- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
Author: accioAdmin
පෞද්ගලික අධ්‍යාපන ආයතනයක සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිසුවියන් හය දෙනෙකු සහ සිසුන් හතර දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මෙම ගැටුම ඇතිවී ඇත්තේ කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක බවයි වාර්තාවන්නේ. අධ්‍යාපන ආයතනය බාරව සිටින පුද්ගලයා මේ සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසියට පැමිණිලි කර ඇති බවද සඳහන්. මෙම පෞද්ගලික අධ්‍යාපන ආයතනය රජයේ ලියාපදිංචි කරන ලද එකක් වන අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ සිසු සිසුවියන්ට එහි නේවාසිකව අධ්‍යාපනය ලබා දෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවක් මත හටගත් බව කියන ආරාවුලක් දුර දිග යෑම මෙම ගැටුමට හේතු වී ඇති බවයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ බෙයිජිං අගනුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී තිබෙනවා. එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී එම හමුව ඊයේ සිදුවුනා. පැමිණ සිටි පිරිස සමග සුහද සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේ මාතෘභූමියේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ සේවය ලබාදෙන ලෙසයි. හයිනාන් පළාතේ පැවැත්වෙන බෝආඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුවට සහභාගි වීම සඳහා චීනයට පැමිණි අගමැතිවරයා පස්දින නිල සංචාරයක නිරත වනු ඇත.
ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මින් පෙර අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබුනා. එහෙත් එම සංශෝධන මගින් පනතේ වගන්ති වැඩි සංඛ්‍යාවක් සංශෝධනය කිරීමට සිදුවන බැවින් පොදු මහජනතාවගේ පහසු අවබෝධය සඳහා දැනට බලාත්මක පනත පණිච්ඡින්න කර අදාල සියලු සංශෝධන ඇතුළත් කරමින් එම පනතේ වත්මන් නාමය යටතේම නව පනතක් පැනවීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බවයි රජය සඳහන් කලේ. ඒ අනුව කටයුතු…
ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් එච්. එම්. එස්. බී. මැදිවත්ත මහතා සඳහන් කලේ එකඟ වූ පරිදි නිල ඇඳුම් දීමනාව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි. මාර්තු මාසයේ සිට හෙද කාර්ය මණ්ඩල නිල ඇඳුම් දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කරන බවට මීට පෙර රජය පොරොන්දු වූ බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.
සත්ව ජාවාරමේ යෙදුණු යුවලක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ව නිරෝධායන ආයතනයේ නිලධාරින් හා රේගුවේ නිලධාරින් සිදුකල වටලිමකදියි මෙම අත්අඩංගුවට ගෙන ඇත්තේ. තායිලන්තයේ සිට සතුන් 88දෙනෙකු මෙලෙස නීතිවිරෝධී ලෙස ඔවුන් දෙදෙනා මෙරටට රැගෙනවිත් තිබෙනවා. අදාළ සැකකරුවන් අවිස්සාවේල්ල හා පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි වාර්තාවන්නේ.
පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්දයෙන් පැය 48ක් තුල අපරාධ අරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන්නයි නියෝග කර තිබෙනවා. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කලේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව එහි ඉදිරි විමර්ශන් කටයුතු සිදු කෙරෙන බවයි. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ ඔහු අත්අඩංගුවට ගන්නයි විවිධ පාර්ශව සිදුකරන ඉල්ලීම පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී පොලිස්පතිවරයාගෙන් විමසා සිටියා. ඊට පිලිතුරු දුන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ අතර පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ අදහස් දැක්වීම පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසිය වෙත දැනුම්දී තිබෙනවා.
පාස්කු ප්‍රහාරකයන් පිළිබදව සත්‍ය දන්නේ නම් වහාම එය රටට හෙළි කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂනායකවරයා සඳහන් කරන්නේ තම රජයක් යටතේ මෙයට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය හමුවට ගෙනවිත් උපරිම දඩුවම් ලබා දෙන බවයි. ලුණුගම්වෙහෙර අභයපුර කණ්ෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකවරයා මෙම අදහස් පල කලා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්දයෙන් අද දිනයේදී ද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පල වුනා.
මව්කිරි සිරවීම හේතුවෙන් දින විසිඅටක් වයසැති බිලිඳියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මව් කිරි බොමින් සිටියදී අදාළ බිලිඳිය හදිසියේ ඇති වූ කැස්සක් සමග මලානික වී ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව වහාම ඇය යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විට දැරිය මියගොස් සිටි බවයි රෝහලේ ආරංචි මාර්ග සඳහන් කලේ. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව මියගිය දැරියගේ දේහය ඥාතීන් වෙත බාර දීමට කොකුවිල් පොලීසිය පියවර ගෙන තිබෙනවා
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කලේ කිලෝ 1ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින් පහළ දැමීමට තීරණය කර ඇති බවයි. එසේම ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් පහළ දැමීමට ද තීරණය කර තිබෙනවා.
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් තුළින් පමණක් බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ. “යුනයිටඩ් යුත් තරුණ එකමුතුව” විසින් “තරුණ අපේ අනාගතය” මැයෙන් ඊයේ පොළොන්නරුවේ දී සංවිධානය කර තිබූ සුහද කථා බහට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කලේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳි පීඩාවන් මතු පරපුරට උරුමවීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවයි. රජය සිදුකරමින් සිටින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි ප්‍රතිලාභ තවත් වසර කිහිපයකින් ජනතාවට ලැබෙනු ඇති බවද ජනාධිපතිවරයා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















