර තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ එහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා.

තව කියවන්​න

හමාස් සංවිධානය අතර අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ සටන් විරාමය ප්‍රමාද විය හැකි බව ඊශ්‍රායලය සඳහන් කර තිබෙනවා. අද දිනයේ සිය දින හතරක් තාවකාලික සටන් විරාමය ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කෙසේ වෙතත් තාවකාලික සටන් විරාමයකට පිවිසීමට ඇති පසුබිමක ඊයේ රාත්‍රියේද ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ අතර ඊශ්‍රායල – හමාස් ගිවිසුම අනුව හමාස් සංවිධානය යටතේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු සහ ඊශ්‍රායල සිරගෙවල් වල සිටින පලස්තීන කාන්තාවන් මහ තරුණයින් 150 දෙනෙකු නිදහස් කිරීමටද නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

තව කියවන්​න

සංචාරක ඕස්ටේ‍රලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ පහකින් සමත්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලයේ පළමු තරඟය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ විශාකාපට්නම් හීදී පැවැත්වෙන මෙම තරඟය අද පස්වරු 07ට ආර්මභ වීමට නියමිතයි. මෙම තරඟයේදී ඉන්දීය කණ්ඩායම සූර්යකුමාර් යාදව් විසින් දරණ අතර, ඕස්ටේ‍රලියානු කණ්ඩායමේ නායකත්වය මැතිව් වේඩ් විසින් දරුණු ලබනවා.

තව කියවන්​න

ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වු බව කියන සිද්ධියේ මහ මොලකරුවන් කවුරුන්දැයි රටට හෙළි කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ අදාළ ඖෂධ තොගය සැපයුම් අංශයට භාර ගත් නිලධාරීන්ගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ සිදුකළ ප්‍රකාශ පදනම් කරගමින් එය හෙළි කළ යුතු බවයි. කොළඹදී කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

අද දිනයේ සිට නැවත දැනුම්දෙනතුරු බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය සියල්ල නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මෙම තීරණය ගත් බවයි. අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග උඩරට දුම්රිය මාර්ගයේ නායයෑම් සහ ගල් පෙරළීම් අවස්ථා කිහිපයකදී වාර්තා වූ බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොළ, ඉඹුල්පේ, බළන්ගොඩ, ඕපනායක සහ කොළොන්න ප්‍රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ප්‍රදේශයට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එසේම මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට ප්‍රදේශය සඳහා පළමු මට්ටමේත් දොළුව සහ පස්බාගේ කෝරළේ සඳහා දෙවන මට්ටමේත් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශය සඳහාද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මේ අතර ගංවතුර අවධානම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස් පී සී සුගීෂ්වර…

තව කියවන්​න