- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
Author: accioAdmin
සියලු රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ලබාදෙන ආහාරවේලේ වෙනසක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව ආහාරවේල් බන්දේසියක දමා, බත් සහ ව්‍යංජනය වෙන වෙනම අසුරා විනිවිද පෙනෙන දවටනයකින් ආවරණය කර රෝගියාගේ අතටම ලබාදීම මෙම නව වැඩපිළිවෙලයි. ඊට අමතරව, තරුපහේ හෝටල්වල සූපවේදීන් හරහා රෝහලේ ආහාර පිසින පුද්ගලයින්ට විශේෂ පුහුණුවක් සමග ඇඳුම් කට්ටලයක් ලබා දීමටත් තීරණය කර තිබෙනවා. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය එක් රෝගියෙකු වෙනුවෙන් වෙන්කරන මුදල් ප්‍රතිපාදනයන් වැඩි කර දීමට කැමැත්ත පළ කර ඇති බව සඳහන්. ඉතිරි මුදල දානපතියන්ගෙන් සපයා ගැනීමට තීරණය කළ බවයි පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ. මෙම…
විදුලි සැර වැදීම හේතුවෙන් වාරියපොළ වඳුරැස්ස ප්‍රදේශයේ දී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයෙක්. අදාළ පුද්ගලයා මාවත වැවේ මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර යලි නිවසට නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමක දී මාවත වැවේ තිබී අදාළ පුද්ගලයාගේ මළසිරුර හමුව තිබෙනවා. ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල රෝහලේදී සිදුකර ඇති අතර විදුලිය සැර වැදීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි අනාවරණ වී ඇත්තේ. ඒ අනුව සිදුකළ විමර්ශනයේදී වැව අසල සතුන් දඩයම් කිරීම සඳහා අදින ලද අනවසර විදුලි රැහැනකින් විදුලිය ජලයට කාන්දු වී මෙම පුද්ගලයාට විදුලිය සැර වැදී ඇති බවට තහවුරු වී තිබෙනවා. අනවසර විදුලි රැහැන් ඇදීම සම්බන්ධයෙන්…
අල්ලස් ලබාගැනීමට තැත් කල උඩතලවින්න ක්වාසි උසාවියේ විනිසුරුවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ක්වාසි උසාවිය තුළදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා. දික්කසාදය හා දික්කසාද තීන්දු ප්‍රකාශය දීමට කාන්තාවකගෙන් රුපියල් 4,,500ක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ. රජඇල්ල කුඹුක්කදුර ප්‍රදේශයේ පදිංචිකාරියක ඇගේ සැමියාගෙන් දික්කසාදවීම සඳහා උඩතලවින්න ක්වාසි උසාවියේ නඩුවක් පවරා ඇති අතර ඇයට අදාළ දික්කසාදය හා දික්කසාද තීන්දු ප්‍රකාශය දීමට සැකකාර ක්වාසි විනිසුරුවරයා මෙලෙස අදාළ කාන්තාවගෙන් අල්ලස් ලබා ගැනීමට තැත්කර තිබෙනවා. එම කාන්තාව කල් පැමිණිල්ලක් මත අදාළ විනිසුරුවරයා මෙලෙස අත්අඩංගුවට ගත බවයි අල්ලස් කොමිසම සඳහන් කලේ.
