Author: accioAdmin

”ඕපන් ආම්ස් ”නෞකාවේ ආධාර තොගය ගාසා තීරයට ගොඩබා තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර රැගෙන අදාළ නෞකාව සයිප්‍රසයෙන් පිටත් පිටත් වී තිබුනා. ඒ අනුව ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන ගිය පළමු නෞකාව මෙයයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ආහාර ද්‍රව්‍ය ගොඩබා ඇත්තේ තාවකාලිකව ඉදිකළ ජැටියක් ආධාරයෙන් බවයි. මෙම ආධාර තොගයට සහල්, පිටි, රනිල බෝග, ටින් කළ එළවළු ටොන් 200ක් ඇතුළත්.

තව කියවන්​න

2026 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට හිමිව තිබෙනවා. ඒ අනූව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2026 වසරේ පැවැත්වීමට නියමිත 20 -20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ. කණ්ඩායම් 20කගේ සහභාගීත්වයෙන් 2026 වසරේ 20 -20 ලෝක කුසලානය පැවැත්වීමට නියමිතයි.. තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් සෘජුව සුදුසුකම් ලබනවා.

තව කියවන්​න

ලබන 20 වනදා පාර්ලිමේන්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමගි ජනබලවේගය සෘජුවම සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. කොළඹ පැවතී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස පල කලා.

තව කියවන්​න

සංවර්ධන කටයුතු සදහා රජය ලබා දෙන මුදල් නිසි වෙල වැය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවටත් රටටත් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම නවීන කෘසි ආර්ථිකයන් ඇති කිරිමට කටයුතු කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග කොළඹ පදනම් ආයතනයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රම බලකාය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා.

තව කියවන්​න

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් අභිලාශ කැඳවීම ඊයේ දිනයෙන් අවසන් කර තිබෙනවා. මේ සඳහා ආයෝජකයින් 14 දෙනෙකු ඉදිරිපත් වූ බවයි මුදල්, ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව ලාෆ් ලංකා සමාගම මෙන්ම සිංගප්පූරුව, ඉන්දියාව, මලයාසියාව ඇතුළු රටවල් කිහිපයක සමාගම් මෙම අභිලාෂය ඉදිරිපත් කර ඇති බව සඳහන්.

තව කියවන්​න

අම්බලන්ගොඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම්කර තිබෙනවා. අපකීර්තිදායක හැසිිරිම, අණට අකිකරුවිම, රාජකාරි පැහැර හැරිම යන චෝදනා යටතේ ඇල්පිටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්. මෙසේ වැඩ තහනම්කර ඇත්තේ පසුගිය 13වනදින වි.පී.එන්.ක්‍රියාකරු ලෙස සේවය කරන ලද කොස්තාපල්වරයාගේ සහ දුරකතන ක්‍රියාකරු ලෙස සේවය කරන ලද කොස්තාපල්වරයාගේයි. අම්බලන්‍ගොඩ පොනදුව පදිංචි සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත හෙවතත් සමන් කොල්ලා යන අයගේ නිවසට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ වෙඩි තැබිම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණ පනිවුඩය පිළිබඳව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා දැනුවත් නොකිරිම හේතුවෙන් මෙම වැඩ තහනම සිදුකර ඇති බවයි…

තව කියවන්​න

කැනඩාවේ ඔටාවා හිදී ඝාතනයට ලක්වූ ලාංකික පවුලේ සාමාජිකයින්ගේ අවසන් කටයුතු හෙට දිනයේ සිදුකිරීමට නියමිතයි. කැනඩාවේ බෞද්ධ කටයුතු කොංග්‍රසය විසින් මෙම කටයුතු සංවිධානය කර තිබෙනවා. එරට ‍වෙලාවෙන් පස්වරු 01.00 එම කටයුතු සිදුකරන බවයි එම කොංග්‍රසය සඳහන් කර ඇත්තේ. එය බහු ආගමික, මහජනයා සඳහා විවෘත කටයුත්තක් ලෙස සංවිධානය කර තිබෙනවා. අවසන් කටයුතු සඳහා ප්‍රහාරයකට මුහුණ දුන් එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ද සහභාගීවීමට නියමිතයි..

තව කියවන්​න

උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයෙහි වැඩ බැලීම සඳහා වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කර තිබෙනවා උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් විදේශගතවීම හේතුවෙනුයි මෙම පත්කිරීම සිදු කර ඇත්තේ. ඒ අනුව මාර්තු මස 13 වන දින සිට උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයෙහි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කටයුතු කරනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ආ ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදුකර තිබෙනවා..

තව කියවන්​න

උතුරු පළාතේ සංවර්ධනයට හා ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව, චීනය හා ජපානය වැනි රටවල් රුපියල් මිලියන 4900 කට අධික මූල්‍යාධාර ලබා දීමට ඉදිරිපත් වී ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ එම උපකාර මෙරට සංවර්ධනය වෙනුවෙන් නිසියාකාරව යොදා ගත යතු බවයි. අදාළ මුදල් ලැබීම් පිළිබඳව ගිවිසුම් ඒ ඒ රට සමඟින් අත්සන් තබන බවයි සිය නිවේදනය මගින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා. මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබු අතර එය අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත්තේ. එම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේ වගඋත්තරකරුවන්ට නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසයි. ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැදවන ලෙසත් අධිකරණය නියෝග කළා. පෙත්සම්කාරිය කියා සිටින්නේ පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ…

තව කියවන්​න