Author: accioAdmin

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ලබන 12 වැනිදා විරෝධතා ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසනවා. ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කලේ 12 වනදා දහවල් කෑම පැයේදි දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට මෙම විරෝදතාව පවත්වන බවයි. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වු ජාතික රෝහලේ වෘත්තිය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වනවිට උත්සාහ ගනිමින් සිටිනා බවයි කොළඹ පවතී මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ. එමෙන්ම සෞඛ්‍ය සේවකයන් සිදුකරනු ලබන වෘත්තිය සමිති ක්‍රියාමර්ගයකට මැදිහත්විමට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි උපුල් රෝහණ මහතා අවධාරණය කලේ.…

තව කියවන්​න

පොලිතීන් කවර කැබැල්ලක් ස්වරාලයේ සිරවීම හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකිවීමෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙක්. පොලිසිය සිදුකල වැටලීමකදී අදාළ පුද්ගලයා පළාගොස් ඇති අතර එම අවස්ථාවේ බිම ඇදවැටී සිහිසුන්ව තිබෙනවා. පසුව ඔහු රෝහල් ගත කර ඇති අතර එහිදී අනාවරන් වී ඇත්තේ සැකකරු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකල පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මත්ද්‍රව්‍ය අඩංගු පොලිතීන් කවර කැබැල්ලක් ස්වරාලයේ සිරවීම හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකිවීමෙන් අදාළ මරණය සිදුව ඇති බවයි.

තව කියවන්​න

ගැටමාන්න දකුණ කඳුගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ දෙදෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.සිංගප්පුලි මහතා විසින් අද මරණ දඬුවම නියම කර තිබෙනවා. මෙලෙස මරණ දඬුවම නියමව ඇත්තේ ගැටමාන්න, කඳුගොඩ ඉහළවත්තේ පදිංචිව සිටින 55 හැවිරිදි සහ 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුටයි. අදාළ පුද්ගලයින් විසින් 2004 වසරේ ඔක්තෝම්බර් 31 වැනිදා බෙලිඅත්ත, ගැටමාන්න දකුණ, කඳුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ අනුව බෙලිඅත්ත පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර නඩු පවරා තිබිණා . . එම නඩුව අද කැඳවූ අවස්ථාවේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් වරදකරුවන් වූ දෙදෙනාට මරණීය දණ්ඩනය නියම කෙරුනා.

තව කියවන්​න

තේ පානය කිරිමෙන් පසු ඇති වු යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර ප්‍රදේශයේ පාසලක ගුරුවරියන් හය දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ඔවුන් කලාන්තය , වමනය සහ හිස කැරකැවිල්ල යන රෝග ලක්ෂණ වලින් පෙලෙන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ. ගුරුවරියන් පිරිස අද විවේක කාලයේ තේ පානය කර ඇති අතර , එයින් පසු මෙම ආසාද්මිකතාවමතුව ඇති බව සඳහන්.

තව කියවන්​න

තමා ජනාධිපති ධුරය දැරූ සමයේ පදිංචිව සිටි කොළඹ, පැජට් පාරේ පිහිටි නිවස සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කරන ලද පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලා. පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඒ මහතා මේ පිළිබඳව සඳහන් කලේ. හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කලේ අදාළ නිවස සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලබාදීමට වසර 2 හමාරකට පෙර තමා එම නිවසෙන් පැමිණි බවයි.

තව කියවන්​න

විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද දහවල් විරෝධතාවක් සංවිධානය කර තිබුනා. සිසු ජන අයිතීන් උදෙසා සටන් කළ අන්තරේ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු මදුශාන් චන්ද්‍රජිත් ඇතුළු සිසු ක්‍රියාකාරිකයින් වහා නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාව දියත් කෙරුනේ. විවෘත විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් මෙය මෙහෙයවනු ලැබුවා.

තව කියවන්​න

වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇති වම්බටුවල මිනිසාට අහිතකර කෘමිනාශක පවතින බව අනාවරණ වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයනාංශය විසින් කරන ලද පර්යේෂණයකදීයි මේ පිලිබඳ අනාවරණය වී ඇත්තේ. එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර හා විද්‍යා තාක්ෂණ අධ්‍ය්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පියුම් ද ඒ අබේසුන්දර මහතා සඳහන් කර ඇත්තේ වෙළෙඳපොළෙන් ලබාගත් නැවුම් වම්බටු සාම්පලවලින් සියයට 23ක මිනිසාට අහිතකර කෘමිනාශක අවශේෂ තිබෙන බවයි . එබැවින් එළවළු සහ පලතුරු සිසිල් ජලයෙන් සෝදනවා වෙනුවට ඊට විනාකිරි හෝ ලුණු එකතුකර සේදීමෙන් මෙම පළිබෝධනාශක ඉවත් කිරීමේ හැකියාව පවතින බව සඳහන්. මෙහිදී එළවළු සහ පලතුරුවල පිටතින් ඇති පොත්ත ඉවත් කිරීම මගින් පහසුවෙන්ම විෂ රසායනිකයන්…

තව කියවන්​න

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” ග්‍රන්ථය අද දිනයේ එළිදැක්වීමට නියමිතයි. මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර අනුග්‍රහය සහිත පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු අත්දැකීමක් වීම  විශේෂත්වයක්.

තව කියවන්​න

පළාත් රාජ්‍ය සේවයේ පත්වීමක් දරන නිලධාරියෙකු මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දී ඇති බව සඳහන්. පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරණ නිලධාරියෙකු විසින් කරනු ලබන ඉල්ලීමක් අනූව මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීමට හැකි වන පරිදි 2020 වර්ෂයේ දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුනා. කොන්දේසී කිහිපයකට යටත්ව පත්වීම් බලධාරියෙකු විසින් අදාළ ස්ථාන මාරුවීම් ලබාදීමට එම චක්‍රලේඛයෙන් දැනුම් දී තිබේ. කෙසේවෙතත් වහාම ක්‍රියාත්මක වන පරිදි 2020 වර්ෂයේ ජනවාරි…

තව කියවන්​න

තෝරාගත් ගම්මාන 86ක තැඹිලි පැළ 45,000ක් වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ලංකාවේ තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳපොලේ නිර්මාණය වී ඇති අතර අන්තර්ජාතික වෙළෙඳපොලේ තැඹිලි පිළිබඳ ඒකාධිකාරිය ශ්‍රී ලංකාවට හිමිව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. මෙම වැඩසටහනට අනුව තැඹිලි පැල හා තාක්ෂණික දැනුම නොමිලයේ ලබා දීමට නියමිතයි.

තව කියවන්​න