Author: accioAdmin

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ බෙයිජිං අගනුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී තිබෙනවා. එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී එම හමුව ඊයේ සිදුවුනා. පැමිණ සිටි පිරිස සමග සුහද සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේ මාතෘභූමියේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ සේවය ලබාදෙන ලෙසයි. හයිනාන් පළාතේ පැවැත්වෙන බෝආඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුවට සහභාගි වීම සඳහා චීනයට පැමිණි අගමැතිවරයා පස්දින නිල සංචාරයක නිරත වනු ඇත.

තව කියවන්​න

ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මින් පෙර අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබුනා. එහෙත් එම සංශෝධන මගින් පනතේ වගන්ති වැඩි සංඛ්‍යාවක් සංශෝධනය කිරීමට සිදුවන බැවින් පොදු මහජනතාවගේ පහසු අවබෝධය සඳහා දැනට බලාත්මක පනත පණිච්ඡින්න කර අදාල සියලු සංශෝධන ඇතුළත් කරමින් එම පනතේ වත්මන් නාමය යටතේම නව පනතක් පැනවීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බවයි රජය සඳහන් කලේ. ඒ අනුව කටයුතු…

තව කියවන්​න

ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් එච්. එම්. එස්. බී. මැදිවත්ත මහතා සඳහන් කලේ එකඟ වූ පරිදි නිල ඇඳුම් දීමනාව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි. මාර්තු මාසයේ සිට හෙද කාර්ය මණ්ඩල නිල ඇඳුම් දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කරන බවට මීට පෙර රජය පොරොන්දු වූ බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

සත්ව ජාවාරමේ යෙදුණු යුවලක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ව නිරෝධායන ආයතනයේ නිලධාරින් හා රේගුවේ නිලධාරින් සිදුකල වටලිමකදියි මෙම අත්අඩංගුවට ගෙන ඇත්තේ. තායිලන්තයේ සිට සතුන් 88දෙනෙකු මෙලෙස නීතිවිරෝධී ලෙස ඔවුන් දෙදෙනා මෙරටට රැගෙනවිත් තිබෙනවා. අදාළ සැකකරුවන් අවිස්සාවේල්ල හා පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි වාර්තාවන්නේ.

තව කියවන්​න

පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්දයෙන් පැය 48ක් තුල අපරාධ අරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන්නයි නියෝග කර තිබෙනවා. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කලේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව එහි ඉදිරි විමර්ශන් කටයුතු සිදු කෙරෙන බවයි. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ ඔහු අත්අඩංගුවට ගන්නයි විවිධ පාර්ශව සිදුකරන ඉල්ලීම පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී පොලිස්පතිවරයාගෙන් විමසා සිටියා. ඊට පිලිතුරු දුන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ අතර පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ අදහස් දැක්වීම පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසිය වෙත දැනුම්දී තිබෙනවා.

තව කියවන්​න

පාස්කු ප්‍රහාරකයන් පිළිබදව සත්‍ය දන්නේ නම් වහාම එය රටට හෙළි කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂනායකවරයා සඳහන් කරන්නේ තම රජයක් යටතේ මෙයට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය හමුවට ගෙනවිත් උපරිම දඩුවම් ලබා දෙන බවයි. ලුණුගම්වෙහෙර අභයපුර කණ්ෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකවරයා මෙම අදහස් පල කලා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්දයෙන් අද දිනයේදී ද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පල වුනා.

තව කියවන්​න

මව්කිරි සිරවීම හේතුවෙන් දින විසිඅටක් වයසැති බිලිඳියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මව් කිරි බොමින් සිටියදී අදාළ බිලිඳිය හදිසියේ ඇති වූ කැස්සක් සමග මලානික වී ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව වහාම ඇය යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විට දැරිය මියගොස් සිටි බවයි රෝහලේ ආරංචි මාර්ග සඳහන් කලේ. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව මියගිය දැරියගේ දේහය ඥාතීන් වෙත බාර දීමට කොකුවිල් පොලීසිය පියවර ගෙන තිබෙනවා

තව කියවන්​න

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කලේ කිලෝ 1ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින් පහළ දැමීමට තීරණය කර ඇති බවයි. එසේම ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් පහළ දැමීමට ද තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් තුළින් පමණක් බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ. “යුනයිටඩ් යුත් තරුණ එකමුතුව” විසින් “තරුණ අපේ අනාගතය” මැයෙන් ඊයේ පොළොන්නරුවේ දී සංවිධානය කර තිබූ සුහද කථා බහට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කලේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳි පීඩාවන් මතු පරපුරට උරුමවීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවයි. රජය සිදුකරමින් සිටින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි ප්‍රතිලාභ තවත් වසර කිහිපයකින් ජනතාවට ලැබෙනු ඇති බවද ජනාධිපතිවරයා…

තව කියවන්​න

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කෙන්යාවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඊට සමගාමීව නයිරෝබි අගනුවරදී විරෝධතාවක්ද සංවිධානය කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සිය වැටුප් ඉහළ දමන ලෙස සහ යහපත් සේවා පසුබිමක් සකසා දෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ. විරෝධතාව සඳහා වෛද්‍ය වෘත්තිකයින් 7,000කට අධික පිරිසක් එක්ව සිටින අතර මේ හේතුවෙන් ඇතැම් රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා අඩපණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තව කියවන්​න