Author: Anura Premakumara

අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසීය අලුත් විමර්ශන අංශයක් ආ‍රම්භ කරන බව කොළඹ බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා පවසනවා. පාර්ලිමෙන්තුවේ දී සම්මත වූ, අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද පනතට අනුව මෙම විමර්ශන අංශය ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු පැවසුවේ. ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (23) පැවති විශේෂ පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමින්. PCID හෙවත් අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද විමර්ශන කොට්ට්ථාශය ලෙස මෙම අංශය නම් කර තිබෙනවා. මෙම නව විමර්ශන අංශය පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස් දිනයට සමගාමීව ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදී සිටියදී සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ කළුතර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. කළුතර උතුර පොලිසිය විසින් ඊයේ(22) රාත්‍රීයේ ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ මෙහෙයුමක් අතරතුරදී ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා මහතා වෑන් රථයක ගැටීමෙන් තුවාල ලබා තිබෙනවා. වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ පානදුර සිට කළුතර දෙසට ගමන් කරමින් සිටියදීයි. අනතුරට සම්බන්ධ වෑන් රථය සහ රියදුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින පුරා ඉදිරි පැය 36ක කාලගුණ අනාවැකිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද එම නිවේදනයේ සඳහන්.

තව කියවන්​න

පක්ෂ ලියාපදිංචිය සඳහා යොමු කරන ලද නව දේශපාලන පක්ෂ 36ක අයදුම්පත් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා. අවශ්‍ය මූළික සුදුසුකම් සපුරා නොමැතිවීම හේතුවෙන් එම පක්ෂවල අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසන්නේ. සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ අයදුම්පත් 80ක් පමණ ලැබී තිබූ බවයි. කෙසේ වෙතත් අයදුම්පත් 44ක් සම්බන්ධයෙන් මේ දිනවල සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන බවද ඔහු කියා සිටියා. මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 83ක් මැතිවරණ කොමිසන් සභාවේ ලියාපදිංචිව තිබෙනවා.

තව කියවන්​න

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගෝස්තු මස 25 වන සඳුදා දිනයේ වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. සඳුදා දින උදෑසන 8 සිට දීප ව්‍යාප්තව මෙම වැඩවර්ජනය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම දීප ව්‍යාප්ත වර්ජනය සිදු කරන බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

තව කියවන්​න

ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1408 දෙනෙක් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා. ඒ අනුව 2024.10.29 දිනට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1408 දෙනෙක් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙසින් පත්වීම් ලබාදීමට නියමිතයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේව) II වෛද්‍ය එච්.එම්. අර්ජුන තිලකරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඒ සඳහා මේ වන විට අයදුම්පත් කැඳවමින් පවතින බවයි. නිවේදනයේ දැක්වෙන්නේ අදාළ නිවේදනයට අනුව ඉහත තනතුර සඳහා සුදුසුකම් ලද වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යංශයේ මානව සම්පත් කළමනාකරණ හා තොරතුරු පද්ධතියට (HRMIS) පිවිස අයදුම් කරන ලෙසයි. නැවත අයදුම් කිරීමේ දිනය අගෝස්තු මස 25…

තව කියවන්​න

සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ දේහයක් මාන්කුලම්, පාලප්පානි ප්‍රදේශයේ නිවසක තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පොලිසිටය ලද පැමිණිල්ලක් මත සිදු කරන ලද විමර්ශනයකද මළ සිරුරු සොයා ගත් බවයි. පාලප්පානි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැත්තෑවක් පමණ වූ කාන්තාවක් මෙලෙස මියගොස් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ. මියගොස් සිටි කාන්තාවකගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව මියගොස් සිට බවයි පොලිසිය පවසන්නේ. එසේම කාන්තාව පැළඳ සිටි රන් ආභරණ අස්ථානගත වී ඇති බවටද දැනට කරන ලද විමර්ශනවවලදී අනාවරණ වී තිබෙනවා. මාන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

යුක්තිය පසිදලන ක්‍රියාවලිය සහ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන මොහොතක උත්තරීතර නීතියේ සඳහන් නොවන තුන්වැනි පාර්ශ්වයකට සමාජ මාධ්‍ය ජාලා හරහා නීතියේ ක්‍රියාදාමයේ අවසන් ප්‍රතිඵලය පුරෝකථනය කළ නොහැකි බවත් එවැනි උත්තරීතර නීතියට පරිබාහිර තුන්වැනි පාර්ශ්වයක් සමාජ ජාලා හරහා නීතිය පසිදලීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵල ගැන පූර්වයෙන් අනාවැකි පළ කිරීම භයානක තත්ත්වයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වීමට නම් රටක ජනතාව යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය නිවැරදිව ක්‍රියාත්මක වෙනවාද කියා විශ්වාස කළ යුතු බවත් මෙවැනි ප්‍රකාශ නිසා ජනතාව තුළ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳ වැටෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බන්ධනාගාර…

තව කියවන්​න

බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 26 වැනිදා දක්වා ඊයේ(22) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. වෛද්‍යවරුන් විසින් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඊයේ (22) රාත්‍රී බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් අනතුරුව අද(23) පස්වරුවේ කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවුණා. රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම හිටපු ජනාධිපතිවරයාට සිය නිවසින් ආහාර…

තව කියවන්​න

එප්පාවල ඇඳගල ප්‍රදේශයේ යතුරු පැදි සේවා ස්ථානයක් (සර්විස් සෙන්ටර්) හා ඊට යාබදව පිහිටි නිවසක ඊයේ (22) රාත්‍රියේ ඇති වූ ගින්නකින් එම යතුරු පැදි සේවා ස්ථානය හා නිවස සම්පූර්ණයෙන් ගිනිබත්ව තිබෙනවා. විදුලි කාන්දුවක් නිසා ගින්න ඇති වෙන්නට ඇතැයි සැක පළ කරන අතර,ගින්නෙන් නිවස හා යතුරු පැදි සේවා ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක්ද සිදුව නැත. රාත්‍රී 7.30 ට පමණ මෙම ගින්න හටගෙන තිබෙනවා. ගින්න හට ගන්නා අවස්ථාවේ යතුරු පැදි සේවා සැපයුම් ස්ථානය වසා දමා තිබී ඇති අතර, ඊට යාබද කඩකාමරයේ පිහිටි නිවසේ එහි හිමිකාරිය, සිය පුතු හා මව සමඟ නිවසේ මුළුතැන් ගෙයි රැදී සිට තිබෙනවා.…

තව කියවන්​න