- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
Author: accioAdmin
ගිනිකඳු අවදානමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ජනතාවට දැනුම්දී ඇති බවයි. මේ වනවිටත් ගිනි කඳු ආශ්‍රිතව ලාවා ගලායමින් පවතින බවයි සඳහන් . මීට පෙර ගිනි ගැනීමට ලක්වූ ග්‍රින්ඩාවික් නගරය ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක ලාවා ගලා යමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේ.
දේශපාලඥයන්ගේ මැදිහත් වීමකින් තොරව රටේ සංවර්ධන කටයුතු ඉදිරියට පවත්වාගෙන යා හැකි බවට ඇතැම් පාර්ශ්ව තුළ තිබූ විශ්වාසය තව දුරටත් වලංගු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටේ සංවර්ධන කටයුතු ජනතාවට වඩාත් ඵලදායි ලෙස ක්‍රියාවට නැංවීම සඳහා දේශපාලඥයා තුළ ඇති නායකත්වය අතිශය වැදගත් බවයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී අදහස් දවමින් අමාත්‍යවරයා මේ නව සඳහන් කලා. උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දිය සිට අනුරාධපුර දක්වා නවීකරණ කටයුතු හේතුවෙන් මතුව ඇති ගැටලු පිලිබඳ විසඳුම් ලබා දීම සඳහා යි අදාළ සාකච්ඡාව පවත්වා තිබුනේ. එහි දී දුම්රිය මාර්ගය පැවැති මට්ටමට වඩා අඩි දෙකක් පමණ නවීකරණයේ දී ඉහළ…
යාපනය සාට්ටි මුහුදේ දියනෑමට ගිය දැරියක් දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 11 ක් පමණ වන දැරියක් බවයි යාපනය පොලිසිය සදහන් කලේ. අදාල දැරියගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබෙනවා.
වලංගු වීසා බලපත්‍ර නොමැතිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට මහල් නිවාස සංකීර්ණයක සිදුකළ විශේෂ පරීක්ෂාවකදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එහිදී විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 358 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් පුද්ගලයින් 158 දෙනෙකුටම මැලේසියාවේ රැඳී සිටීම සඳහා වලංගු වීසා බලපත්‍ර තිබී නොමැති බවයි මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කලේ. අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 83 දෙනෙකු, කාන්තාවන් 54 දෙනෙකු, පිරිමි ළමුන් 08 දෙනෙකු සහ ගැහුණු ළමුන් තිදෙනෙකු සිටි බව සඳහන්.
මීරිගම , විල්වත්ත හා අඹේපුස්ස දුම්රිය ස්ථාන අතරදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. කොළඹ සිට රඹුක්න බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ. එලෙස මියගොස් ඇති පුද්ගලයා ගේ වයස අවුරුදු 62ක් පමණ වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති බවයි මීරිගම පොලීසිය සඳහන් කලේ.
ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව අදාළ නිර්දේශ ඇතුලත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති. මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ ප්‍රධානීන් එම කමිටුව හමුවට කැඳවා පසුගියදා සාකච්ඡා සිදු කරනු ලැබුවා.
වත්තල නගරයේ පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනයක් තුලදී සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකල පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස පහරකෑමට ලක්වී ඇත්තේ 24 හැවිරිදි මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර එම කාන්තාව මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව සඳහන්. දෙදෙනා අතර තිබු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සේවා ස්ථානයේ තිබු තිබු කතුරකින් සැකකාර සැමියා ඇයගේ ගෙල ප්‍රදේශයට පහරදී ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ. පසුව සැකකරු වත්තල පොලීසිය වෙත ඉදිරිපත්වී ඇති අතර එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පවතින වියළි කාලගුණ තත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ කෑගල්ල සහ කුරුණෑගල පවුල් තුන්දහසකට දැනටමත් පානීය ජල ගැටලු ඇති බවට වාර්තා වන බවයි. එමෙන්ම පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට 117 දුරකථන අංකය ඔස්සේ ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලට දැනුම්දීමේ අවස්තාව සලසා දී තිබෙනවා. වියළි කාළගුණයත් සමග ජල පරිභෝජනය සියයට 15කින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන්. ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි අනෝජා කලුආරචිචි මහත්මිය කියා සිටියේ, මේ වනවිට ජල සම්පාදන ක්‍රම 06කින් ජලය නිකුත් කරනු ලබන්නේ මුරක්‍රමයට බවයි. මේ අතර…
ගත වූ පැය 24 ක කාලය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 1067 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 984 දෙනෙකු හා අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 83 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. එමෙන්ම ඔවුන් ළඟ තිබී හොරොයින් ග්‍රෑම් 294 කට ආසන්න ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 270 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඊට අමතරව ගංජා පැල 672 ක් හා මත්පෙති 1615 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තාවන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තුකරුවන් දස දෙනෙකු මෙන්ම මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධ…
මදුරන්කුලිය විරුතොඩේ ප්‍රදේශයේදී ළිඳකට වැටී දියේ ගිලීමෙන් දැරියක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 06 හැවිරිදි දැරියකි. සිය නිවස අසල පිහිටි ළිඳෙන් පනිට්ටුවක් ආධාරයෙන් වතුර ගැනීමට යාමේදී ළිඳට වැටී ඇති බවයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ. සිද්දිය පිලිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මදුරන්කුලිය පොලීසිය විසින් සිදුකරනු ලබනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














