Author: accioAdmin

දෙහිවල ගුවන් පාලම මතදී මෝටර් රථයක් ගිනිගැනීමට ලක්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තාවන්නේ. එම අවස්ථාවේ මෝටර් රථයේ ගමන්කරමින් සිටි පුද්ගලයා ඉන් ඉවතට පැන දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා. ඒ අවස්ථාවේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ දෙකක් පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර මෝටර් රථයේ ඇතිවූ විදුලි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවයි සැක මතුව ඇත්තේ.

තව කියවන්​න

බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත මංසන්ධියට ආසන්නයේ පිහිටා ඇති අනවසර සම්බාහන මධ්‍යස්ථානයකට සේවා ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. බොරලැස්ගමුව පොලිසිය සඳහන් කලේ අදාළ පුද්ගලයා සම්බාහන මධ්‍යස්ථානය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ ඇරවල, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයකු බව සඳහන්. මෙම පුද්ගලයාට ඇති වු හෘදයාබාධ තත්වයක් මත ඔහු මියයන්නට ඇතැයි සැක කරන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි බොරලැස්ගමුව පොලීසිය සඳහන් කලේ.

තව කියවන්​න

අධික ලෙස මත්පැන් පානය කිරිමට හැකි පුද්ගලයා තේරිම සදහා පැවැත් වු තරගයක් අතරතුරදි ඉන් ජයග්‍රහණය කල පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ හැටන් ලෙදන්ටි වතුයායේ මාල්බ්‍රෝ කොටසේ පදිංචිව සිටි 39 හැවිරිදි තිදරු පියෙක්. එම වතුයායේ හින්දු කොවිලේ වාර්ෂික තේරු උත්සවය පසුගියදා පැවතී අතර එම උත්සවයට සහභාගි වු තරුණ පිරිසක් එක්ව වැඩිම මත්පැන් ප්‍රරමාණයක් පානය කරන පුද්ගලයා තේරිම සඳහා තරගයක් පවත්වා තිබෙනවා. එම තරගයට එම වතුයායේම පදිංචි පුද්ගලයන් තිදෙනෙකු ඉදිරිපත් වි ඇති අතර , ඒ සදහා මිලිලිටර් 750 මත්පැන් බෝතල් තුනක් ලබා දි ඇති බව සඳහන්. එම තරගයෙන් ජයග්‍රහණය කල පුද්ගලයා තරගයට සහභාගී වීමට පෙරද අධික ලෙස මත්පැන් පානය කර…

තව කියවන්​න

මිල ඉහළ යාම හමුවේ ජනතාව කේක් වර්ග මිලදී ගැනීම තුලින් ඉවත් වෙමින් සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව මේ වන විට කේක් වෙළදාම 50%කට අඩු මට්ටමකට පැමිණ ඇති බවයි එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා සඳහන් කළේ. කෙසේවෙතත් අමුද්‍රව්‍ය මිල ගණන් ඉහල යාම හමුවේ මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේදී කේක් මිල පහළ නොයනු ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

අනාචාරයේ යෙදෙන කාන්තාවන්ට ගල්ගසා මරාදැමීමේ නිතිය යළි ඇෆ්ගනිස්ථානය තුළ බලගැන්වීමට තලේබාන් සංවිධානය තීරණය කර තිබෙනවා . තලේබාන් කණ්ඩායමේ උත්තරීතර නායක හිබතුල්ලා අකුන්සාඩා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්. 2021වසරේ සිට ඇෆ්ගනිස්ථානය පාලනය කරන තලේබාන් සංවිධානය මේ වන විටත් ප්‍රසිද්ධියේ කස පහරදීම සහ මරණදඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සොරකම්, මංකොල්ලකෑම් වැනි අපරාධ සඳහායි.

තව කියවන්​න

මීගලෑව කලංකුට්ටිව ඇලේ දිය නාමින් සිටි කාන්තාවක්ව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන් එක් ව අදාළ කාන්තාව කිඹුලා ගෙන් මුදාගෙන තඹුත්තේගම රෝහලට ඇතුළත් කර ඇතත් එම අවස්ථාවේ ඇය මියගොස් ඇති බවයි වාර්තාවන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ, ලීකොළවැව, උස්ගලසියඹලංගමුව ප්‍රදේශයේ පදිංචි ව සිටි 66 හැවිරිදි කාන්තාවක් .

තව කියවන්​න

චීනයේ දින පහක නිල සංචාරයක නිරතවූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා. චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යු. 231 දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුලු දූත පිරිස ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ. අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින් පින් සහ එරට අග්‍රාමාත්‍ය ලී චියැං ඇතුලු රාජ්‍ය නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා තිබුණා. චීනය සහ ශ්‍රී ලංකාව අතර වැදගත් ගිවිසුම් රාශියක් සඳහා අත්සන් තැබීමද මෙම සංචාරයේදී සිදුව තිඇති බව සඳහන්.

තව කියවන්​න

උතුරු සිරියාවේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. තුර්කි හිතවාදී හමුදාව විසින් අත්පත් කරගෙන සිටින උතුරු සිරියාවේ ඇලෙප්පෝ පළාතේ අසාස් නගරයේ පිහිටි වෙළඳපොලක එම පිපිරීම සිදුව තිබෙනවා. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නැහැ .

තව කියවන්​න

වැටලීමක් අතර තුර පලායාමට තැත්කළ පුද්ගලයකුට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා. මේ හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ. රන්මිණිතැන්න ප්‍රදේශයේ වැටලිමක් අතරතුර මෙම පුද්ගලයා පලායාමට තැත්කර ඇති අතර මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ තිස්සමහාරාම රන්මිණිතැන්න පදිංචි 30හැවිරිදි පුද්ගලයෙක්.

තව කියවන්​න

මෙරට කාන්තාව වැඩි වශයෙන් හිංසාවට පත්වන්නේ නිවස තුලදී නොවන බව ජාතික ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව මගින් මෙරට කාන්තාව දැඩි ලෙස හිංසනයට පත් කර ඇති බවයි. ඊයේ කෑගල්ලේ පැවති කාන්තා සමුළුවේදී ඒ මහතා මේ බව සඳහන් කලා.

තව කියවන්​න