- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
Author: accioAdmin
රාජාංගණය සහ අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප අධ්‍යක්ෂ ඉංජිනේරු ජයන්ත ඩී සිල්වා මහතා සඳහන් කලේ පසුගිය දින කිහිපයේ රජරට ප්‍රදේශයට ඇද හැලුණ අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස ජලාශ දෙකෙහි වාන් දොරටු විවෘත කල බවයි. රාජාංගණය ජලාශයේ අඩි 02 බැගින් ගේට්ටු හතරක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝණ අඩි 2,400 ක් පිටවන අතර අංගමුව ජලාශයේ අඩි 03 බැගින් ගේට්ටු දෙකක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ජලය ඝණ අඩි 1,800 ක් නිකුත් කෙරෙනවා. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙ පිහිටි මධ්‍යම ප්‍රමාණයේ වැව් රැසක්ද ජලයෙන් පිරි ඉතිරි පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ
ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමට නියමිතයි. ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයක් අනුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුවට එක්වන අතර ඒ සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා 18වන සෙනසුරාදා ඉන්දුනීසියාව බලා පිටව යාමට නියමිතයි. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 18 සිට 20 දක්වා එරට සංචාරය කරනු ඇති. ජනාධිපති වික්‍රමසිංහ මහතා මැයි 20 වනදා එම සමුළුවේ ඉහළ පෙළේ හමුව සඳහා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුව මැයි 18 සිට 25 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි දුපතේ පැවැත්වෙනු ඇති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත්, වැඩබලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත් පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය මත එම පක්ෂය, එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවයි විනිසුරු සඳුන් විතාන මහතා අද ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුනා.
“අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙනවා. ඒ මෙරට මුස්ලිම් ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළ විශිෂ්ට දේශපාලනඥයකු වන මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගය කිරීම වෙනුවෙන්. එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ 24 වන ගුණ සමරුව නිමිති කර ගනිමින් දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම් හරිස් මහතාගේ සහ මුස්ලිම් ප්‍රජාවගේ ඉල්ලීමට අනුව එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ උපන් ගම වන කල්මුණේ ප්‍රදේශයේ මෙම අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 25ක් වෙන් කිරීමට කටයුතු කරන බව පැවසු ජනාධිපතිවරයා අදාළ ඉදිකිරීම් කඩිනමින්ආරම්භ කිරීමට ද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
බස් රථයක් ධාවනය වෙමින් පවතින අතරතුර එහි රියදුරු ජිවිතක්ෂයට පත් වීමේ පුවතක් නාවලපිටිය ලිඳුල ප්‍රදේශයෙන් වාර්තා වුනා. මේ හේතුවෙන් අදාළ බස් රථය අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ. නුවරඑලිය සිට නාවලපිටිය දක්වා ධාවනය වු නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස්ර ථයේ රියදුරු රිය අසුන මත මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ නාවලපිටිය ලංගම ඩිපෝවේ සේවය කරමින් සිටි 39 හැවිරිදි අයෙක්. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුල සිට ඇත්තේ රියැදුරුවරයා සහ රිය සහයකවරයා පමණයි.
වෙසක් සතිය වෙනුවෙන් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කතරගම පොලිසිය හා මොණරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන් විසින් සිදුකල වටලිමකදියි කතරගම පුදබිමේදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ. කතරගම පුදබිමේ බැතිමතෙක් විසින් පැවැත්වීමට නියමිතව තිබූ පූජාවක් සදහා සැකකරුවන් දෙදෙනා විසින් රැගෙන ආ අටපිරිකර 150ක් පරීක්ෂා කිරීමේදී ඒවා ව්‍යාජ බවට හඳුනාගැනීමෙන් පසුව සිදුකල පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම, අටළුගම, ජයකොඩිකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.
ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්. මාර්තු 25 වන දි පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එම පනත් කෙටුම්පතෙහි මුලික කෙටුම්පත සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය හිමිවුනා.. ඒ අනුව නීතිපති විසින් ඉදිරිපත් කරනු ලබන සංශෝධනයන් ද ඇතුළත් කරමින් විධිමත් පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරන ලෙසයි නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දී තිබුනේ. ඒ අනුව සකස් කළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙනවා.
මෙම වසර තුලදී පුජා භූමි 20ක් ගැසට් මගින් ප්‍රකාශය කිරීමට අපේක්ෂා කරන බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසනවා. මේ වනවිට පූජා භූමි නවයක් ගැසට් කර අවසන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි 21 දින සිට මැයි 27 දක්වා මාතලේ නගරය කේන්ද්‍ර ගත කර ගනිමින් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. . රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එහිදී මාතලේ ක්ෂේත්‍රාරාම රජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමට අදාල සන්නස් පත්‍රය ලබා එහිදී දීමට නියමිතයි.. …..
මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිලිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට තීරණය කර තිබෙම්න්වා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විවිසිනුයි අදාක යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ. ඒ අනුව Ceylon Tea නාමය ලොව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙරටට පැමිණෙන සෑම සංචාරකයෙකුටම ශ්‍රී ලංකා තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ලබා දීමට නියමිතයි . තේ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ඊයේ සාකච්ච්ව්හාවක් පැවැත්වුනා. එහිදී අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට සංචාරය නිමවා ආපසු ගුවන් තොටුපොළෙන් නික්ම යන අවස්ථාවේ දී මෙම…
විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට රජය මේ වන විට කටයුතු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කලේ මේ සම්බන්ධයෙන් කවර හෝ පාර්ශවයකට ගැටළු තිබේනම් පුළුල් සංවාදයකට තමා සූදානම් බවයි. ප්‍රචලිත මාතෘකාවක් වන සීනි බදු වංචාව සම්බන්ධව බොහෝ දෙනා විවිධ අදහස් පළ කළ ද මේ සම්බන්ධයෙන් චෝදනා කරන සහ විවේචනය කරන පාර්ශවයන්ගෙන් මීට ඉදිරිපත් කළ හැකි ප්‍රායෝගික විසඳුම් මෙතෙක් ලැබී නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කලා. කිසියම් හෝ ප්‍රායෝගික ක්‍රමවේදයක් වේ නම් එය ඉදිරිපත් කරන ලෙසයි අමාත්‍යවරයා අදාළ චෝදනා ඉදිරිපත් කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ. බදු අඩු කිරීමට සාපේක්ෂව ආනයනකරු අදාළ අඩුකිරීම් නොකළහොත් ඔහුට එයින් මිදීමට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















