- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
Author: accioAdmin
දේශපාලඥයින් 40කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. මින් වැඩි පිරිසක් ප්‍රාදේශීය දේශපාලඥයින් බවයි එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කලේ. කෙසේවෙතත් අරගලයෙන් පසු ප්‍රධාන පෙළේ දේශපාලඥයින්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් වීම සැළකිය යුතු ලෙස අඩු වී ඇති බව සඳහන්.
කාන්තා අයිතිවාසිකම් සුරුකීම වෙනුවෙන් රජය විශේෂ පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කාන්තාවන් නීතියෙන් බල ගැන්වීමට අවශ්‍ය කොන්දේසි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම කොමිසමක් පත් කිරීමට ද කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ. කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය විවුර්ත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා. එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ පනත් කෙටුම්පත එළඹෙන ජුනි මාසය අවසන් වීමට පෙර සම්මත කර ගන්නා බවයි එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කලේ.
අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇද වැටුණු තරුණයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 1.2 කණුව අසල ඇති ගුවන් පාලම මතින් අධිවේගී මාර්ගයට ඊයේ රාත්‍රීයේ මෙම තරුණයා ඇද වැටි ඇති අතර එම අවස්ථාවේදී මාතර දෙසට ගමන්ගත් මෝටර් රථයක ඔහු ගැටී ඇති බව සඳහන්. අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්. අනතුරින් මෝටර් රථයට ද හානි සිදුවී ඇති අතර මෝටර් රථ රියදුරද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර පොලීසිය සිදුකළ සොයාබැලීමේ දී මියගිය තරුණයාගේ නිවසේ තිබී තමන්…
කලා ඔයේ ජලය පිරිපහදු කර කිලෝමීටර් හතරක දුරක් මුහුදු පතුලේ එලූ නළ මාර්ගයක් හරහා කල්පිටියට ගෙන ඒමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ජල සම්පාදන අමාත්‍යංශය පවසන්නේ එම ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ආරම්භ කරනු ලබන බවයි. මෙම ප්‍රදේශයේ ජනතාවට ඇති විශාලතම ගැටලුව පිරිසිදු පානීය ජලය නොමැතිකම බව සඳහන්. ඒ හේතුවෙන් පසුගියදා කල්පිටිය මජ්ජිත් කුෆා මුස්ලිම් පල්ලි භූමියේ රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වැය කරමින් නැනෝ තාක්ෂණික ප්‍රති ආශ්‍රිත ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කරනු ලැබුවා. කෙසේ වෙතත් කලා ඔයේ සිට මෙලෙස ජලය පිරිපහදු කර කල්පිටියට ගෙන ඒමේ වැඩපිළිවෙළ ක්ෂණිකව කළ නොහැකි බවත් ඒ සඳහා…
පැල්මඩුල්ල, ඉහළ බෝපිටිය ප්‍රදේශයේදී බිත්තියක් කඩා වැටීමෙන් එයට යටවී පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදෙස්යයේම පදිංචිව සිටි 45 හැවිදිරි පුද්ගලෙයක්. රබර් ෂීට් වියලනු ලබන දුම්ගෙයක බිත්තියක් සිරුර මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු දෙකක් හමුව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ නාවලතැන්නවත්ත, රම්බොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 18 හා 29 වයස්වල පසුවූ තරුණයින් දෙදෙනෙකු බවයි අනාවරණ වී ඇත්තේ. පොලීසිය පැවසුවේ දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක සිරුරු දෙකක් පාවෙමින් තිබෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිලි මත විමර්ශන ආරම්භ කළ බවයි. තරුණයින් දෙදෙනා පසුගිය 22 වනදා ඔවුන්ගේ නවාතැන්පොළින් පිටව ගොස් ඇති අතර නැවතත් නොපැමිණීම හේතුවෙන් එම නවාතැන්පොළේ සිටි පුද්ගලයෙකු විසින් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබු බව සඳහන්.
අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම හේතුවෙන් තරුණයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය සඳහන් කලේ අදාළ තරුණයා ධාවනය වෙමින් තිබූ වාහනය ගැටීම හේතුවෙන් බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කළ බවයි . මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ අතුරුගිරිය වල්ගම ප්‍රදේශයේ පදිංචි අවුරුද්ගු 24ක තරුණයෙක්. ඔහු අධිවේගී මාර්ගයට පැන්නාද නැතහොත් වෙනත් පාර්ශවයක් විසින් පාලම මත සිට එම තරුණයා තල්ලු කරාද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති අතර අතුරිගිරිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.
හදිසි ආපදා තත්ත්වයක් සම්බන්ධ තොරතුරක් ලද වහාම මුදා ගැනීමේ කටයුතු සදහා හෙලිකොප්ටර් තුනක් සීරුවෙන් තබා තිබෙන බව ගුවන් හමුදාව පවසනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ග්ෲප් කපිතන් දුශාන් විජේසිංහ මහතා සඳහන් කරන්නේ කටුනායක, රත්මලාන සහ හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරුවල මෙම හෙලිකොප්ටර් ස්ථාන ගතකොට ඇති බවයි. ඒ අනුව බෙල් 212 යානා දෙකක් සමග එම්.අයි 17 යානයක් මේ සඳහා සූදානම් කොට තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සිදුකරන දැනුම්දීමකදී ක්‍රියාත්මක වීම සඳහා ගලවා ගැනීමේ ගුවන් භට පිරිසක්ද සූදානමින් සිටිනවා.
නීතිවිරෝධී ලෙස මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 1,732 දෙනෙකු යළි මෙරටට එවීමට පියවර ගෙන තිබෙනවා. මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් ඔවුන් මෙලෙස යලි මෙරටට එවිමටයි තීරණය කර ඇත්තේ. පසුගිය මාර්තු මස 01 වනදා සිට අප්‍රේල් 31 වනදා දක්වා මැලේසියානු රජයේ සංක්‍රමණික නැවත ගෙන්වාගැනීමේ වැඩසටහන සමඟ සම්බන්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. විවිධ දුෂ්කරතා මැද මැලේසියාවේ අතරමංවූ සංක්‍රමණිකයන් 124 දෙනෙකු ද මෙම පිරිසට ඇතුළත්.
ISIS ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පවත්වන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසන්නේ බුද්ධි අංශ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බවයි. මේ අතර ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත පසුගියදා කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ එම කමිටුව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222