Author: Anura Premakumara

සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරගාවලියේ තරග එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

තව කියවන්​න

රුසියා ජනාධිපතිවරයා වසර අවසානයේ පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාව මෙම වසරේ දී නොපවත්වන බව ක්‍රෙම්ලීනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. කෙසේවෙතත් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව නොපැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත්කර නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විචාරකයින් පවසන්නේ පෙබරවාරි මාසයේ ආරම්භ වූ යුක්රේන රුසියා යුද්ධය හේතුවෙන් රුසියා ජනාධිපතිවරයා මෙවැනි තීරණයක් ගෙන ඇති බවයි. දෙදහස වසරේ සිට බලයේ සිටින පුටින් ජනාධිපතිවරයා ඔහුගේ සෑම පාලන වසරකම දෙසැම්බර් මාසයේ දී මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වනු ලබනවා. රුසියා ජනාධිපතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකට පෙනී නොසිටින පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තව කියවන්​න

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවට සැලකිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ. මේ අතර අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තව කියවන්​න

අද දින සිට ක්‍රියාත්මක වන බස් ගාස්තු අඩු කිරීම සම්ප්‍රධානුකූලව ක්‍රියාත්මක වීමට හැකියාවක් නොමැති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය නිර්නායක සහ සටහන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බස් රථවලට ලබා දීමට කටයුතුකර නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ . ඒ හේතුවෙන් අද දිනයේදී මෙම බස් ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක නොවන බවත් ප්‍රශ්න ඇතිකර නොගන්නා ලෙසත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස අද දින දිවුරුම්දීමට නියමිතව තිබෙනවා . නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වනදායින් අවසන් වීම හේතුවෙන් නීතිපති ධුරය පුරප්පාඩු වී පැවැතුණා . ඒ අනුව, ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරිමට පියවර ගෙන තිබෙනවා . ඒ මහතා නීතිපති ධුරයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ඉදිරියේ දී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට නියමිතයි . පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ. ඒ. පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු ද වනවා.

තව කියවන්​න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංස්තාව සඳහන් කර ඇත්තේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 344ක් වනවා. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 379ක් දක්වා රුපියල් 41කින් අඩුකිරීමටයි කටයුතු කර ඇත්තේ. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් රුපියල් 355 දක්වා අඩුකර තිබෙනවා. මේ අතර ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිල වෙනස්කර නොමැති අතර, ඒ…

තව කියවන්​න

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා. කොළඹ පෞද්ගලික රෝහලකදී ජීවිතක්ෂයට පත්වන විට 91 වැනි වියේ පසු වුණා. 2015 වසරේ සිට 2018 වසර දක්වා ඒ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ නිවාඩු අනුමත කර ගනිමින් පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා ඒ මහතා සම්බන්ධ නොවීමටයි කටයුතු කරනු ලැබුවේ.

තව කියවන්​න

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වනවා. පස්වන වරටත් මෙවර පැවැත්වෙන එල්.පී.එල් තරගාවලිය සඳහා කණ්ඩායම් 05ක් ක්‍රීඩා කිරීමටයි නියමිතව ඇත්තේ. තරගාවලිය සඳහා තරග 24ක් ඇතුලත් අතර, පළමු වටයේ තරග 20න් අනතුරුව අවසන් වටවේ තරග 04ක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව පළමු තරගය ලෙස අද කැන්ඩි ෆැල්කන් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතර තරගය මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

ස්ලෝවැකියාවේ දුම්රිය හරස් මාර්ගයකදී සීඝ්‍රගාමී දුම්රියක් බස් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුරින් තවත් පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලබා ඇති අතර,ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව වැඩි විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ පුද්ගලයන් 200 දෙනෙකු පමණ සිට ඇති අතර, බස් රථයේ 09 දෙනෙකු සිට තිබෙනවා. මෙම දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයේ ගැටීමත් සමග බස් රථය දෙකට කැඩී වෙන්ව ඇති අතර, එහිදී දුම්රිය එංජිම ගිනිගැනීමකට ලක්ව ඇති බව සඳහන්.

තව කියවන්​න

2024 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයෙන් එංගලන්ත කණ්ඩායම ලකුණු 68කින් පරාජයට පත් කරමින්. තරගය ආරම්භයට පෙර මෙන්ම තරගය පැවැත්වෙන අවස්ථාවේදී වර්ෂාවෙන් බාධා එල්ල වුවද නියමිත පන්දුවාර සංඛ්‍යාව අඩු නොකර ක්‍රීඩා කිරීමට ලබා දීමටයි තරග විනිසුරුවන් කටයුතු කළේ. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171 රැස් කළා. එහිදී නායක රෝහිත් ෂර්මා ලකුණු 57ක් සහ සූරියකුමාර් යාදව් ලකුණු 47ක් රැස් කිරීමටයි සමත් වුණේ. පන්දු යැවීමේදී ක්‍රිස් ජොර්ඩන් ලකුණු 37ට කඩුලු 03ක් බිද හෙලුවා. ඒ අනුව පිළිතුරු…

තව කියවන්​න