- බස්නාහිර හා දකුණේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීමක්
- හෙට කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමට
- මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්රගමනය වෙනුවෙන්සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් තීරණයක්
- මහාමාර්ග ව්‍යාපෘති නැවතීමට හේතුව ඇමති බිමල් කියයි.
- කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද අවලංගුයි
- තරුණ සේවා සභාවේ අක්‍රමිකතා සොයන්න කෝප් අනුකමිටුවක්
- ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි
- ජනාධිපති ලේකම් සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්
Author: Anura Premakumara
ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානයේ විරෝධතාවයකට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය පාර්ලිමේන්තු වටරවුමේ මෙම විරෝධතාවය අද(04) පැවැත්වූවා. කෙසේ වෙතත් විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලිසිය මෙලෙස ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
කල්මුණේ – ඉස්ලාමාබාද් ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයේ අත්අඩංගුවට ගත් කල්මුණේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මෙම පාලිකාව 28 හැවිරිදි වියේ පසුවන ත්‍රිකුණාමලය – උප්පුවේලි ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලීසිය සඳහන් කළේ. වැඩිදුර පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ අදාළ දරුවා අකීකරු බව පවසමින් මෙම පාලිකාව විසින් කොසු මිටකින් පහරදී ඇති බවටයි. අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මෙය පහරදීමකින් සිදුවූ මරණයක් බවට තහවුරු කර තිබෙනවා. මෙම 17 හැවිරිදි පිරිමි දරුවා මඩකලපුව කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්ව තිබුණා. අනතුරුව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…
හොරොව්පොතාන, දියතිත්තවැව නන්දමිත්‍ර ආරණ්‍ය සේනාසනයෙහි වැඩවාසය කරමින් සිටි හිමිවරුන් දෙදෙනෙකුට සහ එම ආරණ්‍ය සේනාසනයෙහි රියදුරු ලෙස කටයුතු කළ අයෙකුට බීමතින් පැමිණි පිරිසක් විසින් පහරදී ඇතැයි වාර්තා වනවා. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ පූජ්‍ය නන්දාලංකාර, අංගන්ගොඩ පඤ්ඤාවංශ යන හිමිවරුන්ට සහ ආරණ්‍ය සේනාසනයේ රියදුරු ලෙස කටයුතු කළ ලිහිණි ගවුතම් යන අයයි. එම සෙනසුනේ වැඩවාසය කරනු ලබන පඤ්ඤාවංශ හිමියන් හොරොව්පොතාන පොලිසියට කරන ලද පැමිණිල්ලක දැක්වෙන්නේ දියතිත්තවැව, පරංයාවාඩිය, හොරොව්පොතාන ලිපිනයේ පදිංචි පිරිසක් ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරනු ලබන දියතිත්තවැව නන්දිමිත්‍ර ආරණය සේනාසනයට පැමිණ පහරදුන් බවයි. පහරකෑමට ලක්වූ හිමිවරුන් හා රියදුරු ප්‍රතිකාර හොරොව්පොතාන රෝහලට ඇතුළත් කර සිටින බවයි පොලිසිය කියා සිටියේ. හොරොව්පොතාන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන…
දිවයිනේ දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා පාසල්වල සහ තෝරාගත් පිරිවෙන්වල සිසුන් වෙත පාවහන් තිලිණපත් ලබා දීමේ නිල උත්සවය අද පැවැත්වීමට නියමිතයි . මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේදී එම නිල උත්සවය පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ . ඒ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් . මේ අතර හෙට දිනයේ අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සදහන් කලේ .
මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ හෙරොයින් සහ ගිනි අවි සොරකමට අදාළව සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නිරත බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනෙකුද සිටින බව පොලීසිය සඳහන් කළා. නඩු භාණ්ඩ කාමරයේ තිබූ භාණ්ඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජූලි මස 12 වැනිදා අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණා. ඒ අනුව සිදුකළ විමර්ශනයේදී නොවැම්බර් මස 26 වනදා සහ 28 වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නිරත බහු කාර්ය සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු…
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. පවුලේ ඥාතීන් කියා සිටියේ සුමින්ද සිරිසේන මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද(04) උදෑසන අභාවප්‍රාප්ත වූ බවයි. වසර 50කට අධික කාලයක් කලා ක්ෂේත්‍රෙය් විශිෂ්ඨ සේවාවක් සිදු කළ සුමින් සිරිසේන මහතා අභාවප්‍රාප්ත වන විට 75 වන වියේ පසු වූවා. දෙදරු පියෙක් වන සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිත අතර දේහය ගම්පහ, ශ්‍රී බෝධි පාරේ අංක 29/3 දරණ නිවසට රැගෙන ඒමට නියමිත බව පවුලේ ඥාතීන් කියා සිටියා.
උතුරු ටැන්සානියාවට බලපෑ අධික වර්ෂාපතනයත් සමග ඇති වූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් පුද්ගලයන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් පුද්ගලයන් 85 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. තනදුරටත් අධික වැසි පවතින බැවින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සහ තුවාල ලැබූ පුද්ගලයන් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය අද දිනයේදී ආරම්භ වනවා . එම තරගාවලිය එළඹෙන 10 වැනිදා දක්වා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථාන , වෙළෙඳ සේවා සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ පිහිටි ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට නියමිතයි . මෙවර තරගාවලියේදී පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ප්‍රධාන කාණ්ඩ 5 යටතේ පැවැත්වෙනවා . එයට අමතරව වයස අවුරුදු 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ කනිෂ්ඨ තරගකරුවන් සඳහාද මෙවර තරග පැවැත්වීම විශේෂත්වයක් . මෙම තරගාවලිය සදහා සහභාගී වීමට…
රට තිබෙන තත්ත්වය පිළිබඳ සියලු දෙනා අවබෝධ කර ගත යුතු බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඇතැම් වෘත්තීය සමිති විසින් වැටුප් ඉහල දමන ලෙස දේශපාලන ඉල්ලීම් සිදු කරන බවයි ඔහු සදහන් කලේ . මාධ්‍ය වෙත අදහස් පල කරමින් සමන් රත්නප්‍රිය මහතා මේ බව පැවසුවා.
බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ පවතින පීඩන අවපාතනය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තීරණාත්මක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය ඊයේ රාත්‍රීය වන විට යාපනයේ සිට කිලෝ මීටර 330ක් පමණ ඊසාන දෙසින් ස්ථාන ගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. එය සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වී දිවයිනෙන් ඉවතට ගමන් කරන බැවින් මුහුදු ප්‍රදේශ දැඩි ලෙස රළු විය හැකියි. එම සුළි කුණාටුව අද දිනයේ දී ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරන බවයි කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඉන්පසු එය හෙට දිනය වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222