- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ අමාත්‍ය ධුරයෙන් සහ සියලම තනතුරුවලින් ඉවත් කරමින් ජනාධිපතිවරයා විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා. අමාත්‍යවරයා ඉවත් කිරීමට අදාළ ලිපිය අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී රොෂාන් රණසිංහ මහතාට භාරදී ඇති බවද වාර්තා වනවා. ඒ අනුව රොෂාන් රණසිංහ මහතා දැරූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් මෙන්ම මහවැලි හා වාරිමාර්ග කටයුතු අමාත්‍ය ධුරයෙන්ද ඉවත් කර තිබෙනවා. මෙම කැබිනට් හමුව අද පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 3 හි පවත්වා තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් අද සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්. දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 2 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ. නැගෙනහිර, ඌව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි…
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචින් විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ වාර්ෂික උත්සවයේ සංගීත ප්‍රසංගයක් අතරතුර ඇති වූ තෙරපීමකින් සිසුන් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි මෙම ප්‍රසංගය නැරඹීම සඳහා අසල්වැසි විද්‍යාලවල සිසුන් ඇතුළු 2,000 කට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර එම අවස්ථාවේ ඇති වූ වර්ෂාවත් සමඟ තෙරපීම සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.
සංචාරක ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 44 ක ජයක් වාර්තා කරමින් තරග 5 කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වුණා. තිරුවානන්තපුරම් හී දි පැවැති තරගයේ දී ඔස්ටේ්‍රලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 235 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා. රුටුරාජ් ගයික්වඩ් පන්දු 43 කින් ලකුණු 58 ක් ද, යශස්වි ජයිස්වාල් පන්දු 25 කින් ලකුණු 53 ක් ද, ඉෂාන් කිෂන් පන්දු 32 කින් ලකුණු 52 ක් ද ලබා ගත්තා. රින්කු සිං නොදැවී ලකුණු 31 ක් රැස් කළේ පන්දු 9 කට පමණක්…
ගත වූ මාස 10 ක කාලය තුළ මෙරටින් ලාඳුරු රෝගීන් 1250 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . ලාඳුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ ඒ අතර වයස අවුරුදු 14 ට අඩු ළමුන් 131 දෙනෙකු වන බවයි. මේ වනවිට වාර්තා වන්නේ මීට වසර 5 කට හෝ 7 කට පෙර ලාඳුරු බැක්ටීරියාව ශරීරගත වූ රෝගීන් බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
රාජ්‍ය සහ පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතු සන්ධානය කියා සිටියේ ප්‍රධාන විරෝධතාවය බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිටදී සංවිධාන කර ඇති බවත් දිවයිනේ සියලුම රාජ්‍ය ආයතන ඉදිරිපිටදී මෙම විරෝධතා ව්‍යාපාරය අද(27) දහවල් 12ට සංවිධානය කර ඇති බවයි. රුපියල් විසි දහසක වැටුප් වැඩි කිරීම, වැඩිකළ දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාගැනීම මෙම වෘත්තීය සමිති එකමුතුව මෙලෙෂ ඉල්ලා සිටින ඉල්ලීම් අතර වනවා. එසේම මෙම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් රජය පාර්ශ්වයෙන් නොලැබුණහොත් අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට…
2024 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අදයි. අද දිනයේදීත් පරිසර අමාත්‍යංශය සහ වනජීවි, වනසංරක්ෂණ වැය ශීර්ෂ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ අතර අද දින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදි ඔහු කියා සිටියේ ක්‍රිකට් සම්බන්ධ ප්‍රශ්නය ඉදිරියේදී අවසන් නොවුනහොත් මීළඟ ජනාධිපතිවරණයෙන් එය අවසන් කරන බවයි. එමෙන්ම ඔහු අවධාරණය කර සිටියේ තමාට මේ වන විට විවිධ විෂම චෝදනා නගමින් පොලිසිය විසින් වැටලීම් ද සිදු කරමින් පවතින බවයි. එමෙන්ම තමාට විවිධ පුද්ගලයින්ගෙන් මරණ තර්ජන ද සිදුවන බවටයි ඒ මහතා අවධාරණය කර සිටියේ. මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ…
අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. පුරාවිද්‍යාත්මක වටිනාමකමක් සහිත දෙස් විදෙස් සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍රවන අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමට පිරිසක් කටයුතු කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එලෙස සංසරණය වූ ඡායාරූපවලින් දක්නට ලැබුණේ ඇතැම් පුද්ගලයින් ප්‍රතිමා වහන්සේ මතට නැඟී එම වස්ත්‍රය පළඳවන ආකාරයයි. මේ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. එසේම පුරාවිද්‍යා ආඥා පනතට අනුව පුරාවිද්‍යා ස්මාරකයක හෝ ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි…
නව පොලිස්පතිවරයෙක් පත් කරන තෙක් පළාත් 9 සඳහා පත් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් සාමාන්‍ය පරිදි මහජන ආරක්ෂක කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සිය ධුරයෙන් පසුගිය සිකුරාදා විශ්‍රාම ගනු ලැබුවා. තමන් ධුරයෙන් විශ්‍රාම ගන්නා බව සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත නිල වශයෙන් ඔහු දැනුම් දී තිබුණා. සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස 25 වනදායි. කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවස්ථා හතරකදී ඔහුට සේවා දිගුවක් ලබා දුන්නා. කෙසේ වෙතත් නව පොලිස්පතිවරයා කවුරුන්ද යන්න පිළිබඳ ඉදිරි…
පවතින තත්ත්වය මත තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක මහතා වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් අද(27) සිදු කරමිනි. එසේම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ තමාගේ ජීවිතය සම්බන්ධයෙන් අද වන විට අවිනිශ්චිත තත්ත්වයකට මුහුණදී ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ තමන්ට එරෙහිව පළිගැනීමක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තමන්ට පැවසූ බවයි. ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මුණ ගැසුණු අවස්ථාවේදී මේ බව සඳහන් කළ බවයි. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහතින්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222