- ප්‍රංශයේ පිහි ඇනුම ත්‍රස්තවාදී ක්‍රියාවක් – ජනපති මැක්රෝන් කියයි
- ශූරයන්ගේ කුසලානයේ දී ඔස්ට්‍රේලියාවෙන් වාර්තාගත හඹායාමක්
- බස් නැවතුමේ රැඳී සිටි මගියෙකුට තියුණු ආයුධයකින් පහරදීමක්
- අමෙරිකාවේ ප්‍රදේශ රැසක සරම්ප පැතිරීම ඉහළට
- සංජීව ඝාතනයට තවත් තිදෙනෙක් අත්අඩංගුවට
- ගිනිඅවි සමග කාන්තාවක් අත්අඩංගුවට
- පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ මට්ටමකට
- තේ කර්මාන්තය නගා සිටුවීමට රජයෙන් පියවර රැසක්
Author: Anura Premakumara
ජනමතයකින් ගොඩනැගෙන පාලනයක් රටට අවශ්‍ය බව සමගි ජන බලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා කියා සිටියේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එක් දිනයක පවත්වන ලෙසයි. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හර්ෂන රාජකරුණා මහතා මේ බව ප්‍රකාශ කළා. මේ අතර ජනාපධිතිවරණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා ද ඊයේ මෙලෙස අදහස් පලකළා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 07ක මුදලක් ලබා දී තිබෙනවා. ඊට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම ඊයේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ලැබු මෙහෙයුම් අතිරිත්තයෙන් මෙම මුදල ලබා දී තිබෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය මේ වසරේ ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජනාධිපතිවරයා දැනුවත් කිරීම ද මෙහිදී සිදුකෙරුණා. මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ මෙරටට විදේශ විනිමය ගලා එන ප්‍රධානතම ප්‍රභවයක් බවයි.
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එහි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ අන්දමන් දූපත් ආශ්‍රිත අඩු පීඩන කලාපයේ බලපෑම මීට හේතු වී ඇති බවයි . ඊසාන දිග මෝසම ක්‍රමයෙන් දිවයින හරහා ස්ථාපිත වෙමින් ඇති බව ද ඔහු පැවසුවා . නැගෙනහිර, මධ්‍යම, ඌව හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීමේදී විමසිලිමත් විය යුතු බවද මෙරිල් මෙන්ඩිස් මහතා සදහන් කළා.
හිටපු ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. නීතිඥවරියක විසිනුයි රොෂාන් රණසිංහ මහතාට එරෙහිව මෙම පෙත්සම ගොනු කර ඇත්තේ. අධිකරණයට අපහාස කළ බවට අදාළ පෙත්සම මගින් හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට චෝදනා එල්ල කර තිබෙනවා. ඒ අනුව ඔහුට එරෙහිව දඩුවමක් ලබා දෙන ලෙසයි පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අද දිනයේදී තවත් ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන රැඳවියන් නිදහස් කිරීමට සූදානම්ව සිටියදි ගාසා තීරයේ පවතින ගැටුම් දින 6 කට නැවැත්වීමට එකඟතාවය පළ කර තිබෙනවා. අද දිනයේ නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් ලැයිස්තුව හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලයට ලබා දී ඇති බව සදහන්. හමාස් සංවිධානය විසින් නිදහස් කරන සෑම ප්‍රාණ ඇපකරුවන් දස දෙනෙකු සදහාම සටන් විරාම දිනයක් පවත්වන බවට ඊශ්‍රායලය එකඟත්වය පළ කර තිබෙනවා.
පෑලියගොඩ සහ වත්තල පොලිස් වසම්වල පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ පෑලියගෙඩ, වනවාසල පාර, තොරණ හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බවයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 59ක් පමණ වූ පුද්ගලයෙකි. ඝාතනයට ලක්වූ පුද්ගලයා වනවාසල පාර, දුම්රිය පාලම අසල සිටියදී පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තියුණු ආයුධවලින් පහරදී පළාගොස් තිබෙනවා. තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවද පොලිසිය පවසනවා. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර…
රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම තීරණය වන්නේ විවිධ පුද්ගලයින්ගේ අදහස් අනුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එමෙන්ම පුද්ගලයින් අමාත්‍ය ධුරයන්ට පත් කිරීම සහ ඉවත් කිරීම සාමාන්‍ය සිදුවීමක් බවද ඔහු සදහන් කළා. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද අනුරාධපුර ඵෙතිහාසික ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
ලන්දේසින් විසින් 1756 වසරේදී ශ්‍රී ලංකාවෙන් පැහැරගත් කෞතුක භාණ්ඩ නෙදර්ලන්තයේ සිට අද අළුයම ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙනවා. ලන්දේසීන් මහනුවර රජ මාලිගාවට පහර දී පැහැරගත් මගුල් කඩුව, ලෙව්කේ මහා දිසාවගේ කාලතුවක්කුව ඇතුළු භාණ්ඩ 6 ක් මෙලෙස යළි දිවයිනට රැගෙන ආ බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ. එම භාණ්ඩ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් කටුනායක ගුවන් තොටුපලේදී භාරගනු ලැබුවා. මෙම කෞතුක භාණ්ඩ තොගය දැඩි ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික කෞතුකාගාරය වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙන්නේ. මෙම භාණ්ඩ තොගය ශ්‍රී ලංකාවේ පරිසර තත්ත්වයන්ට අනුවර්තනය වන තෙක් වායුසමනය කළ විශේෂ කුටි තුළ රඳවා තැබීමට නියමිතයි. මේ අතර නෙදර්ලන්තය, එංගලන්තය ඇතු`ඵ තවත් විදේශ රටවල්…
වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා. හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව සේවා දිගු හතරක් වරින් වර ඔහු හට හිමි වූ අතර එම සේවා දිගු අවසන් වූයේ නොවැම්බර් මස 25 වනදායි. මේ අතර පොලිස්පති වශයෙන් පත්වන නිලධාරියාගේ ධුර කාලය උපරිම වශයෙන් අවුරුදු 3 කට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර අද දින වැඩබලන පොලිස්පති ලෙස පත් වූ දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින් මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මර්ධනයට කටයුතු කරන බවයි. ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව…
නඩත්තු කටයුතු සදහා අක්‍රීය කළ නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අද ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. එමගින් මෙගා වොට් 300 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙනු ඇති. එමෙන්ම කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය කළ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයද ලබන මස 16 වන දා ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222