Author: accioAdmin

රජය මගින් අඩු ආදායම් ලාභීන්ට ලබාදුන් සහල් කුකුලන්ට ලබාදීමෙන් පසු එය ආහාරයට ගත් කුකුකන් හත්දෙනකු මිය යෑම සම්බන්දයෙන් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන්නැයි රම්බඩගල්ල අධිකරණය නියෝග කර තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන් කළ කරුණු දැක්වීමකින් පසුවයි මහේස්ත්‍රාත්වරයා එම නියෝගය සිදු කර ඇත්තේ. රිදිගම පානගමුවේ අඩු ආදායම් ලාභියකු තමන්ට හිමිවූ සහල් රැගෙන ගොස් එයින් කොටසක් කුකුලන්ට ආහාර සඳහා ලබා දී තිබෙනවා. එම සහල් ආහාරයට ගත් කුකුලන් සිහිසුනව වැටී සිටි බවත් පසුව මියගිය බවත් නිවෙස් හිමියා මහජන සෞඛ්‍ය කාර්යාලයට කළ පැමිනිල්ලේ සඳහන්..

තව කියවන්​න

මන්නාරම පල්ලිමුනේ වෙරළින් ධිවර කටයුතු සදහා මුහුදු ගිය ධීවරයෙකු බෝට්ටුව පෙරැළී සිදුවූ අනතුරකින් මුහුදට ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මන්නාරම පල්ලිමුණේ බටහිර ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙක්. මියගිය ධීවරයා තවත් ධිවරයින් කීපදෙනකු සමග මුහුදු ගොස් සිටියදී වර්ෂාවත් සමග දැඩි සුළං තත්වයක් මුහුදට බලපා ඇති අතර එහිදී ධිවර යාත්‍රාව මුහුදේ පෙරලි යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

තව කියවන්​න

අකුණු සැර වැදිම හේතුවෙන් ගවයින් සිව් දෙනෙකු ජිව්තක්ෂයට පත් ව තිබෙනවා.. නාවලපිටිය ගලමුදුන වතුයායේ තෘණ කැම සදහා ගැට ගසා සිටි ගවයන් සිව්දෙනෙකු මෙලෙස ජිවිතක්ෂයට පත් වි ඇති බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ. අකුණු සැර පතිත වි ඇති ස්ථානායේ විශාල වලක් ද හැරි ඇති බවත්, මියගිය සතුන්ගේ වටිනාකම ලක්ෂ අටක් වන බවත් ගොව්පොල හිමිකරු සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා. පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 ට වැඩි වර්ෂාපතනයක් ලැබීමත් සමඟයි එම ප්‍රදේශ සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත්තේ. ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

තව කියවන්​න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ආණ්ඩුවේ පෞද්ගලීකරණ වැඩපිළිවෙළ පිලිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සිය නිවේදනය මගින් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ ආණ්ඩුවේ පෞද්ගලීකරණ වැඩපිළිවෙළ ඉදිරි ජනාධිපතිවරණය අවසන් වනතුරු කල් දමන ලෙසයි. වත්මන් ආණ්ඩුව අන්තර්කාලීන රජයක් බවත්, මැතිවරණ‍යකින් අනතුරුව බලයට පත්වන පාර්ශ්වයට රාජ්‍ය වත්කම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පැවරිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා. තව ද තමා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ වසර නවයකට අධික කාලය තුළ රජය සතු කිසිදු දේපොලක් නොවිකුණූ බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. පෙර ආණ්ඩු විසින් විකුණා දමා තිබූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල්ස් වැනි ආයතන කිහිපයක් නැවත රජයට පවරා ගැනිමට තමන් කටයුතු…

තව කියවන්​න

මෙරට ආර්ථික තත්වය නගා සිටුවීම සඳහා රජය ගෙන එන ආර්ථික පරිවර්තන පනතට සහාය දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ලබන වසර වන විට මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 3ක් දක්වා ඉහල යනු ඇතැයි අපේක්ෂා කරන බවයි. එසේ සිදුවුවහොත් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම පිළිබඳවද සාකච්චා කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ. ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අරලිය ගහ මන්දිර පරිශ්‍රයේ පැවති සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කලේ රට තුල මුදල් මුද්‍රණය නොකරන බවට IMF සංවිධානය සහ මෙරටට නය ලබාදෙන රටවල් සමහ කොන්දේසියකට පැමිණ…

තව කියවන්​න

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයේ විධායක සභා රැස්වීමක් මේ වන විට කෝට්ටේදී පැවැත්වෙනවා. එහිදී ඒකමතිකව තීරණය වී ඇත්තේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ සභාපති ධුරය සඳහා පත් කිරීමටයි

තව කියවන්​න

පොලිස් නිලධාරීන්ට තීරු බදු රහිතව යතුරුපැදි ලබාදීමට පොලිස් මූලස්ථානය අවධානය යොමුකර ඇතැයි වාර්තාවනවා. ඒ පොලිස් නිලධාරීන්ගේ හා නිලධාරිනියන්ගේ ප්‍රවාහන වියදම් අවම කිරීම සඳහායි. පොලිස් ඉතිරි කිරීමේ සංගමය මගින් ක්‍රියාත්මක ණය ක්‍රමයක් යටතේ පහසු ගෙවීමේ ක්‍රමවේදයකට මේවා ලබාදීමටයි නිර්දේශ කර ඇත්තේ. ඒ අනුව පොලිස් නිලධාරීන්ට CC100 වර්ගයේ යතුරුපැදි ද, පොලිස් කාන්තාවන්ට CC50 වර්ගයේ යතුරුපැදි ද දීමට යෝජනා වී තිබෙනවා.

තව කියවන්​න

මැදගම, ඊරියගහමඩ ප්‍රදේශයේදී අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේ මියගොස් ඇත්තේ, ඊරියගහමඩ, කැදවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 04ක කුඩා දරුවෙක් බව සඳහන්.. සිද්ධිය සම්බන්ධයෙන් මැදගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

තව කියවන්​න

ළදරු කිරිබෝතල් බහාලුමක සඟවා තිබූ අත් බෝම්බ දෙකක් සහ පතුරම් තොගයක් සමග සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ රියැදුරුකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තම නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී වැලිපැන්න සිරිසඳ ,කොලැහැකඩ,නවුත්තුඩුවේ නිවෙසකින් මෙම පුපුරනද්‍රව්‍ය සොයාගත් බවයි වැලිපැන්න පොලිසිය සඳහන් කලේ. අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් ,ටී.56 වර්ගයේ පතුරම් 16 ක්, මිලිමීටර් 9 වර්ගයේ පතුරම් 2 ක් ,බෝර 12 පතුරම් 02 ක් වන බව සඳහන්.

තව කියවන්​න