- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
Author: accioAdmin
මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුනා.එහිදී ජනාධිපතිවරයා සඳහන් කලේ උඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බවයි. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුළු අදාළ ආයතන නියෝජනය වන අයුරින් පත් කරනු ලබන මෙම කමිටුවට මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ නියෝජිතයෙකු ද ඇතුළත් කර ගැනීමට උපදෙස් ලබාදෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ. එමෙන්ම උඩරට කලා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ඒ යටතේ කටයුතු කරන බවයි ඒ මහතා කියා සිටියේ මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් සොයාබලන ලෙස ද ජනාධිපති රනිල්…
නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහන මෙවරත් අප්‍රේල් සහ මැයි මාසවලට අදාළ ව ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙතෙක් කිසිදු සහනාධාර වැඩපිළිවෙළකට සහභාගී වී නොමැති පිරිස ඊට ඇතුළත් කර ගන්නා බවයි. ඒ අනුව දැනට අස්වැසුම ලබා ගන්නා සහ ඊට අයදුම් කර ඇති පිරිස ද, මීට පෙර සමෘද්ධි ප්‍රතිලාභ ලබා අස්වැසුම අහිමි වූ පිරිස ද, වකුගඩු, වැඩිහිටි සහ ආබාධිත දීමනා ලබන පිරිස ද ඊට ඇතුළත් වනවා. මීට අමතරව මේ සියලු සහනාධාර වැඩසටහන්වලින් මඟ හැරී ගිය පිරිසක් වේ නම් ඔවුන් මෙම වැඩසටහනට ඇතුළත් කිරීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දී ඇති බවයි අමාත්‍යවරයා…
හොරණ තල්ගහවිල ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. වෙඩිතැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කලේ. ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර වෙඩි තැබීමට හේතුවේ මෙතෙක් අනාවරණ වී නොමැත.
ග්‍රාම නිලධාරීන් සඳහා ගෙවනු ලබන දීමනා සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ග්‍රාම නිලධාරීන් සඳහා ලබාදෙන කාර්යාල දීමනා හා ලිපිද්‍රව්‍ය දීමනා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. එය අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මකයි. ඊට අදාළ චක්‍ර ලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර තිබෙනවා. ඒ අනුව මහ නගර සභා, නගර සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 3,000 දක්වා ඉහළ දමා ඇති බව සඳහන්. ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 2,000 දක්වා ඉහළ දමා තිබෙනවා. ඊට අමාතරව වාර්ෂික ලිපි ද්‍රව්‍ය…
මවක් දරුවා ප්‍රසූතකරන අවස්ථාවේදී සූතිකාගාරය තුළ පියාටද රැඳී සිටීමේ අවස්ථාව පළමු වරට රජයේ රෝහල් තුළද ලබාදී තිබෙනවා. එහි පළමු පියවර කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලෙන් ආරම්භ කර ඇති බව සඳහන්. මෙහිදී සූතිකාගාරයේ දරු ප්‍රසූතිය සඳහා වෙන් වෙන් වශයෙන් කාමර නිමවා තිබෙනවා. ඒ අනුව තම බිරිය දරුවා ප්‍රසූත කරන අවස්ථාවේදී ඒ අසල ස්වාමියාට රැඳී සිටීමට අවසර හිමිවනු අති. මෙවැනි කටයුතු මගින් යහපත් මානසිකත්වයකින් මවට දරුවා ප්‍රසූත කළ හැකි බවයි විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ.
වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ඉන්ධන පරිභෝජනය 50% කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ රට තුළ පවතින ආර්ථික තත්වය ඒ සඳහා බලපාන බවයි. කෙසේ වෙතත් හිඟයකින් තොරව රට තුළ සියලුම ඉන්ධන පවතින බවයි ඒ මහතා කියා සිටියේ.
පොල්තෙල් ආනයනය නියාමනය කිරීමට තීරණය කර තිබෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කලේ මෙරට ගෙන්වන පොල්තෙල් ප්‍රමාණයේ නිසි නියාමනයකට ලක් නොකිරීම හේතුවෙන් දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තය පසුබෑමකට ලක්ව ඇති බවයි.
අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කලේ එම වැටුප සමග අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක මුදලද ගෙවන බවයි. එමෙන්ම විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ටද අප්‍රේල් 10 වනදාට පෙර අප්‍රේල් මස වැටුප ගෙවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
ඊශ්‍රායලය තුල අවදානම්කාරී වාතාවරණයක් නැවත ඇතිවුවහොත් ඔක්තෝම්බර් 7 වනදා ඇතිවූ හමාස් ප්‍රහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ ආකාරයට තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනු ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ මැද පෙරදිග කලාපයේ උද්ගතවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලය වෙත යම් ප්‍රහාරයක් එල්ලවේ යැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හා පවතින සැකය මත මේ වනවිට ඊශ්‍රායල හමුදාව සීරුවෙන් තබා ඇති බවයි. ඒ අනුව යම් හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග පිලිබඳ නිවේදනයක්ද එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා. ඉතාමත් අත්‍යාවශ්‍ය හේතුවකට හැර තමා සේවය කරන නිවස, සේවා ස්ථානය, වගාබිම් හෝ…
අලුත් අවුරුදු නිවාඩුවට අදාළව රාජකාරී ඉටුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ප්‍රාදේශීය පාලනයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් වෙතයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ. එළැඹෙන 11 වනදා සිට 14 වනදා දක්වා වූ දීර්ඝ නිවාඩු කාලසීමාව තුළදී සියලුම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසටයි එම නිවේදනයේ දැක්වෙන්නේ . එසේම මෙම කාලසීමාව තුළදී ආපදා සහ හදිසි අත්‍යාවශ්‍ය කාර්යයන් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසට ද අදාළ නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා. එසේම මේ වනවිට රජයේ සංවර්ධන කටයුතුවලට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















