- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
Author: accioAdmin
එළඹෙන යල කන්නයේ හෙක්ටාර 500ක කීරි සම්බා විශේෂ වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. වී අලෙවි මණ්ඩලය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා ගොවි භාරකාර අරමුදල එක්වයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. දැනට කීරි සම්බා වගා නොකරන ප්‍රදේශවල මෙම වගා කටයුතු සිදු කිරීම මෙහි විශේෂත්වයක්. ඒ අනුව හම්බන්තොට හා රත්නපුර යන දිස්ත්‍රික්වල උඩවලව කලාපයේ තෝරා ගත් කුඹුරු හෙක්ටාර 500 ක මෙම වගා කටයුතු සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ. ගොවීන්ට අවශ්‍ය බිත්තර වී ඇතුළු පහසුකම් නොමිලේම ලබාදීම මෙහි තවත් විශේෂත්වයක් වනවා.
”ඕපන් ආම්ස් ”නෞකාවේ ආධාර තොගය ගාසා තීරයට ගොඩබා තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර රැගෙන අදාළ නෞකාව සයිප්‍රසයෙන් පිටත් පිටත් වී තිබුනා. ඒ අනුව ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන ගිය පළමු නෞකාව මෙයයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ආහාර ද්‍රව්‍ය ගොඩබා ඇත්තේ තාවකාලිකව ඉදිකළ ජැටියක් ආධාරයෙන් බවයි. මෙම ආධාර තොගයට සහල්, පිටි, රනිල බෝග, ටින් කළ එළවළු ටොන් 200ක් ඇතුළත්.
2026 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට හිමිව තිබෙනවා. ඒ අනූව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2026 වසරේ පැවැත්වීමට නියමිත 20 -20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ. කණ්ඩායම් 20කගේ සහභාගීත්වයෙන් 2026 වසරේ 20 -20 ලෝක කුසලානය පැවැත්වීමට නියමිතයි.. තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් සෘජුව සුදුසුකම් ලබනවා.
ලබන 20 වනදා පාර්ලිමේන්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමගි ජනබලවේගය සෘජුවම සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. කොළඹ පැවතී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස පල කලා.
සංවර්ධන කටයුතු සදහා රජය ලබා දෙන මුදල් නිසි වෙල වැය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවටත් රටටත් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම නවීන කෘසි ආර්ථිකයන් ඇති කිරිමට කටයුතු කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග කොළඹ පදනම් ආයතනයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රම බලකාය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා.
ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් අභිලාශ කැඳවීම ඊයේ දිනයෙන් අවසන් කර තිබෙනවා. මේ සඳහා ආයෝජකයින් 14 දෙනෙකු ඉදිරිපත් වූ බවයි මුදල්, ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව ලාෆ් ලංකා සමාගම මෙන්ම සිංගප්පූරුව, ඉන්දියාව, මලයාසියාව ඇතුළු රටවල් කිහිපයක සමාගම් මෙම අභිලාෂය ඉදිරිපත් කර ඇති බව සඳහන්.
අම්බලන්ගොඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම්කර තිබෙනවා. අපකීර්තිදායක හැසිිරිම, අණට අකිකරුවිම, රාජකාරි පැහැර හැරිම යන චෝදනා යටතේ ඇල්පිටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්. මෙසේ වැඩ තහනම්කර ඇත්තේ පසුගිය 13වනදින වි.පී.එන්.ක්‍රියාකරු ලෙස සේවය කරන ලද කොස්තාපල්වරයාගේ සහ දුරකතන ක්‍රියාකරු ලෙස සේවය කරන ලද කොස්තාපල්වරයාගේයි. අම්බලන්‍ගොඩ පොනදුව පදිංචි සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත හෙවතත් සමන් කොල්ලා යන අයගේ නිවසට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ වෙඩි තැබිම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණ පනිවුඩය පිළිබඳව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා දැනුවත් නොකිරිම හේතුවෙන් මෙම වැඩ තහනම සිදුකර ඇති බවයි…
කැනඩාවේ ඔටාවා හිදී ඝාතනයට ලක්වූ ලාංකික පවුලේ සාමාජිකයින්ගේ අවසන් කටයුතු හෙට දිනයේ සිදුකිරීමට නියමිතයි. කැනඩාවේ බෞද්ධ කටයුතු කොංග්‍රසය විසින් මෙම කටයුතු සංවිධානය කර තිබෙනවා. එරට වෙලාවෙන් පස්වරු 01.00 එම කටයුතු සිදුකරන බවයි එම කොංග්‍රසය සඳහන් කර ඇත්තේ. එය බහු ආගමික, මහජනයා සඳහා විවෘත කටයුත්තක් ලෙස සංවිධානය කර තිබෙනවා. අවසන් කටයුතු සඳහා ප්‍රහාරයකට මුහුණ දුන් එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ද සහභාගීවීමට නියමිතයි..
උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයෙහි වැඩ බැලීම සඳහා වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කර තිබෙනවා උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් විදේශගතවීම හේතුවෙනුයි මෙම පත්කිරීම සිදු කර ඇත්තේ. ඒ අනුව මාර්තු මස 13 වන දින සිට උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයෙහි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කටයුතු කරනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ආ ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදුකර තිබෙනවා..
උතුරු පළාතේ සංවර්ධනයට හා ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව, චීනය හා ජපානය වැනි රටවල් රුපියල් මිලියන 4900 කට අධික මූල්‍යාධාර ලබා දීමට ඉදිරිපත් වී ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ එම උපකාර මෙරට සංවර්ධනය වෙනුවෙන් නිසියාකාරව යොදා ගත යතු බවයි. අදාළ මුදල් ලැබීම් පිළිබඳව ගිවිසුම් ඒ ඒ රට සමඟින් අත්සන් තබන බවයි සිය නිවේදනය මගින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















