- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
Author: accioAdmin
මෙරට කාන්තාව වැඩි වශයෙන් හිංසාවට පත්වන්නේ නිවස තුලදී නොවන බව ජාතික ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව මගින් මෙරට කාන්තාව දැඩි ලෙස හිංසනයට පත් කර ඇති බවයි. ඊයේ කෑගල්ලේ පැවති කාන්තා සමුළුවේදී ඒ මහතා මේ බව සඳහන් කලා.
බලන්ගොඩ තොටුපොළ තැන්න ප්‍රදේශයේ ළිදකට වැටිමෙන් කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ බලන්ගොඩ තොටුපොළ තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු දෙකක පිරිමි දරුවෙක්. බලන්ගොඩ පොලිසිය පවසන්නේ අදාළ දරුවා අඩි තිහක් පමණ ගැඹුරු ළිඳකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මඩකලපුව – කල්මුණේ ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් රෝහල් ගත කර තිබෙනවා. කොළඹ සිට අක්කරේපත්තු දක්වා ධාවනය වූ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසල් කිහිපයක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ති බවයි පොලිසිය සඳහන් කලේ. එම අනතුර හේතුවෙන් බස් රථයේ රියදුරු ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කාත්තන්කුඩි සහ ආරයම්බති රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.
අග්බෝපුර 84 ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කන්තාවක් ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි 44 හැවිරිදි විවාහක කාන්තාවක් බව සඳහන්. අසල්වැසි නිවසේ පුද්ගලයා සමග ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පගර දීම සිදුව තිබෙනවා. එම පහරදීමෙන් අදාළ කාන්තාවගේ බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි. ඩාර්ලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී එම හමුව අද පස්වරුවේ පැවැත්වෙනු ඇති. . මෙම සාකච්ඡාවට පක්ෂයේ මධ්‍ය කාරක සභා නියෝජිතයින්ට අමතරව විධායක සභාවේ නියෝජිතයින්ට, ආසන සංවිධායකවරුන්ට සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට සහභාගීවීමට දැනුම් දී ඇති බවයි පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ විකිරණ තාක්ෂණවේදින් ආරම්භ කළ වැඩවර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. රජයේ විකිරණ තාක්ෂණ වේදින්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ රෝහලේ අධ්‍යක්ෂකවරියගේ ක්‍රියාකලාපයට විරුද්ධව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවයි. අධ්‍යක්ෂවරිය විසින් විකිරණ තාක්ෂණ ඒකකයේ නිලධාරින්ට මාස 02 සිට අමතර සේවාවන්ට ගෙවීම් අනුමත නොකිරීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්.එම්. ඒ . එල් රත්නායක මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය මේ වසර අග ස්ථිරයින්ම පැවැත්විය යුතු බවයි. ජනාධිපතිවරණය සඳහා මේ වන විට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 1000 ක්. ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමේ කටයුතුද මේ වනවිට ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.
ඉදිරියේදී මෙරට පවතින පනත් 60කට ආසන්න සංඛ්‍යවක් වෙනස් කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුල තවමත් බලාත්මකව පවතින්නේ බ්‍රිත්යන්ය සමය තුල සම්මත කල අනපනත් බවයි. එමෙන්ම පාර්ලිමේන්තුවට ඉහලින් සෙනට් මණ්ඩලයක් ඇති කල හැකි නව මැතිවරණ ක්‍රමයක් ගෙන එම කෙරෙහිදී සිය අවධානය යොමුව ඇති බවයි මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කලේ.
උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් ජගත් සංවිධානය ගෙන ආ යෝජනාව රුසියාව නිශේධ බලය භාවිතා කර ප්‍රතික්ෂේප කර තිබෙනවා. උතුරු කොරියාවට එරෙහිව ජගත් සංවිධානය විසින් 2006 වසරේ සිට සම්බාදක පනවා තිබුනා. එම සම්බාධක හරියාකාරව ක්‍රියාත්මක වන්නේ ද යන්න සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් හරහා අධීක්ෂණය කෙරෙනවා. එම කමිටුවේ බලය අප්‍රේල් 30 වනදායින් අවසන් වීමට නියමිතයි. ඒ අනුව එය දීර්ඝ කිරීම සඳහා ජගත් සංවිධානය ගෙන ආ යෝජනාවයි රුසියාව මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත්තේ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි හා බැලැස්ටික් මිසයිල වැඩසටහන් ඉලක්ක කර ගනිමින් ජගත් සංවිධානය එරටට සම්බාධක පනවා තිබෙනවා.
අනුරාධපුර එළිමහන් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පැවසුවේ එළිමහන් සිරකඳවුරේ ආපන ශාලාවේ සේවය කළ රැඳවියන් දෙදෙනකු දහවල් මෙලෙස පළාගොස් ඇති බවයි. ඉන් එක් අයෙකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර පදිංචිකරුවෙකු වන අතර අනෙක් රැඳවියා කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්. මෙලෙස පලාගොස් ඇත්තේ මාස 02ක සිරදඬුවමක් සහ මාස 6ක සිරදඬුවමක් නියමව තිබූ සිරකරුවන් දෙදෙනෙකු බවයි වාර්තාවන්නේ. පළාගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