වවුනියාව,කනගරායන්කුලම ප්‍රදේශයේදී යාපනය සිට අනුරාධපුරය දක්වා ගමන්ගත්ශි ඝ්‍රගාමි දුම්රියේ ගැටීමෙන් ඇතින්නක් හා අලි පැටවෙකු මියගොස් තිබෙනවා. වනජිවි කාර්යාල නිළධාරීන් පැවසූවේ වයස අවුරුදු 25 ක පමණ ඇතින්නක් හා වයස මාස පහක් පමණ වන අලි පැටියෙකු එලෙස දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
කොළඹ ප්‍රදේශයේ කඩාවැටුණු ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ නොතිබූ ඒවා බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. වසර 50ත් 150ත් අතර පැරණි ගස් 200කට ආසන්න සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ ඒවා බවටයි කොළඹ මහනගර සභාව සිදු කළ විමර්ශනයක දී මින් පෙර අනාවරණ වී තිබුනා. එම ගස්වලින් බොහෝ ප්‍රමාණයක් කද දිරායාම හේතුවෙන් කඩාවැටීමේ අවදානමට ලක්වී තිබු බව සඳහන්. එලෙස හඳුනාගත් ගස්වලින් ගස් 100කට අධික සංඛ්‍යාවක් පසුගිය දිනවල කපා ඉවත් කිරීමට පියවර ගත් අතර අනෙකුත් ගස්වල අතු කප්පාදු කිරීමට පියවර ගනු ලැබුවා. කෙසේවෙතත් නිරිත දිග මෝසම් තත්ත්වය සමග පවතින සුළං තත්ත්වය හේතුවෙන් මේ වන විට කොළඹ මහනගර සීමාව තුළ ගස් 50ක් පමණ කඩා වැටී තිබෙනවා. මේ…
ඉදිරි දින කිහිපය තුලදී කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් ඇති අවදානම් සහිත විශාල ගල් කිහිපයක් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ, හේතුවෙන් මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහාතා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. එම ස්ථානට ගොස් ස්ථානීය පරික්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කලා. පසුගිය 23 වනදා මෙම මාර්ගයට විශාල ගසක් කඩාවැටීමෙන් පසු එම ප්‍රදේශය පිළිබඳ පරීක්ෂණ සිදුකර තිබුණා එහිදී නිරික්ෂණය වී තිබුණේ මාර්ගයට ඉහළින් දැඩි අවදානම් සහිත ගල් කුට්ටි කිපයක් හා විශාල ගස් කිහියක්ද අවදානම් තත්ත්වයේ ඇති බවයි. ඒ අනුව 28වනදා එම ගල් ඉවත් කිරීමේ කටයුතු සිදු…
මරදන්මඩුව,කපුගොල්ලෑව ප්‍රදේශයේදී විදුලිසැර වැදීම හේතුවෙන් පුද්ගලයකු මියගොස් තිබෙනවා. වෙසක් කුඩු සදහා විදුලිය සැපයිමට කටයුතු කරමින් සිටියදි අදාළ පුද්ගලයා මෙම අනතුරට මුහුණ පා ති බව සඳහන්. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි පනස් හැවිරිදි පුද්ගලයෙක්. විදුලිසැර වැදිමෙන් පිළිස්සුම් තුවාල ලැබු මෙම පුද්ගලයා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව එහිදි මිය ගොස් තිබෙනවා.
ගල්ගමුව, මීඔය ආසන්නයේ සිදුවූ අනතුරකින් එක පුද්ගලයෙක් මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පාදෙණිය දෙස සිට අනුරාධපුර දෙසට ගමන්කළ වෑන්රථය රියදුරු ට නින්දයාම හේතුවෙන් මීඔය පාලමේ ගැටී මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ගසක ගැටී එම අනතුර සිදුව ඇති බව සඳහන්. අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ 15 දෙනෙකු පමණ පිරිසක් සිට ඇති බවයි වාර්තාවන්නේ. වෑන් රථයේ ගමන්ගත් එක අයෙකු අනතුර සිදුවූ අවස්ථාවේදීම මියගොස් ඇති අතර අනතුරින් තුවාල ලැබූ තවත් 13 දෙනෙකු ගල්ගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුරින් මියගොස් ඇත්තේ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක්. තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කළ අයගෙන් 07 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට…
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ගස් කඩා වැටීම් 59ක් වාර්තා වී තිබෙනවා. කොළඹ මහනගර සභාවේ ඉඩම් හා පරිසර සංවර්ධන අධ්‍යක්ෂ ඉංජිනේරු මනෝජ් රණසිංහ මහතා සඳහන් කළේ පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බවයි. ඉන් 19ක්ම වාර්තා වී ඇත්තේ විහාර මහාදේවි උද්‍යානයෙන් බව සඳහන්.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පුත්තලම , හලාවත ආනන්ද ජාතික පාසලේ ගොඩනැගිල්ලක් මතට විශාල ගසක් කඩාවැටී තිබෙනවා. ඉන් එම ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවී ඇති බවයි වාර්තාවන්නේ. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 11,765කට අයත් පුද්ගලයින් 44,398 දෙනෙකු පීඩාවට පත්වී සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කලේ ආපදාවට ලක්වූවන් සඳහා කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















