- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
Author: accioAdmin
රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කර ඇති අලුත් අවුරුදු නැකැත් සීට්ටුව පිළිගැනීමට සිදු වන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් සෝමරතන විදානපතිරණ මහතා පවසන්නේ එම නැකැත්වල ප්‍රායෝගික බව හා වෙනත් කරුණු පිළිබඳව විවිධ අදහස් පළ වී ඇති බවයි. නමුත් මේ අවස්ථාවේදී නැකැත් වෙනස් කිරීමට නොහැකි බවයි ඒ මහතා සඳහන් කලේ. කෙසේවෙතත් ලබන වසරේ අවුරුදු නැකැත් සෑදීමේදී සියලු පාර්ශවවල අදහස් ලබා ගන්නා බවයි අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කලේ .
ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍යවලින් ප්ලාස්ටික් පෑන් නිපදවීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රකාශ කර තිබෙනවා. පෑන් නිෂ්පාදනය කිරීමට භාවිත කරන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට ආයතනයක් මෙරට නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. එමෙන්ම පෑනක වටිනාකමින් වැඩි කොටස පෑනේ තීන්තවලට සහ පෑන් තුඩ සඳහා වැයවන බැවින් පෑන් බටය නැවත නැවත පාවිච්චි කළද පෑනක මිල සැලකිය යුතු ලෙස අඩු නොවන බව මෙහිදී අනාවරණය වී තිබෙනවා.
පෞද්ගලික පාසල් හා සිසුන් සියයට වැඩි මහා පරිමාණ පෞද්ගලික උපකාරක පන්ති මගින් උපයන සැබෑ ආදායම සොයා ගැනීම සඳහා යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබෙනවා. ඒ සඳහා ග්‍රාම නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසයි දැනුවත් කර ඇත්තේ. කාරක සභා සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා විසිදුයි මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ. මෙම ආයතනවලට අමතරව සෞඛ්‍ය සේවා සපයන මධ්‍යස්ථාන, පෞද්ගලික රෝහල්, මිනින්දෝරුවන් , ඉංජිනේරුවන්, නීති ආයතන සහ රූපවාහිනී මෙන්ම ගුවන් විදුලි සේවාවන් සඳහා ද මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලෙසද අදාළ නිර්දේශයේ සඳහන් බවයි වාර්තාවන්නේ.. එම කාරක සභාව සඳහන් කර ඇත්තේ මෙම ආයතන…
කිසිඳු අයුරකින් සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ අදාළ බලපත්‍ර ලබාදීමේ කටයුතු නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට උපදෙස් ලබා දී ඇති බවයි. සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළා .
මෙරට තුළ සිටින ව්‍යාජ වෛද්‍යවරුන් සහ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. ව්‍යාජ වෛද්‍යවරුන් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමිනුයි සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත්තේ. ඒ අනුව වෛද්‍යවරුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සිදු කළ යුතු අතර පෞද්ගලික වෛද්‍ය ආයතන පළාත් මට්ටමින් ලියාපදිංචි කිරීම අනිවාර්යය කර තිබෙනවා. කෙසේවෙතත් එලෙස ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන රැසක් දිවයින පුරා පවතින බවටයි පැමිණිලි ලැබී ඇත්තේ. ඒ අනුව එවැනි වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන සොයා කඩිනමින් විමර්ශනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. එවැනි ආයතන…
ගෑස් මිල අඩු වුවත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කල නොහැකි බව බේකරි නිෂ්පාදන සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කළේ තම සංගමය ඉන්ධන මිල, විදුලි ගාස්තු වැඩි වුවත් නිෂ්පාදනවල මිල ඉහළ නොදැමූ බවයි. නමුත් පාන් පිටි ඉහළ ගිය විට පමණක් ඇතැම් නිෂ්පාදනවල මිල ඉහළ දමිනට සිදුවූ බවයි ඒ මහතා සඳහන් කලේ. ඒ අනුව පාන් පිටිවල මිල අඩු වුවහොත් පමණක් බේකරි නිෂ්පාදන මිල අඩු කළ හැකි බවයි ඒ මහතා කියාසිටියේ.
මහනුවර මහ නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකුට පහර දුන් බව කියන එම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර මුලස්ථාන පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මන්ත්‍රීවරයකු බව සඳහන්. එම පහරදීමෙන් නගර සභා කම්කරුවාගේ කන ප්‍රදේශයට බරපතල තුවාල සිදුව තිබෙනවා. මෙම පහරදීමට විරෝධය දක්වමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සුදහම්පොළ උප කාර්යාලයට අනුයුක්තව සේවය කරන කම්කරුවන් අද සේවා කටයුතුවලින් ඉවත්ව සිටීමටද පියවර ගනු ලැබුවා.
සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ යෝජනාව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබුනා. එම වාහන ආනයනය සඳහා විශේෂ බදු සහන හිමි නොවෙයි. ඒ අනුව විශේෂයෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කිරීම පිණිස ආසන 6 – 15 වෑන් රථ 750ක් සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් ආනයනය කිරීම ට අනුමැතිය හිමිව තිබෙනවා.
තෝරාගත් පාසල් සිසුවියන් සඳහා නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමට අදාළ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව, ග්‍රාමීය පාසල්වල සිසුන් සහ දරිද්‍රතාවයට මුහුණ දෙන සිසුන් සඳහා එම සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමටයි තීරණය කර ඇති බව සඳහන් ..
තැපැල්කරුවන්ගේ හිඟය හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ලිපි බෙදා හැරීමට බාධා එල්ල වී ඇතැයි වාර්තවන්වා. තැපැල්පති පී. සත්කුමාර් මහතා සඳහන් කලේ මේ හේතුවෙන් දිනක ප්‍රමාදවීම් යටතේ ඇතැම් පළාත්වල ලිපි බෙදීම සිදුවන බවයි. තැපැල්කරුවන් ඇතුළු තැපැල් සේවකයින් 2000කට ආසන්න පිරිසකගේ පුරප්පාඩු සිය දෙපාර්තමේන්තුව සතු බවයි ඒ මහතා සඳහන් කරන්නේ. මේ හේතුවෙන් තැපැල්පතිවරයා සඳහන් කළේ කලාප වශයෙන් කොටස්කර ලිපිබෙදීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි. බොහෝ නිලධාරීන් විශ්‍රාම යාම සහ නව බඳවා ගැනීම් සිදු නොකිරීම හේතුවෙන් තැපැල් සේවයේ ඇතැම් සේවා පවත්වාගෙන යාමට බාධා එල්ල වී ඇති බවයි තැපැල්පති පී. සත්කුමාර් මහතා වැඩිදුරටත් පැවසුවේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















