Author: Anura Premakumara

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව පක්ෂයක් ලෙස ඉදිරියට යන බව පොදුජන පෙරමුණ පවසනවා . රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා සදහන් කලේ පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයට එක්වන ලෙසට ජනාධිපතිවරයාටද අරාධනා කිරීමට තීරණය කර ඇති බවයි . කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා .

තව කියවන්​න

අදත් පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව ආරම්භයේදී මන්ත්‍රීවරුන් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 05ක් ඇසීම සඳහා කාලය වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. අනතුරුව අද දිනයට නියමිත කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන අතර, එහිදී සංචාරක සහ ඉඩම් අමාත්‍යංශය පිළිබඳව මෙන්ම බුද්ධ ශාසන ,ආගමික  සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පිළිබඳවද විවාදය පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ සිව් දෙනෙකුගෙන් යුතු නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා. එම නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස දඟ පන්දු යවන ක්‍රීඩකයින් වන දිල්රුවන් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස් පත්කර තිබෙනවා. එමෙන්ම ඒ සදහා හිටපු ආරම්භක පිතිකරුවෙකු වන තරංග පරණවිතාන ද පත්කර ඇති බව සදහන්. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගත් තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සම ලබන 13 වන දා යළි…

තව කියවන්​න

ජර්මනියේ ප්‍රවාහන මාධ්‍යයන් අත්හිටුවා ඇති බව විදෙස් වාර්තා පවසනවා. අධික හිමපතනය හේතුවෙන් ජර්මනියේ මියුනිච් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් වාර 760 ක් පමණ අවලංගු කර තිබෙනවා. ගුවන් යානා අසාමාන්‍ය හිම පතනය හේතුවෙන් ධාවන පථයේ සිර වී ඇති බවයි වාර්තා වන්නේ. ඇතැම් බස් රථ සහ දුම්රිය මාර්ග ඇතු`ඵ අනෙකුත් ප්‍රවාහන ක්‍රම ද අධික හිමපතනය හේතුවෙන් අත්හිටුවා තිබෙනවා. එමෙන්ම මේ හේතුවෙන් ජර්මනියේ දෛනික වැඩකටයුතුවලට ද දැඩි බාධා එල්ල වී තිබෙන බව සදහන්.

තව කියවන්​න

පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අද දිනයේදීත් උදෑසන 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. මේ අනුව අද දින 2024 වසරේ අයවැයට අදාළ අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදය ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවාදය ආරම්භයේදීම කියා සිටියේ අධ්‍යාපනය සදහා මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන්කර ඇති සියයට 1.8 ක වෙන් කිරීම ප්‍රමාණවත් නොවන බවයි. නිසි ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් දරුවන් හට ලබා දීමට නම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5 ක මුදලක්වත් වෙන්කළ යුතු බවටයි විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේ. මේ අතර විපක්ෂ නායකවරයා කළ ප්‍රශ්න කිරීම් රැසකට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පිළිතුරු ලබා…

තව කියවන්​න

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද සමු`ඵවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රියේදී ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ. ඩුබායි හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද සමු`ඵවට සහභාගි වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 30 වන දින දිවයිනෙන් පිටත්ව ගියා. මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස සමු`ඵව ඇමතූ අතර දේශගුණික යුක්ති සංසදයක් සදහා වූ යෝජනාව ද ඉදිරිපත් කරනු ලැබුවා. දේශගුණික විපර්යාස පිළිබද ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සමු`ඵවේදී සිදු කරනු ලැබුවා.

තව කියවන්​න

පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි. මේ අතර බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් චන්ඩ සුළි කුණාටුව අද දහවල් වන විට ඉන්දියාවේ දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතු`ඵ වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා.

තව කියවන්​න

අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්බද පාසල් 11 ක අධ්‍යාපන කටයුතුවලට බාධා මතුව තිබෙනවා. මේ හේතුවෙන් එම පාසල්වල සිසුන් ඊයේ දිනයේදී නියමිත වෙලාවට පෙර නිවෙස් වෙත යැවීමටයි පාසල් බලධාරීන් කටයුතු කර තිබුණේ. අධික වර්ෂාව හේතුවෙන් පංති කාමර ජලයෙන් යට වීම හා මාර්ගවල ගමන් කිරීමට ඇති අපහසුව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබුණා. මේ අතර පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරු ප්‍රදේශයේ පාසල්වලට අද දිනයේදී නිවාඩු ලබා දී තිබෙනවා.

තව කියවන්​න

මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසනවා . ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා . ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටට පිළිලයක් වී ඇති බවත්, එම ආයතන මහ බැංකුව තුළින් නොවන වෙනම ආයතනයක් පිහිටුවීම තුළින් නියාමනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා . එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ අධිකරණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ කාර්යක්ෂම කිරීමට නව පනත් අටක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි .

තව කියවන්​න

ඔක්තෝම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව අද දිනයේ සිට ප්‍රතිලාභින්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව මේ වන විට පවුල් දාහතර ලක්ෂ හයදහස් නමසිය තිස් දෙකක් සඳහා රුපියල් මිලියන 8,775 ක මුදලක්  ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරා ගන්නා ලද පිරිස් වෙත ජුලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිලාභ ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය නිල ඞ ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළා

තව කියවන්​න