Author: accioAdmin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ ප්‍රථම රැළිය හා ජනහමුව ලබන ජූනි මස 8 වනදා පැවැත්වීමට නියමිතයි. එම රැලිය හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් අම්බලන්තොට මංසන්ධියේ දී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. මෙම ප්‍රථම ජන රැළිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතාගේ මෙහෙයවීමෙන සංවිධානය කිරීමට පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ පළමු රැළිය විශාල ජන සහභාගීත්වයකින් යුක්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ප්‍රමුඛ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එම රැළියට සහභාගීවීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති බවයි කෘෂිකර්ම හා වැවිලි…

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාව අගය කර තිබෙනවා. ඉකුත් දා සීතා අම්මාන් කෝවිලේ පැවැති කුම්භාභිෂේක පූජාව පිළිබඳ අදහස් දක්වමින්ඒ මහතා පවසා ඇත්තේ, සංචාරක ව්‍යාපාරය හේතුවෙන් දෙරට අතර යහපත් සබඳතාවක් පවතින බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 60ක් පමණ පැමිණෙන්නේ ඉන්දියාවෙන් බවයි ඒ මහතා සඳහන් කලේ. තවද කොළඹ සහ නවදිල්ලිය එකට එකතු වී අනාගතයේදී වැඩ කළ යුතු බවත්, ශ්‍රී ලංකාව දැන් ආර්ථික ප්‍රතිසංස්කරණයක් ලබා ගැනීමට වේගයෙන් ඉදිරියට යමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කලා. ඉන්දියාවේ ANI පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර ඇත්තේ.

තව කියවන්​න

මුලතිව් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් පෙරැළීයාමෙන් සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයින් 5දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ. වට්ටප්පලේ කන්නකි අම්මාන් කෝවිලේ උත්සවයකට ගමන් කරමින් සිටි පිරිසක් මෙසේ අනතුරට පත්ව ඇති අතර මිය ගොස් ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවෙක්. අනතුර සිදුවන අවස්ථාවේ තරුණයින් දස දෙනකු පමණ ට්‍රැක්ටරයේ සිට ඇති අතර වේගයෙන් පැමිණි ට්‍රැක්ටරය වංගුවක් ගැනීමට උත්සාහ කිරීමේදී මෙසේ පෙරැලි ගොස් තිබෙනවා.

තව කියවන්​න

සමඟි ජන බලවේගය සහා ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා දින නියම කර තිබෙනවා. ඒ පිලිබඳ සඳහන් කරමින් සමගි ජන බලවේගය විසින් ලිපියක් යවා ඇති බව සඳහන්. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ඒ සඳහා වන ලිපිය යවා ඇති අතර එහි දැක්වෙන්නේ දෙපාර්ශවයේ ආර්ථික කමිටු අතර විවාදය පළමුවෙන් තැබිය යුතු බවයි. ඒ අනුව ඒ සඳහා මැයි මස 27, 28, 29, 30,සහ 31 යන දිනයන් යෝජනා කර ඇති අතර ඉන් පහසු දිනයක් තෝරා ගන්නා ලෙස ජාතික ජන බලවේගයට දැනුම් දී තිබෙනවා. මේ අතර දෙපාර්ශවයේ නායකවරුන් අතර විවාදය සඳහා ජුලි මස 3, 4, 5, 6, හෝ 7 අතර දිනයක් තෝරා…

තව කියවන්​න

මෙරට ඉරාන තානාපති ආචාර්ය ඒ ඩෙල්ක්‍රොෂ් මහතාට පහර දුන් පුද්ගලයකු කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තානාපතිවරයා කොළඹ සාප්පු සංකීර්ණයක රථගාලට රථය ඇතුල් කරන අවස්ථාවේදී තවත් මෝටර් රථයක රියදුරෙක් සමඟ ආරවුලක් හටගෙන ඇති අතර එහිදී එම පුද්ගලයා තානාපතිවරයාට පහරදී එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ දරා ඇති බවයි පොලිසිය සඳහන් කලේ. එහිදි තානාපතිවරයා සිය මෝටර් රථයෙන් බිමට බැස පලායාමට උත්සාහ දරන මෝටර් රථය නැවත්වීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු විසින් මෝටර් රථය පණ ගන්වා ඉදිරියට ධාවනය කර ඇති බවයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ හත වෝඩ් පෙදෙසේ පදිංචි වයස අවුරුදු තිස්තුනක පුද්ගලයෙක්…

තව කියවන්​න

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සිය ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන පාලකවරයා වෙත භාරදී තිබෙනවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුවයි. ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කියා සිටියේ මිට දින කිහිපයකට පෙර ඇය සිය විදේශ ගමන් බලපත්‍රය තමන්ට ලබා දුන් බවයි. පසුගියදා ඩයනා ගමගේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළා. එමෙන්ම අධිකරණය විසින් ඇයට විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙනවා. එමෙන්ම විදේශ ගමන් බලපත්‍ර, හැදුනුම්පත් ඇතුලු ඩයනා ගමගේ මහත්මියට නිකුත් කර තිබූ අනෙකුත් පෞද්ගලික ලිපි ගොනු සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්…

තව කියවන්​න

ජපානයේ සීකෝ ගොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී මිටර් 400 ධාවන ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනීමට කාලිංග කුමාරගේ සමත් ව තිබෙනවා. ඒ, එම තරගය තත්පර 45.57 කින් නිමා කරමින්.

තව කියවන්​න

සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යළි ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලයේදී මෙම සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන තාවකාලිකව නතර කර දැමීමටයි කටයුතු කර තිබුනේ. ඒ අනුව ජූනි මස 1 වන සතියේ සිට දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණ වැඩසටහන මගින් ප්‍රතිලාභ ලැබෙනු ඇති. ඊට අදාළව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සහ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

තව කියවන්​න

අඹ කැඩීමට ගසකට නැගී තරුණයකු ගස මුදුනේදී සිහි මූර්ජා වී බිමට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යාපනයේ ආලඩිඋඩු මානිප්පායී ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙක්. ඔහු අඹ ගසට නැග ස්වල්ප වේලාවකදී තමන්ට ක්ලාන්ත ගතියක් දැනෙන බව අඹ ගස යට සිටි පිරිසට ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ. ඔවුන් තරුණයාව ගසෙන් බිමට ගැනීමට සූදානම් වනවාත් සමගම ඔහු අඹ ගසෙන් බිමට ඇද වැටී තිබෙනවා. පසුව ඔහු යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

තව කියවන්​න

නාල්ල ,මාලදෙණිය,කිතලවලාව ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් තිදෙනෙක් ඝාතනය කර ඇතැයි වාර්තා වනවා. අද අලුයම් කාලයේ මෙම ඝාතනයන් සිදුව ඇති අතර, ඝාතනය සිදුකළ සැකකරු නාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ මව, පියා සහ ඔවුන්ගේ පුත්‍රයා බවයි පොලිසිය සඳහන් කලේ. සැකකරු ඝාතනයට ලක්වූ පවුලේ ක්චාති පුත්‍රයකු වන අතර නාල්ල පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමේ අරමුණින් 40 හැවිරිදි සැකකරු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ. අද අලුයම පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව තිබී මුදල් සහ රන් අභරණ තොගයක් සොයාගෙන…

තව කියවන්​න