- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
Author: accioAdmin
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කෙන්යාවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඊට සමගාමීව නයිරෝබි අගනුවරදී විරෝධතාවක්ද සංවිධානය කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සිය වැටුප් ඉහළ දමන ලෙස සහ යහපත් සේවා පසුබිමක් සකසා දෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ. විරෝධතාව සඳහා වෛද්‍ය වෘත්තිකයින් 7,000කට අධික පිරිසක් එක්ව සිටින අතර මේ හේතුවෙන් ඇතැම් රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා අඩපණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වන විට ආණ්ඩුව විසින් ඉතා ඉක්මනින් එකසිය හැට සහ හැටපහ අනුපාතයට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සදහා සංශෝධන ගෙන ඒමට සුදානම්වන බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ මෙය ජනාධිපවරයා පත්කළ මැතිවරණ සංශෝධන කමිටුවෙන් හෝ දේශපාලන පක්ෂවලින් පැමිණි අදහසක් නොවන බවයි. මෙය පුද්ගලයන් කිහිපදෙනෙකුගේ වුවමනාවට ක්‍රියාතමක කිරීම සදහා සූදානම් වන දෙයක් වන බවයි ඒ මහතා සඳහන් කලේ. සමානුපාතික ක්‍රමය ඉවත් කර මෙම ක්‍රමය ක්‍රියාත්මක කළහොත් විසිරැණු ඡන්ද පදනමක් ඇති කුඩා පක්ෂ සියල්ලම විනාශ වී ප්‍රධාන පක්ෂ දෙකක් මත පමනක් ඡන්ද දායකයින් රොක්වන බවයි හෙට්ටිආරච්චි මහතා පවසන්නේ. මොණරාගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් පැෆරල් සංවිධානයේ විධායක…
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට මැදින් පොහෝ දින ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ තිබෙනවා. නල්ලතන්නිය පොලිසිය සඳහන් කලේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වැඩි පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ පැමිණ ඇති බවයි. එසේ පැමිණි වැඩි වන්දනාකරුවන් පිරිසක් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කලේ. දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරිමට හැටන් ලංගම ඩිපෝවෙන් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබෙනවා.
තණමල්විල, බෝදාගම ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 52 හැවිරිදි දෙදරු පියෙක් . සිය ඉඩමට පැමිණි වන අලියා පලවා හැරීමට යාමේදී ඔහු මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
මෙරට ආර්ථික පිළිබඳ ඉදිරිපත්ව ඇති ඇතැම් සමීක්ෂණ වාර්තා, සහ විද්වත් මතයන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය දෙවැනි සමාලෝචනය සඳහා කාර්ය මණ්ඩල ඒකඟතාව පළ කිරීම මගින් නිසි පිළිතුරු ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. පළමු සමාලෝචනයෙන් අනතුරුව කාර්ය මණ්ඩල එකඟතාව ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට යම් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර යම් කාලයක් ද ඒ් සඳහා ගත වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එහෙත් මෙවර සමාලෝචනය අවසන් කිරීමේ දී ම ඊට කාර්ය මණ්ඩලය එකඟතාව පළ වීම ශ්‍රී ලංකාව ක්‍රමනාකූලව ස්ථාවර ආර්ථිකයක් කරා ගමන් කරන බවට ලබා දුන් සහතිකයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාව ලෝකය සමග එක්ව ලෝකයේ පිළිගත්…
‘පසම්’ සහ ‘ලතෝනි’ ගායනා ලෝක උරුමයක් බවට පත් කරන කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. කිතුණු ගායනා ශෛලියන් වන ‘පසම්’ සහ ‘ලතෝනි’ ගායනා ඇතුළත් ග්‍රන්ථයක් එළිදැක්වීම හා ඒවා අන්තර්ජාලය වෙත මුදා හැරීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරය මෙම අදහස් පල කලා. එසේම ‘පසම්’ හා ‘ලතෝනි’ ගායනා ක්‍රිස්තියානි දහම් පාසල් විෂයය නිර්දේශයට එකතු කර ඉදිරි පරම්පරාව වෙත පවරාදීමට ද කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේ.
ලොකු ලූනු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබෙනවා. මිල ඉහළ යාම පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යාමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත්තේ. පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දීය රජය විසින් ලොකු ලූනු අපනයනය තහනම් කරනු ලැබුවා. එම තහනම ලබන 31 වන දිනෙන් අවසන් වීමටයි නියමිතව තිබුනේ. ලොකු ලූනු අපනයනය තහනම් කිරීමත් සමග ඉන්දීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු මිල සීඝ්‍ර ලෙස පහත වැටුණු අතර ඉදිරි මැතිවරණය ඉලක්ක කරමින් මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් අපනයනය තවදුරටත් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති…
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හෙට දිනයේදී චීනයේ නිල සංචාරයක් සඳහා පිටව යාමට නියමිතයි. චීන අග්‍රාමාත්‍ය ලී චෑන්ගේ ආරාධනාවක් මත හෙට සිට ලබන 30 වනදා දක්වා අග්‍රාමාත්‍යවරයා එරට සංචාරයේ නිවතවන බවයි විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ලී ජියැන්ග් ප්‍රකාශ කළේය. දින 5 ක නිල සංචාරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීන ජනාධිපති ෂි ජින්පින් මුණගැසෙනු ඇති බවත් චීන අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා දෙරටට වැදගත්කමක් ඇති ද්වි පාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කලා. එහිදී චීනය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සාම්ප්‍රදායික මිතුදම ශක්තිමත් කර ගැනීම සම්බන්ධවත් දෙරට අතර සහයෝගිතාව සහ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තර…
මෙම මාසයේ අවසන් දින 20 තුළ පමණක් කැළෑ ගිනි තැබීම් 57ක් වාර්තා වී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ලෝක කාලගුණ විද්‍යා දිනය නිමිත්තෙන් කොළඹ පැවති උත්සවයකට එක්වෙමින අමාත්‍යවරයා මේ බව සඳහන් කලා. පෙබරවාරි මස ආරම්භයේ සිට දින 50ක් වැනි කෙටි කාලයක් තුළ අධික උෂ්ණත්වය නිසා මහා වැව් 80ක්, මධ්‍යම ප්‍රමාණයේ වැව් 700ක් සහ කුඩා වැව් 30,000ක ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කලේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ රහසිගත සාක්ෂියක් ලබා දීමට තමන් සුදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. අද විශේෂ මාධ්‍ය හමුවක් කැදවා හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් කවුරුද්දැයි තමන් දන්නා බවට මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ මහනුවරදී ප්‍රකාශ කර තිබුණා. අදාළ ප්‍රකාශය සිදුකළේ මීට සති කිහිපයකට පෙර තමන්ට ලැබුණු තොරතුරකට අනුව බවයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කළේ. වොයිස් කට් – මෛත්‍රිපාල මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොණු කර තිබෙනවා. වොයිස් කට් – කාවින්ද ජයවර්ධන
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















