- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: accioAdmin
බලන්ගොඩ තොටුපොළ තැන්න ප්‍රදේශයේ ළිදකට වැටිමෙන් කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ බලන්ගොඩ තොටුපොළ තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු දෙකක පිරිමි දරුවෙක්. බලන්ගොඩ පොලිසිය පවසන්නේ අදාළ දරුවා අඩි තිහක් පමණ ගැඹුරු ළිඳකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මඩකලපුව – කල්මුණේ ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් රෝහල් ගත කර තිබෙනවා. කොළඹ සිට අක්කරේපත්තු දක්වා ධාවනය වූ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසල් කිහිපයක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ති බවයි පොලිසිය සඳහන් කලේ. එම අනතුර හේතුවෙන් බස් රථයේ රියදුරු ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කාත්තන්කුඩි සහ ආරයම්බති රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.
අග්බෝපුර 84 ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කන්තාවක් ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි 44 හැවිරිදි විවාහක කාන්තාවක් බව සඳහන්. අසල්වැසි නිවසේ පුද්ගලයා සමග ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පගර දීම සිදුව තිබෙනවා. එම පහරදීමෙන් අදාළ කාන්තාවගේ බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි. ඩාර්ලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී එම හමුව අද පස්වරුවේ පැවැත්වෙනු ඇති. . මෙම සාකච්ඡාවට පක්ෂයේ මධ්‍ය කාරක සභා නියෝජිතයින්ට අමතරව විධායක සභාවේ නියෝජිතයින්ට, ආසන සංවිධායකවරුන්ට සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට සහභාගීවීමට දැනුම් දී ඇති බවයි පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ විකිරණ තාක්ෂණවේදින් ආරම්භ කළ වැඩවර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. රජයේ විකිරණ තාක්ෂණ වේදින්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ රෝහලේ අධ්‍යක්ෂකවරියගේ ක්‍රියාකලාපයට විරුද්ධව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවයි. අධ්‍යක්ෂවරිය විසින් විකිරණ තාක්ෂණ ඒකකයේ නිලධාරින්ට මාස 02 සිට අමතර සේවාවන්ට ගෙවීම් අනුමත නොකිරීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්.එම්. ඒ . එල් රත්නායක මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය මේ වසර අග ස්ථිරයින්ම පැවැත්විය යුතු බවයි. ජනාධිපතිවරණය සඳහා මේ වන විට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 1000 ක්. ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමේ කටයුතුද මේ වනවිට ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.
ඉදිරියේදී මෙරට පවතින පනත් 60කට ආසන්න සංඛ්‍යවක් වෙනස් කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුල තවමත් බලාත්මකව පවතින්නේ බ්‍රිත්යන්ය සමය තුල සම්මත කල අනපනත් බවයි. එමෙන්ම පාර්ලිමේන්තුවට ඉහලින් සෙනට් මණ්ඩලයක් ඇති කල හැකි නව මැතිවරණ ක්‍රමයක් ගෙන එම කෙරෙහිදී සිය අවධානය යොමුව ඇති බවයි මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කලේ.
උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් ජගත් සංවිධානය ගෙන ආ යෝජනාව රුසියාව නිශේධ බලය භාවිතා කර ප්‍රතික්ෂේප කර තිබෙනවා. උතුරු කොරියාවට එරෙහිව ජගත් සංවිධානය විසින් 2006 වසරේ සිට සම්බාදක පනවා තිබුනා. එම සම්බාධක හරියාකාරව ක්‍රියාත්මක වන්නේ ද යන්න සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් හරහා අධීක්ෂණය කෙරෙනවා. එම කමිටුවේ බලය අප්‍රේල් 30 වනදායින් අවසන් වීමට නියමිතයි. ඒ අනුව එය දීර්ඝ කිරීම සඳහා ජගත් සංවිධානය ගෙන ආ යෝජනාවයි රුසියාව මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත්තේ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි හා බැලැස්ටික් මිසයිල වැඩසටහන් ඉලක්ක කර ගනිමින් ජගත් සංවිධානය එරටට සම්බාධක පනවා තිබෙනවා.
අනුරාධපුර එළිමහන් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පැවසුවේ එළිමහන් සිරකඳවුරේ ආපන ශාලාවේ සේවය කළ රැඳවියන් දෙදෙනකු දහවල් මෙලෙස පළාගොස් ඇති බවයි. ඉන් එක් අයෙකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර පදිංචිකරුවෙකු වන අතර අනෙක් රැඳවියා කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්. මෙලෙස පලාගොස් ඇත්තේ මාස 02ක සිරදඬුවමක් සහ මාස 6ක සිරදඬුවමක් නියමව තිබූ සිරකරුවන් දෙදෙනෙකු බවයි වාර්තාවන්නේ. පළාගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
විවිද ත්‍යාග ලබා දෙන බව පවසමින් හුවමාරු වන ව්‍යාජ පණිවුඩ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම සංගමය පවසන්නේ ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් මෙම වංචනික ක්‍රියාව සිදුවන බවයි. මෙම ව්‍යාජ පණිවුඩ හරහා ඕනැම අවස්ථාවක තම සංවේදී පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන්ට ලබා ගත හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, . එසේම එවැනි ව්‍යාජ පණිවුඩ හරහා අනිෂ්ඨ මුද්‍රකාංග සිය ජංගම දුරකතනයට ස්ථාපනය වීමක් සිදුවිය හැකි බවද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා. මීට අදාළව ලැබී ඇති පැමිණිලිවල ද ඉහළ යාමක් සිදුව ඇති බැවින් එවැනි පණිවුඩ විවෘත කිරිමට යාමෙන් වළකින ලෙසයි එම සංගමය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222