- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
Author: accioAdmin
යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ නිවසක් වටලා කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ කේරල ගංජා කිලෝ 87ක් සොයා ගෙන තිබෙනවා. ඒවායෙහි වටිනාකම රුපියල් කෝටි 4කට අධික බව සඳහන්. යුද හමුදාවට ලැබුණු තොරතුරකට අනුව යාපනය සංගුපිඩ්ඩි පාලම අසලදී කාර් රථයක් නවතා සිදුකරන ලද පරික්ෂාවකදී එහි සඟවා තිබූ කේරල ගංජා ග්‍රෑම් 500ක් ප්‍රථමයෙන් සොයාගෙන තිබුණා. අනතුරුව පොලීසිය විසින් සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අදාල කේරල ගංජා තොගය යාපනය කොඩිකාමම් ප්‍රදේශයෙන් මිලට ගත් බව පවසා තිබෙනවා. ඒ අනුව සිදුකල වටලිමකදියි අදාළ කේරල ගංජා තොගය පොලිස් භාරයට ගෙන ඇත්තේ.
ලෙලි කජු ආනයනය සඳහා බලපත් ලබා ගත් සමාගමක් ලෙලි කජු වෙනුවට කජු මඳ ආනයනය කර ඇතැයි පාර්ශ්ව කිහිපයක් විසින් චෝදනා එල්ල කර තිබෙනවා. ඒ අනුව අදාළ චෝදනාව සම්බන්ධව කරුණු සනාථ කර ගැනීම සඳහා වහාම විමර්ශනයක් පවත්වන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා කජු සංස්ථාවට උපදෙස් ලබා දී ඇති බව සඳහන්. ඒ අනුව මෙම චෝදනා එල්ල වී ඇති සමාගම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති නීතිඥ උදාර විජේසිංහ මහතා සඳහන් කලේ. රට තුළ පාරිභෝජනය සඳහා අවශ්‍ය තරම් කජු මඳ නොමැතිවීම හේතුවෙන් ලෙලි කජු ආනයනය සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ නිර්දේශය…
අනුරාධපුර ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට කිලෝවොට් 150 ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතියක් පූජා කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුනා. ඒ කාබන් විමෝචනය අවම කරමින් ශුන්‍ය විමෝචන ඉලක්කය වෙත ළඟා වීම සඳහා වන රජයේ ජාතික ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් . LTL සමූහ ව්‍යාපාරය විසිනුයි මෙම විදුලි බල පද්ධතිය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ස්ථාපිත කරනු ලබා ඇත්තේ.
අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසනවා. එහි වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ මාර්ගයේ ධාවන කරන එවැනි වාහන සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බවයි. ඒ අනුව 070 3500 525 යන වට්ස් ඇප් අංකයට අදාළ පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතිනවා. ඒ මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින් පමණක් දුම් සහතිකය ලබා ගැනීම සිදුනොකරන ලෙසයි. ව්‍යාජ උපක්‍රම ඔස්සේ දුම් සහතිකය ලබා ගැනීම ට බොහෝ පිරිස් වර්තමානයේදී පෙළඹී සිටිනවා. නමුත් එම රථ වාහන මාර්ගයේ ධාවනය වන විට පොලිස්…
එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් වැයවන බව මුද්‍රණාලාධිපති විසින් මැතිවරණ කොමිසමට දන්වා තිබෙනවා. මුද්‍රණයාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය පවසන්නේ ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු විය හැකි බවයි. මේ වන විට එම මැතිවරණයට අදාළ සංගණන පත්‍රිකා මුද්‍රණය කර ඇති බවයි ඇය සඳහන් කලේ.
119 වන බන්දනාගාර දිනය ලබන 16 වනදාට දී තිබෙනවා. ඒ වෙනුවෙන් බන්දනාගර රැඳවියන්ට අමුත්තන් මුණගැසීමට විවෘත අවස්ථාවක් සළසා දී ඇති බව සඳහන්. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ ලබන 16 වනදා පමණක් මෙම අවස්ථාව ලබාදී ඇති බවයි. එදිනට ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදීමටද අමුත්තන්ට අවස්ථාව හිමිවනවා.
දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය ලබන 16 වැනිදා පැවැත්වීමට නියමිතයි. දිවයින පුරා මධ්‍යස්ථාන 22 කදී විභාගය පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇති බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පැවසුවේ. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය පැවැත්වෙන බවයි. විභාගයට අදාළ අයදුම්පත් ඔන්ලයින් ක්‍රමවේදය හරහා කැඳවීම මේ වන විට සිදුවනවා. කෙසේවෙතත් , අයදුම් භාරගැනීම හෙටින් අවසන් වන බවයි , එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ. දිවයින පුරා පිහිටි දහම් පාසල් 10,300ක ගුරුවරු එක්ලක්ෂ විසි හයදහසක් පමණ සිටිනවා.
නිත්‍යානුකුල මත්පැන් මිළ අඩු කල යුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ උන්වහන්සේ සඳහන් කරන්නේ මත්පැන් පානය කිරීම තමන් අනුමත නොකලද නීත්‍යාණූකූල මත්පැන් මිළ අඩු කිරීම මගින් නීතී විරෝධි මත්පැන් පෙරීම සම්පූර්ණයෙන්ම නතර කල හැකි බවයි. ජාතික නාමල් උයනේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මෙම අදහස් පල කලා.
වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට වතු සමාගම් 09ක් එකඟ වී තිබෙනවා. කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසන්නේ මෙම මාසයේ සිටම එම මුදල වැටුප් ලෙස වතු කම්කරුවන්ට ගෙවීමට අදාළ වතු සමාගම් එකඟතාව පළ කර ඇති බවයි. කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හා වතු සමාගම් අතර පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ තිබෙනවා.
පිලිපීනයේ මින්ඩනාඕ ප්‍රාන්තයේ දරුණු භූ කම්පනයක් සිදු ව තිබෙනවා. එම භූ කම්පනයේ අගය රික්ටර් මාපක 7.1ක් ලෙසයි සටහන්ව ඇත්තේ. අද උදෑසන මෙම භූ කම්පනය සිදු ව ඇත්තේ මින්ඩනාඕ ප්‍රාන්තයේ කිලෝමීටර් 630ක් දුරින් බවයි ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පවසන්නේ. භූ කම්පන හානි වාර්තා නොවුණ ද, පසු කම්පන සිදුවීම්වලින් වන හානිය වැඩිවිය හැකි බවයි එරට භූ කම්පන විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















