- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
Author: accioAdmin
කිසිඳු දේශපාලන පක්ෂයක ස්ටිකර් හෝ පෝස්ටර් පෞද්ගලික බස් රථවල ප්‍රදර්ශනය නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. කෙසේවෙතත් දේශපාලන පක්ෂ රැස්වීම් සඳහා කුලී පදනම් මත බස් රථ ලබාදීම සිදු කරන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කලේ. කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
ආර්ථික අපහසුතා ඇති දරුවන්ට අධ්‍යාපනයට ශක්තියක් ලබාදීම සඳහා අරඹන ලද “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/25” සඳහා අයැදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව එම කාලය අප්‍රේල් මස 1 වැනිදා දක්වා දීර්ඝ කළ බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කලේ. 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. වැඩි විස්තර ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුවෙන් ලබාගත හැකි බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කලේ.
යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුල සැකකරුවන් 908 දෙනෙකු සහ සැකකාරියන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විවිධ ප්‍රදේශ වල සිදුකල වැටලීම් 926ක දීයි මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන් 7 දෙනෙකුගේ වත්කම් විමර්ෂණ කෙරෙන අතර 23 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට නියමිතයි..
ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නොතිබියදීත් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ලබාදී ඇති දේශපාලනඥයන්, ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා රාජ්‍ය බුද්ධි සේවයට දැනුම්දී තිබෙනවා. දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට අනවශ්‍ය ආකාරයට ලබාදී ඇති පොලිස් නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් නොමැති පුද්ගලයන්ට මේ ආකාරයට පොලිස් නිලධාරීන් පන්දහසකට ආසන්න පිරිසක් යොදවා සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. මේ තත්වය හේතුවෙන් පොලිසියේ සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ගේ බරපතළ හිඟයක් මතුව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හරක් කටාට අයත් ජංගම දුරකථන දෙකක්, විදේශ ගමන් බලපත්‍රයක් හා කුඩු සලිඳුට අයත් විදේශ ගමන් බලපත්‍රයක් අස්ථානගත වී ඇතැයි වාර්තාවනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබියදී මේවා අස්තානගතවී ඇති බවයි වාර්තාවන්නේ. ඒ අනුව ඒවා සෙවීම සඳහා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සහ පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. හරක් කටා සහ කුඩු සලිඳු මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් වීමෙන් අනතුරුව පසුගිය වසරේ මාර්තු 15 වැනි දා ඔවුන් දෙදෙනා මෙරටට රැගෙන එන අවස්ථාවේදී මෙම දුරකථන දෙක සහ ලියකියවිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු භාරයේ තිබී ඇති බව සඳහන්.
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත් වීම පිලිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමග සාකච්චා කර ඇතැයි වාර්තාවනවා. කෙසේවෙතත් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත් වීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 දෙනකුගේ අත්සන් සහිත ලේඛනයක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් විසිඑක් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව රාත්‍රී කාලයේ ඩෙල්‍ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි මෙම ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ. නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් විසිඑක් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන පැමිණ ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි. තවද මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා…
දකුණේ පාතාලය මර්දනය සඳහා කොළඹින් විශේෂ ප්‍රහාරක කණ්ඩායම් විස්සක් හෙට සිට දකුණට යැවීමට පොලිස්පතිවරයා නියෝග කර ඇති වාර්තාවනවා.. දකුණේ හිස ඔසවමින් තිබෙන පාතාල ක්‍රියාකාරකම් මැඬලීමට අසමත් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් එම පොලිසිවලින් ඉවත්කර කිරීමටද කටයුතු කර ඇති වැව සඳහන්. මේ අනුව දකුණේ අපරාධ මැඬලීමේ නව මෙහෙයුම අනුව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ඇතුළු ස්ථානාධිපතිවරුන් මාරුකර යැවීමටද තීරණය කර තිබෙනවා. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා වහාම මාරුකර ඒ වෙනුවට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි මහේෂ් සේනාරත්න මහතා දකුණු පළාතට අනුයුක්ත කර යැවීමට තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.
වැල්ලවාය සපුගොඩ රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර 10කට වැඩි ප්‍රදේශයක් විනාශයට පත්ව තිබෙනවා. වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ පිහිටා ඇති සපුගොඩ කඳු රක්ෂිතයේ ගින්න හටගෙන තිබෙන්නේ ඊයේ පස්වරුවේයි. ගින්න පැය කිහිපයක් තුළ ශීඝ්‍රයෙන් පැතිර යාමත් සමඟ රක්ෂිතයේ අක්කර 10කට වැඩි භූමි ප්‍රදේශයක් විනාශයට පත්ව තිබෙනවා. වැල්ලවාය වන රක්ෂණ කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ගින්න නිවා දැමීමට කටයුතු කෙරුණු අතර පවතින වියළි කාලගුණයත් සමඟ යළිත් ගින්න පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව සඳහන්.
පේරාදෙණිය, යහලතැන්න ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයකු මිය ගොස් 37 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ගැනීමට, පන්ඩලුඔය ප්‍රදේශයේ සිට බැතිමතුන් පිරිසක් ගෙන යමින් සිටි බස්රතයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. අදාළ බස් රථය කාර්මික දෝෂයකට ලක් වී මාර්ගයෙන් ඉවතට පැන, ගසක හැපීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හාල්පොළ, පුඩළුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පුද්ගලයෙක්. පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















