Author: Anura Premakumara

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ආරම්භ වනවා. බංග්ලාදේශයේ මීර්පූර් හීදී පැවැත්වෙන මෙම තරග`ය මෙරට වේලාවෙන් පෙරවරු 09ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු තරඟය ජයගත් බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට තරඟාවලියේ ඉදිරියෙන් පසුවනවා.

තව කියවන්​න

පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. එසේ සිදුකළහොත් පාර්ලිමේන්තුවේ අසන ප්‍රශ්න සියල්ල අහෝසි වන බවයි ඔහු සදහන් කළේ. මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල්වල ගොඩනැගිලි අනාරක්ෂිත තත්ත්වයෙන් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. අද පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරයේදී විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේ එවැනි පාසල් සම්බන්ධයෙන් තොරතුරු රැස්කරමින් සිටින බවයි. මේ අතර සිවිල් ආරක්ෂක නිලධාරින් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ද අද පාර්ලිමේන්තුවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා…

තව කියවන්​න

නාවලපිටිය, කලුදෑමඩ ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී  එම ගිනි අවි සඳහා භාවිතා කරන පතරොම් 15ක්ද වැටලීම කළ පොලිස් විශේෂ කාර්ය බලකා තලවකැලේ කඳවුරේ නිලධාරීන් භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 47 සහ 55 යන වයස් වල පසුවන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

තව කියවන්​න

විදුලි බිල මේ වන විට ජනතාවට දරා ගැනීමට නොහැකි බව සමගි ජනබලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා සදහන් කලේ මේ හේතුවෙන් ජනතාව දැඩි පිඩාවට පත්ව ඇති බවයි. කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා .

තව කියවන්​න

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් චණ්ඩ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පැවති වැසි තත්ත්වය හෙටින් පසු අඩුවනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි, අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකියි . මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් 03කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා . මහනුවර, කළුතර සහ රත්නපුර යන…

තව කියවන්​න

තැපැල් මාර්ගයෙන් මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. මෙලෙස සොයාගෙන ඇති මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 43කට ආසන්න බව සදහන්. මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරීවලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැකපිට පාර්සල් 25 ක කළ පරීක්ෂාවේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. එම පාර්සල් ජර්මනිය සහ එංගලන්තය යන රටවල්වල සිට කොළඹ, මහරගම, බත්තරමුල්ල, බොරලැස්ගමුව, පානදුර මොරටුව හා මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ගේ ලිපිනයන් වෙත එවා තිබුනා. කෙසේවෙතත් ඒවා ව්‍යාජ ලිපිනයන් බවයි වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. එම මුදල ජාත්‍යන්තර මූලය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස් වශයෙන් ලැබීමට නියමිත බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. මෙහිදී ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකම් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මුදලක් කොටස් වශයෙන් ලබා දීමට පසුගියදා එකඟත්වය පළ කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට පළමු වාරිකය හිමි වුණා.

තව කියවන්​න

අබුඩාබි ටී 10 තරඟාවලියේ තවත් තරඟ තුනක් ඊයේ පැවැත් වුණා. එහිදී පැවති පළමු තරඟයෙන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පරාජය කරමින් සම්ප් ආර්මි කණ්ඩායම කඩුළු 06ක ජයක් වාර්තා කිරීමටයි සමත් වුණේ. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 82ක් රැස් කළා. එහිදී පැතුම් නිශ්ශංක ලකුණු 06ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 02ක්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 02ක් සහ දසුන් ශානක ලකුණු 03ක් පමණයි රැස් කරනු ලැබුවේ. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සම්ප් ආර්මි කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 2ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 85ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා. මේ අතර ඊයේ පැවති දෙවැනි තරඟයෙන් නුවන් තුෂාරගේ…

තව කියවන්​න

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ගාසා තීරයේ, ඛාන් යුනිස් ප්‍රදේශයේ පාසලක සිටි පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. යුද්ධයෙන් අවතැන් වූ පලස්තීනුවන්ට නවාතැන් දෙනු ලැබූ පාසලකට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ. ගාසා තීරයේ දෙවන විශාලතම නගරය වන ඛාන් යුනිස් නගරයට දින කිහිපයක සිට ඊශ්‍රයාල හමුදාව දැඩි ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති අතර, මේ වන විට ඊශ්‍රායල හමුදාව ගොඩබිමින් පහරදීම ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මෙවර අයවැය ඊයේ(05) පරාජයට පත්ව තිබෙනවා. වැඩි ඡන්ද 9කින් මෙලෙස 2024 වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය පරාජයට පත්ව ඇති බවටයි අප වාර්තාකරු සඳහන් කළේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා විසින් අයවැය යෝජනා සභාව වෙත ඉදිරිපත් කර තිබුණා. එහිදී උප සභාපතිවරයා ප්‍රමුඛ පාලක පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් හත් දෙනෙකුද මෙවර අයවැයට විරුද්ධව චන්දය ප්‍රකාශ කිරීමටයි කටයුතු කර ඇත්තේ. මීට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හතක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. පොදුජන පෙරමුණ නියෝජනය කරන පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු…

තව කියවන්​න