Author: accioAdmin

බ්‍රසීලයේ සිට ඩුබායි හරහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත කොකේන් මත්ද්‍රව්‍ය රැගෙන ආ මගියෙකු සැකපිට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කලේ වෙනිසියුලානු ජාතිකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. අදාළ මගියාගේ සිරුර ස්කෑන් කිරීමේදී මත්ද්‍රව්‍ය සඟවාගෙන සිටින අයුරු හෙළි වී ඇති බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය ගුලි ලෙස ගිලගත් බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 132ක් බර කොකේන් අඩංගු කරල් 12ක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වී ඇති අතර තවදුරටත් මත්ද්‍රව්‍ය අඩංගු ගුලි සොයා ගැනීම ක්‍රියාත්මක බවයි ඒ මහතා සඳහන් කළේ. වැඩිදුර විමර්ශන සඳහා…

තව කියවන්​න

පුත්තලම, නබඩවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකුගේ රුපියල් කෝටි 10ක් පමණ වටිනා දේපොළ දින 7ක් සඳහා ක්‍රියාවිරහිත කර තිබෙනවා. එම ජාවාරම්කරු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඈති අතර එබැවින් මෙලෙස අදාල පුද්ගලයාගේ දේපල ක්‍රියා විරහිත කාර ඇති බවයි පොලිසිය සඳහන් කලේ. ඒ අනුව සැකකරු උපයාගත් දේපොළ සම්බන්ධයෙන් විමර්ශන කර, අයථා ලෙස උපයාගත් බවට සැකකෙරෙන ලොරි රථයක්, වෑන් රථයක්, කුඹුරු ඉඩම් 3ක්, ගොඩ ඉඩම් දෙකක්, ක්‍රියාවිරහිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

සමගි ජන බලවේගයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති යෝජනා හරහා පාර්ලිමේන්තුවේ කාලය වැයකර මහජන මුදල් නාස්ති කිරීමට එරෙහිව මෙලෙස ඔවුන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවයි. මේ සදහා අවශ්‍ය යෝජනාව එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි වැලිමඩ, කැප්පෙටිපොළ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. වොයිස් කට් – චාමර සම්පත්

තව කියවන්​න

අවුරුදු 14ත් 16ත් අතර වයසේ පසුවන ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමඟ ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් ඊට ලබාදෙන දඬුවම ලිහිල් කිරීමට අදාළව ගෙන ආ නීති සංශෝධනය ඉවත් කරගන්නා බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පල කලා.

තව කියවන්​න

ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පිටවාන් ඇළක තිබි නාදුනන පිරිමි මළසිරුරක් හමුවී තිබෙනවා. ඇල්පිටිය පොලිසිය පවසන්නේ අදාළ මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී එය අදුනා ගැනීමට අපහසු වන ලෙස ඉදිමී නරක්වී තිබූ බවයි. මෙය ඝාතනයක් ද නොඑසේනම් සිය දිවි නසා ගැනීමක් ද වෙනත් අනතුරකින් මිය ගියේදැයි යන්න සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

ලබන කන්නයේ සිට ගොවීන්ට මහ පාරේ වී වේලීම තහනම් කර තිබෙනවා. මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කේ.අකිලේන්ද්‍රන් මහතා මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ලිපියක් ඉදිරිපත් කරමින් මේ පිලිබඳ දැනුම් දී ඇති බව සඳහන්. ගොවීන් වී වේලීම සඳහා මාර්ග භාවිත කිරීම තුලින් රථ වාහන අනතුරු බහුල වන බවයි ඒ මහතා පෙන්වා දී ඇත්තේ. මේ හේතුවෙන් මෙම කන්නයේ දී පමණක් උතුරු පළාත් තුළ පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි සිය ලිපිය මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ. එමෙන්ම අධික රස්නය හේතුවෙන් මහපාරේ තාර විශේෂ රත් වී මිනිස් සිරුරට අහිතකර කැඩ්මියම් ඇතුළු තවත් රසායන ද්‍රව්‍ය කීපයක් වී සමග…

තව කියවන්​න

කොළඹ නගරය තුල අවදානම් ඉදිකිරීම් 150 පමණ හඳුනාගෙන තිබෙනවා. කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කලේ මේ පිළිබඳ ලේඛනගත කර අවසන් බවයි. එමෙන්ම ඒවා ඉවත් කරන ලෙස අදාළ හිමිකරුවන්ව දැනුවත් කර ඇති බවද කොමසාරිස්වරිය සඳහන් කලා.

තව කියවන්​න

අප්‍රේල් මස මුල් සතියේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අනුබද්ධ වෘත්තීය සමිති 18ක් තීරණය කර තිබෙනවා. තමන් විසින් දිගින්දිගට සිදු කල ඉල්ලීම්වලට සාධනීය පිළිතුරක් රජය මෙතෙක් ලබානොදීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි එම සංගමය පවසන්නේ. විභාග දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරි වෘත්තීය සමිතිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා. ජීවන වියදම සලකා බලා කෙටි කාලීනව සාධාරණ දීමනාවක් ලබාදෙන ලෙසත්, කළමනාකරණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය කොමිෂන් සභාව විසින් ගන්නා අත්තනෝමතික තීරණවලට විරෝධය දක්වමින් එම ආයතනවල නිසි ප්‍රතිසංස්කරණයන් සිදුකරන ලෙස රජයට බලකරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතයි. මාර්තු 31 වන දා වනවිට මීට අදාළ විසඳුම් යෝජනා කැබිනට්…

තව කියවන්​න

කාන්තාවන් සඳහා වූ විශේෂිත කොමිසමක් ඇතුළත් කාන්තා අයිතිවාසිකම් පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කාන්තා දින වැඩසටහනකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු කාන්තාවන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට රජය උපරිම උත්සාහ ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කලේ. ඉතිහාසයේ පළමු වරටයි කාන්තා අයිතිවාසිකම් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත්තේ.

තව කියවන්​න

පොලිතීන් බෑග් නොගන්නා රෙදිපිළි පාරිභෝගිකයන්ටත් මුළු බිලෙන් සියයට එකක වට්ටමක් දෙන ලෙස පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව දිවයිනේ ප්‍රධාන පෙළේ රෙදිපිළි අලෙවි ආයතනවලට අද නිර්දේශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කාරක සභාවේ සභාපතිපාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් දැනුම් දෙන බව එම ආයතන කාරක සභාවට දැනුම් දුන් බවයි. මේ අතර පොලිතින් බෑග් නොගන්නා පාරිභෝගිකයන්ට රුපියල් පහක වට්ටමක් ලබාදීමට සුපිරි වෙළෙඳසල් හිමිකරුවෝ එම කාරක සභාව හමුවේ එකඟ වී තිබෙනවා. මේ අතර ප්ලාස්ටික් බෝතල් වලට කිව්.ආර් කේතයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසර අධිකාරියේ ප්‍රධානීන් සහ වතුර සහ බීම…

තව කියවන්​න