Author: accioAdmin

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමට නියමිතයි. ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයක් අනුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුවට එක්වන අතර ඒ සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා 18වන සෙනසුරාදා ඉන්දුනීසියාව බලා පිටව යාමට නියමිතයි. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 18 සිට 20 දක්වා එරට සංචාරය කරනු ඇති. ජනාධිපති වික්‍රමසිංහ මහතා මැයි 20 වනදා එම සමුළුවේ ඉහළ පෙළේ හමුව සඳහා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුව මැයි 18 සිට 25 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි දුපතේ පැවැත්වෙනු ඇති.

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත්, වැඩබලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත් පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය මත එම පක්ෂය, එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවයි විනිසුරු සඳුන් විතාන මහතා අද ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුනා.

තව කියවන්​න

“අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙනවා. ඒ මෙරට මුස්ලිම් ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළ විශිෂ්ට දේශපාලනඥයකු වන මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගය කිරීම වෙනුවෙන්. එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ 24 වන ගුණ සමරුව නිමිති කර ගනිමින් දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම් හරිස් මහතාගේ සහ මුස්ලිම් ප්‍රජාවගේ ඉල්ලීමට අනුව එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ උපන් ගම වන කල්මුණේ ප්‍රදේශයේ මෙම අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 25ක් වෙන් කිරීමට කටයුතු කරන බව පැවසු ජනාධිපතිවරයා අදාළ ඉදිකිරීම් කඩිනමින්ආරම්භ කිරීමට ද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

තව කියවන්​න

බස් රථයක් ධාවනය වෙමින් පවතින අතරතුර එහි රියදුරු ජිවිතක්ෂයට පත් වීමේ පුවතක් නාවලපිටිය ලිඳුල ප්‍රදේශයෙන් වාර්තා වුනා. මේ හේතුවෙන් අදාළ බස් රථය අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ. නුවරඑලිය සිට නාවලපිටිය දක්වා ධාවනය වු නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස්ර ථයේ රියදුරු රිය අසුන මත මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ නාවලපිටිය ලංගම ඩිපෝවේ සේවය කරමින් සිටි 39 හැවිරිදි අයෙක්. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුල සිට ඇත්තේ රියැදුරුවරයා සහ රිය සහයකවරයා පමණයි.

තව කියවන්​න

වෙසක් සතිය වෙනුවෙන් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කතරගම පොලිසිය හා මොණරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන් විසින් සිදුකල වටලිමකදියි කතරගම පුදබිමේදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ. කතරගම පුදබිමේ බැතිමතෙක් විසින් පැවැත්වීමට නියමිතව තිබූ පූජාවක් සදහා සැකකරුවන් දෙදෙනා විසින් රැගෙන ආ අටපිරිකර 150ක් පරීක්ෂා කිරීමේදී ඒවා ව්‍යාජ බවට හඳුනාගැනීමෙන් පසුව සිදුකල පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම, අටළුගම, ජයකොඩිකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.

තව කියවන්​න

ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්. මාර්තු 25 වන දි පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එම පනත් කෙටුම්පතෙහි මුලික කෙටුම්පත සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය හිමිවුනා.. ඒ අනුව නීතිපති විසින් ඉදිරිපත් කරනු ලබන සංශෝධනයන් ද ඇතුළත් කරමින් විධිමත් පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරන ලෙසයි නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දී තිබුනේ. ඒ අනුව සකස් කළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙනවා.

තව කියවන්​න

මෙම වසර තුලදී පුජා භූමි 20ක් ගැසට් මගින් ප්‍රකාශය කිරීමට අපේක්ෂා කරන බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසනවා. මේ වනවිට පූජා භූමි නවයක් ගැසට් කර අවසන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි 21 දින සිට මැයි 27 දක්වා මාතලේ නගරය කේන්ද්‍ර ගත කර ගනිමින් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. . රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එහිදී මාතලේ ක්ෂේත්‍රාරාම රජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමට අදාල සන්නස් පත්‍රය ලබා එහිදී දීමට නියමිතයි.. …..

තව කියවන්​න

මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිලිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට තීරණය කර තිබෙම්න්වා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විවිසිනුයි අදාක යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ. ඒ අනුව Ceylon Tea නාමය ලොව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙරටට පැමිණෙන සෑම සංචාරකයෙකුටම ශ්‍රී ලංකා තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ලබා දීමට නියමිතයි . තේ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ඊයේ සාකච්ච්ව්හාවක් පැවැත්වුනා. එහිදී අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට සංචාරය නිමවා ආපසු ගුවන් තොටුපොළෙන් නික්ම යන අවස්ථාවේ දී මෙම…

තව කියවන්​න

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට රජය මේ වන විට කටයුතු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කලේ මේ සම්බන්ධයෙන් කවර හෝ පාර්ශවයකට ගැටළු තිබේනම් පුළුල් සංවාදයකට තමා සූදානම් බවයි. ප්‍රචලිත මාතෘකාවක් වන සීනි බදු වංචාව සම්බන්ධව බොහෝ දෙනා විවිධ අදහස් පළ කළ ද මේ සම්බන්ධයෙන් චෝදනා කරන සහ විවේචනය කරන පාර්ශවයන්ගෙන් මීට ඉදිරිපත් කළ හැකි ප්‍රායෝගික විසඳුම් මෙතෙක් ලැබී නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කලා. කිසියම් හෝ ප්‍රායෝගික ක්‍රමවේදයක් වේ නම් එය ඉදිරිපත් කරන ලෙසයි අමාත්‍යවරයා අදාළ චෝදනා ඉදිරිපත් කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ. බදු අඩු කිරීමට සාපේක්ෂව ආනයනකරු අදාළ අඩුකිරීම් නොකළහොත් ඔහුට එයින් මිදීමට…

තව කියවන්​න

බලපත්‍රලාභී වානිජ බැංකු විසින් සිය දළ ණය පොලී අනුපාතිකය සියයට 10 දක්වා පහත දමා තිබෙනවා. කෙසේ වෙතත් ඇතැම් බලපත්‍රලාභී වානිජ බැංකු දළ ණය පොලී අනුපාතිකය සියයට 9.92 ක් ලෙස සටහන් කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ. මෙරට වානිජ බැංකු කිහිපයකම ණය පොලී අනුපාත තනි ඉලක්කමකට පැමිණෙනු ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

තව කියවන්​න