- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
Author: accioAdmin
අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල මේ වනවිට පැතිර යන වඳුරු උණ ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාත්‍යන්තර සෞඛ්‍ය නීතිය යටතේ ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම මෙයවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විදෙස් වාර්තා පවසන්නේ මෙම වසංගතය වැළඳීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 450 දෙනෙකු මිය ගොස් ඇති බවයි. මේ වන විට එම වසංගතය මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රදේශ පුරා ව්‍යාප්ත වී පවතිනවා. මෙහි නව ප්‍රභේදය කෙතරම් වේගයෙන් ව්‍යාප්ත වන්නේද යන්න සහ එහි ඉහළ මරණ අනුපාතය පිළිබඳව විද්‍යාඥයින් සැළකිලිමත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම වඳුරු උණ සම්ප්‍රේෂණයවන්නේ ලිංගික සබඳතා , ස්පර්ශය හා වෙනත් පුද්ගලයෙකු…
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 29ක් වාර්තා වී ඇති බවයි. එමෙන්ම ජූලි 31 වනදා සිට අගෝස්තු 12 දක්වා කාලය තුළ වාර්තා වූ මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 366ක් .
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා සම්බන්ධතාවය වර්ධනය කිරිමේ වැදගත් පියවරක් ලෙස වාර්ෂිකව සංවිධානය කරන මිත්‍රශක්ති යුධ අභ්‍යාසය ඊයේ ආරම්භ වුනා. එය ලබන 25 දින දක්වා මාදුරුඔය ප්‍රදේශයේදි පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ සඳහා සහභාගිවීමට නියමිත ඉන්දියානු යුධ හමුදාවේ භට පිරිස් ඊයේ මත්තල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා . මෙම යුධ අභ්‍යාසය සඳහා ඉන්දිය යුධ හමුදාව නියෝජනය කරමින් කර්නල් රවින්ද්‍ර ආලවට් ගේ නායකත්වය යටතේ නිලධාරින් 18 දෙදෙනෙකු සහ සෙසුනිලයින් 102 දෙනෙකු සහභාගී වනවා. එමෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ගජබා රෙජිමේන්තුව ප්‍රමුඛව නිලධාරින් 18 දෙනෙකු හා සෙසුනිළයින් 102 දෙනෙකු සහභාගි වීමට නියමිත බවයි යුධ හමුදාව සඳහන් කළේ.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මීට සුළු මොහොතකට පෙර ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
මල්වතු ඔය ද්‍රෝණියේ වැව් 100ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ සටහනක් ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂි ව්‍යාපෘති සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේයි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ අනුව අනුරාධපුර වැවි 37ක්, වව්නියාව වැව් 32ක්, හා මන්නාරම වැව් 31ක් ද වශයෙන් තෝරාගෙන මේ වනවිට එම කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ අනුව එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 573ක්, වව්නියාව දිස්ත්‍රික්කයට හා මන්නාරම දිස්ත්‍රික්ක වලට එක් දිස්ත්‍රික්කයකට රුපියල් මිලියන 496ක් බැගින් වැය කිරීමට නියමිතයි. .
මොරගහහේන වීදියගොඩ, දියකඩ මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොරි රථයක්මාර්ගයේ පෙරලි යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ලොරි රථයේ හිමිකරු වන 67 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු බිරිඳ සමග සිය ව්‍යාපාරික ස්ථානය කරා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා,
ජා-ඇල – මාකවිට ප්‍රදේශයේ පසුගිය දා සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින තරතුරයි අදාළ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇත්තේ. පසුගිය 06 වනදා රාත්‍රියේ යතුර පැදියකින් පැමිණ අයෙකු අදාළ වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබුනා. වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ කඩවත – මහර, ප්‍රදේශයේ පදිංචිව සිටි 43හැවිරිදි පුද්ගලයෙක්.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය හෙට දහවල් 12න් අවසන් වීමට නියමිතයි. මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට පුද්ගලයින් 32ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පිළිගත් දේශපාලන පක්ෂ පක්ෂ 16ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් ඒ අතර වන බවයි. ස්වාධීන අපේක්ෂකයින් ලෙස පුද්ගලයින් 15 දෙනෙකු ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අනිද්දා පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ලබන සිකුරාදා දිනයේ සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පුද්ගලික සමාගමක් විසින් මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමේ අවස්ථාව ද ලබාදී තිබෙනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෛ දක්වා මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම මගී යාත්‍රා සේවය පසුගිය මැයි මස 13 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද විවිධ හේතු නිසා එය කල්දමනු ලැබුවා.
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 51ක් වාර්තා වී ඇති බවයි. තවද ජූලි 31 වැනිදා සිට ඊයේ දක්වා ගතවූ කාලය තුළ මැතිවරණ පැමිණිලි 320ක් වාර්තා වූ බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














