- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
Author: accioAdmin
වර්ෂාවත් සමඟ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම දැඩි ලෙස සක්‍රිය වෙමින් පවතින බව සඳහන්. මේ වන විටත් එහි පස්තට්ටු , මඩ සමග බොරදිය ජලපහරක් ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ ගලායමින් පවතින හෙයින් ඇල්ල වැල්ලවාය මාර්ගයට දැඩි අවදානම් තත්ත්වයක් උදා වී ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසන්නේ. එමෙන්ම වර්ෂාවත් සමඟ ඇල්ල වැල්ලවාය මාර්ගයේ තැනින් තැනට විශාල ගල්පර්වත ගස්කොළන් පස්කදු කඩා වැටීමට පටන් ගෙන තිබෙනවා. එබැවින් මාර්ගයේ පවතින දැඩි අවධානමත් හේතුකොට ගෙන අද උදෑසන සිට යළි විවෘත කළ මාර්ගය දැඩි වර්ෂාව පතිත වන අවස්ථා වලදී තාවකාලිකව විටින් විට වසා දැමීමට සිදුවන බවයි දිස්ත්‍රික් ලේකම් වරයා සඳහන් කලේ. මාර්ගය…
රතුපස්වල දී ජනතා විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කර තිබෙනවා. අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගම්පහ මහාධිකරණය අද මෙම නියෝග ලබාදෙනු ලැබුවා. ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් 2013 වසරේ අගෝස්තු 01 වනදා එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය ප්‍රදේශයේදී විරෝධතාවයක් පවත්වනු ලැබුවා. එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරින් වෙඩි තැබීම් සිදුකර තිබූ අතර වෙඩි වැදීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. අනතුරුව අදාළ…
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි නවීන ජංගම දුරකථන තොගයක් සහ පෙන් ඩ්‍රයිව් තොගයක් සමග ඒවා ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අද අලුයම අත් අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ. මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර අනෙක් ව්‍යාපාරිකයා කොළඹ – 14 පදිංචි අයෙකු බව සඳහන්. මෙම ජංගම දුරකථන සහ පෙන් ඩ්‍රයිව් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්…
ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ තමන් අනුමත නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට තමන් පසුබට නොවන බවයි. ආණ්ඩුව සමග එකට කටයුතු කළත් තමන්ගේ සහ පක්ෂයේ ස්වාධීනත්වය මේ ආණ්ඩුවට පාවා දී නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කලේ. …..
පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් එම පොලිස් නිලධාරීන් දෙදෙනා බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. පොලිස් නිලධාරීන් හය දෙනෙකු යතුරුපැදි තුනකින් රාජකාරී කටයුත්තක් සඳහා අද උදෑසන මාතලේ සිට අනුරාධපුර බලා එමින් සිටියදී අනුරාධපුර කවරක්කුලම ප්‍රදේශයේදී මාර්ගයෙහි අසල තිබූ විශාල ගසක් එක් යතුරුපැදියක් මතට කඩා වැටීමෙන් මෙම අනතුරු සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අප වාර්තාකරු පැවසුවේ සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි. සිද්ධිය පිළිබඳව කවරක්කුලම පොලිසියේ රථවාහන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
වෙසක් දිනවල දන්සල්වල දෙනු ලබන ආහාර පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින්නෙම් ඒ පිළිබඳව වහාම ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙසක් සමයේ පවත්වනු ලබන දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් නිරතුරුව පරීක්ෂාවට ලක් කරනු ලබනවා. එසේ වුවද ඇතැම් දන්සල් නියමිත ප්‍රමිතියෙන් පවත්වාගෙන නොයන බවටයි මහජන සෞඛ්‍ය පරීකෂකවරු චෝදනා කරන්නේ. මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මෙවර වැඩි වශයෙන් දන්සල් ලබාදීමට ජනතාවගේ සුදානමක් පවතින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ. දන්සල පැවැත්වීමට දින තුනකට පෙර එම දන්සල ලියාපදිංචි කිරීමක් සිදුකළ යුතු වනවා. එසේම දන්සල් ලබාදීමට කැමැත්තෙන් සිටින පුද්ගලයන් ළඟම ඇති සෞඛ්‍ය…
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් සිසුන් සඳහා අපොස උසස්පෙළ පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ එම පන්ති ජූනි 04 වනදා ආරම්භ කිරීමට නියමිත බවයි. ඊට අදාළ චක්‍රලේඛය පළාත් අධ්‍යාපන බලධාරීන්ට යොමුකර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම ඒ පිළිබඳ තොරතුරු නොලැබුණු විදුහල්පතිවරුන්ට අදාළ පළාත් සහ කොට්ඨාස කාර්යාලවලින් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්. එසේම වැඩි තොරතුරැ අවශ්‍ය සිසුන් ඒ සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ගෙන් විමසිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා. …. නහිල් විජේසුරිය
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත්කර තිබෙනවා. ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින මෙරට පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිධාරි විශ්‍රාමික නිලධාරියෙක් වන ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා මෙරට පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස පත්කරනු ලැබුවා.. චූලානන්ද පෙරේරා මහතා රාජ්‍ය ආයතන, සංස්ථා සහ මණ්ඩල ගණනාවක සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල් ලෙස මෙන්ම අමාත්‍යාංශ ගණනාවක අතිරේක ලේකම් සහ අමාත්‍යාංශ ලේකම් ලෙස කටයුතු කරමින් අත්දැකීම් බහුල නිලධාරියෙක්.. ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියට පත් ඕනෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සහ අගතියට පත් පුද්ගලයා එවැනි තීරණයකින් හෝ ක්‍රියාවකින් දින 14 ක කාලයක්…
රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කලේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ දින අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරුවන් සංචාරක වීසා මඟින් රැසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකරන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර විදේශගත කර ඇති අතර, එරටදී රැසියානු-යුක්‍රේන යුද්ධයේ යුද පෙරමුණට යාමට මෙම ලාංකිකයින්ට සිදුවී තිබෙනවා. මෙම ඒජන්සි ආයතනය විසින් සිදුකළ ජාවාරම සම්බන්ධයෙන් කාර්යාංශට පැමිණිලි 7ක් ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට…
රහසිගත ලෙස ගංජා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් හම්බෙගමුව ප්‍රදේශයේසිදු කළ හදිසී වැටලීමකදීයි මෙම ගංජා හේන් දෙක වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. එම ගංජා වල වටිනාකම රුපියල් ලක්ෂ පනහකට ආසන්න බවටයි ගණන් බලා ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හම්බෙගමුව ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයන් දෙදෙනකු වන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















