Author: accioAdmin

ඉදිරි මාස දෙක තුළ මෙරට සිටිනා සුනඛයන් සංගණනය කිරීමක් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජලභීතිකා මර්දන ඒකකය පවසනවා. එම ඒකකය සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය මත මෙම සංගණනය සිදුකරන බවයි. ඊට අදාළ මූලික ව්‍යාපෘති යෝජනාව මේ වන විට සකසා අවසන් කර තිබෙනවා. ජලභීතිකා මර්දන ඒකකය පවසන්නේ මෙරට ලක්ෂ තිහක පමණ සුනඛ ගහණයක් සිටින බවයි. ඉන් වැඩි සුනඛයන් සංඛ්‍යාවක් නිවෙස් තුළ ඇතිකරන සුනඛයන් බවයි එම ඒකකය පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

දිවුලපැලැස්ස, රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති සැණකෙලියක ඉදිකර තිබූ මාරක ළිඳක් කඩා වැටීමෙන් පස්දෙනකු තුවාල ලබා තිබෙනවා. වෙසක් උත්සවය නිමිත්තෙන් දිවුලපැලැස්ස, රොටලවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක් මගින් මෙම සැණකෙලිය සංවිධානය කර තිබු බවයි අප වාර්තාකරු සඳහන් කලේ. එම අනතුරින් තුවාල ලබා ඇත්තේ 50 වියැති කාන්තාවක් සහ අවුරුදු 13,36,40,45 වයසේ පසුවෙන පිරිමි පුද්ගලයන් සිව්දෙනකු බව සඳහන්. තුවාලකරුවන්ගෙන් දෙදෙනකු ගිරාදුරුකෝට්ට රෝහලේත් , සෙසු තිදෙනා මහියංගණ රෝහලෙත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

තව කියවන්​න

කැබිතිගොල්ලෑව , යකාවැව ලඳු කැලෑ ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයෙක්. කැබිතිගොල්ලෑව පොලීසිය සඳහන් කලේ වන සතුන් දඩයම් කිරීම සඳහා අනවසරයෙන් අදින ලද විදුලි කම්බියක ගැටී අදාළ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

තව කියවන්​න

කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ වනවිට ලංකාවේ සංවර්ධිත ජාතික රෝහල් ලෙස ඇත්තේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් පමණි. ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා..

තව කියවන්​න

විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එබැවින් ථෙරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළයුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ. මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා. මේ මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සදහා රටවල් 12ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටිම ද විශේෂත්වයක්. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර…

තව කියවන්​න

මඩකලපුව, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි මවක් සිවි නිවුන් දරු උපතක් සිදු කර තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ඇය ස්වභාවික දරු ප්‍රසූතියක් මගින් නිරෝගී දරුවන් සිවුදෙනෙක් බිහි කිරීමයි. මඩකලපුව ශික්ෂණ රෝහලේ වෛද්‍ය ඉතිහාසය තුළ මෙවන් සිදුවීමක් වූ පළමු අවස්ථාව මෙය බවයි වාර්තාවන්නේ. මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රසව වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සරවනන් මහතා සඳහන් කලේ මෙවැනි ස්වභාවික දරු ප්‍රසූති පිළිබඳ සිදුවීම් වෛද්‍ය ඉතිහාසයේ දුර්ලභ බවයි.

තව කියවන්​න

විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවුණා . ඒ අනුව විවාහයක් විසුරුවා හැරීම හෝ අවලංගු කිරීම හෝ විවාහයේ පාර්ශවයන් වෙන්වීම සඳහා ප්‍රදානය කරන ලද විදේශීය නඩු තීන්දුවක් පිළිගැනීම සහ ලියාපදිංචි කිරීම සඳහා වන විධිවිධානද ඇතුළත් කරමින් විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍ය පිළිගැනීම ,ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර තිබෙනවා. එකී පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇති බව සඳහන්. ඒ අනුව එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම…

තව කියවන්​න

ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය දී සම්බුදු තෙමඟුල සමරණ ලෙස ශ්‍රී ලාංකාවාසි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවාසි ජනතාව ඉතා අසීරු කාලවකවානුවක් පසුකරමින් සිටින බවයි. එබැවින් බෞද්ධ ජනතාව ආමිස පූජාවන් සඳහා අනර්ථ ලෙස මුදල් වියදම් කිරීමෙන් බැහැර වීම වැදගත් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. මෙවර වෙසක් සැමරුම සම්බන්ධයෙන් මල්වතු මහ විහාර පාර්ශවය වෙනුවෙන් සිය වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් උන්වහන්සේ එහි මේ බව සඳහන් කළා.

තව කියවන්​න

පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ රෝගියෙකු ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 31 හැවිරිදි පුද්ගලයෙක්. අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ 17 වන වාට්ටුවට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහුට සෙෆියුරොක්සීම් නමැති ප්‍රතිජීවක ඖෂධය ලබා දී ඇති බව සඳහන්. එන්නත ලබාදීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කලේ මරණය සම්බන්දයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර එහි ප්‍රතිපල මගින් ප්‍රතිජීවක ඖෂධය ලබාදීම හේතුවෙන් එම මරණය සිදුවී ඇත් ද එසේත් නැතිනම් ඊට වෙනත් හේතුවක් බලපා ඇත් ද යන්න පිළිබඳ…

තව කියවන්​න

හදිසි රෝගී තත්වයක් මත ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහල් ගත කර තිබෙනවා. ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ හදිසි රෝගී තත්වයක් මත ඔහු රෝහල් ගත කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාම සහ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පෙරේදා(21) පැවැති තරඟය නැරඹීම සඳහා ෂාරුක් ඛාන් අහමාදාබාද් නගරය වෙත පැමිණ සිටියා. එහිදී ප්‍රීති ඝෝෂා නගමින් අධික ලෙස වෙහෙස වීම හේතුවෙන් ඔහුට විජලන තත්වයක් මතුව ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.. එම රෝගී තත්වය හේතුවෙන් ඔහුව අහමදාබාද්හි කේ.ඩී රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

තව කියවන්​න