- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
Author: accioAdmin
මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනා ලබාසිටි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය මගින් පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබෙනවා. මීට වසර 16 කට පෙර කොළඹ, බණ්ඩාරනායක පුර ප්‍රදේශයේදී මවක් සහ පුත්‍රයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු පුද්ගලයකුට කොළඹ මහාධිකරණය මගින් පනවා තිබූ මරණීය දණ්ඩනයයි අභියාචනාධිකරණය විසින් මෙලෙස තහවුරු කර ඇත්තේ. එම දඬුවමින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කළ ඇපෑලක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මියගේ එකඟත්වය සහිතව විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.
වතුකම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීම මත සිදුවන බවයි. ඊයේ පැවති වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිකිරීමට අදාළව සාකච්ඡාවකට සහභාගී වෙමින් අමත්‍යවරයා මෙම අදහස් පල කලා.
ආනයනික සහල් සහ බී ලූණු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ ඊයේ රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකිරීමට කටයුතු කළද , ඒ හේතුවෙන් වී ගොවීන්ට කිසිදු බලපෑමක් ඇති නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඉන්දියාව ලොකු ලූණු අපනයනය නතර කිරීම හේතුවෙන් ඒවායේ මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහල ගොස් ඇති බවයි. ඒ අනුව ලොකු ලූණු වලට වඩාත්ම සුදුසු ආදේශකයක් වන රෝස ලූණු සඳහා පනවා තිබූ කිලෝවට රුපියල් 80 ක බද්ද ඒ අනුව රුපියල් 10 දක්වා අඩු කිරීමට පියවර ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කලේ. එසේම ආනයනික සහල් සඳහා පනවා තිබූ කිලෝවට රුපියල් 65 ක්වූ විශේෂ…
යුක්ති මෙහෙයුම යටතේ ලේඛනගත පාතාල අපරාධකරුවන් 10 කු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ මෙහෙයුම් නිලධාරීන් සඳහන් කරන්නේ මෙම අලුතින් පිහිටුවන ලද කණ්ඩායම් 20 මගින් මේවනවිට ලේඛනගත පාතාල අපරාධකරුවන් 446 දෙනෙකු අතරින් අපරාධකරුවන් 80 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙලෙස අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් 80 දෙනා අතරින් සැකකරුවන් 53 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා යලි දිවයිනට පැමිණ තිබෙනවා. අද දිනයේ පැවැත්වීමට නියමිත සරසවි සම්මාන උළෙලට සහභාගී වීම සඳහා ඔහු දිවයිනට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ. උද්දික ප්‍රේමරත්න මහතා මීට සති කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී කැනඩාව බලා පිටව ගිය අතර එය මහත් ආන්දෝලනයට ලක්වූ කරුණක්. උද්දික ප්‍රේමරත්න මහතා කැනඩාවේ දේශපාලන සරණාගතභාවය සඳහා ඉල්ලීම් කර ඇතැයි ඒ දිනවල පළවූ ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වුවද ඔහු විසින් එය තරයේ ප්‍රතික්ෂේප කර තිබුණා.
යුක්තිය මෙහෙයුම හේතුවෙන් මත්ද්‍රව්‍ය හිඟවීමත් සමග ඒ වෙනුවට භාවිත කළ හැකි ද්‍රව්‍ය ඖෂධ සැල්වලින් ලබා ගැනීමට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් යොමුවී ඇතැයි වර්තාවනවා . ඒ හේතුවෙන් එවැනි ද්‍රව්‍ය නිකුත් කරන ඖෂධ සැල් වැටලීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඒ සම්බන්ධ නීතියට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් අත්සන් තබා ඇති බවයි. ඒ අනුව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයස අවුරුදු 14 ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය ගිණුම් තිබීම නීතියෙන් තහනම් වනවා. එමෙන්ම අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා දැනට පවතින සමාජ මාධ්‍ය ගිණුම් මාකා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
මේ වසර අවසන් වීමට පෙර කිසිදු වර්ගීකරණයකින් තොරව හතලිස් එක් ලක්ෂයක් වන සමස්ත පාසැල් දූ දරුවන්ටම පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට, තංගල්ල කොටවාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙනින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කලා.
කොට්ටාව හයිලේවල් මාර්ගයේ සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදෙසහ්යේම පදිංචිව සිටි 18 හැවිරිදි පාසල් සිසුවකු බව සඳහන්. ඔහු ගමන් ගත යතුරුපැදිය වෑන් රථයක සහ කැබ් රථයක ගැටීමේ හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විභාග කිරීම අවසන් කර නොමැතිව ගොඩගැසී තිබෙන පරීක්‍ෂණ අවසන් කර සහනයක් දීම සඳහා පොලිස්පතිවරයා පත්කර ඇති කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර තිබෙනවා. මෙම පරීක්‍ෂණ ප්‍රමාද වීම හේතුවෙන් විශ්‍රාම ලැබූ පොලිස් නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප ද, සක්‍රීය සේවයේ සිටින නිලධාරීන්ගේ උසස්වීම නතර වී ඇති බව සඳහන්. එම ප්‍රමාදයන්වලට පිළියමක් ලෙස මෙම කමිටුව පත්කර ඇති බවයි පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කලේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















