- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: accioAdmin
සෞන්දර්ය විෂයයන් පිලිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ හා ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේ දී සෞන්දර්ය විෂයයන් වැඩිදුරටත් අධ්‍යයනය කළ හැකි අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සඳහා ද සෞන්දර්යය විෂයයන් සඳහා ළමුන්ට පෙනී සිටිය හැකිය. තව ද, උසස් අධ්‍යාපනයේ සෞන්දර්ය විෂයයන් එලෙස ම පවතින බැවි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් පූනොචිමුණ ගම්මානයේ නිවසක ඊයේ රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබෙනවා. අදාළ නිවසේ කාමරයක් තුළ මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්. අදාළ පිපිරීමෙන් විශාල හානියක් සිදුව නොමැති අතර අසල්වැසියන් පවසන්නේ ඈතින් විශාල ශබ්දයක් ඇසුණු බවයි. මේ සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික් අපරාධ ස්ථාන පරීක්ෂණ පොලිස් කණ්ඪායම විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පාරිභෝගිකයන් ඉල්ලා සිටින අවස්තාවන්වල්දී මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට පනවා ඇති කොන්දේසිවලට මෙයද ඇතුලත් කර ඇති බව සඳහන්. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජික ඩග්ලස් නානායක්කාර මහතා පවසන්නේ පාරිභෝගිකයාගේ ඉල්ලීම මත අකුරු නොමැකී යන ආකාරයේ කල් තබා ගත හැකි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බවයි. විදුලි බිල වත්කමක් බවත් දරුවන් පාසලට ඇතුළත් කර ගැනීම, පදිංචිය තහවුරු කිරීම වැනි දෑ සඳහා මුද්‍රිත විදුලි බිල්පත් අවශ්‍ය බැවින් මහජනතාවගේ ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බවයි ඒ මහතා සඳහන් කලේ.
තරුණයින් හා පාසල් ළමුන් ඉලක්ක කර මත්කරල් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය සිදුකල මෙහෙයුමකදී චුන්නාගම් පොන්නාලෛ කට්ටුවාන් දකුණ අන්නමර් කෝවිල අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. වැඩිදුර විමර්ශන සදහා සැකකරු චුන්නාගම් පොලිස් ස්ථානයට භාර දී තිබෙනවා.
මුලතිව් කොක්කුතුඩුවායී සමුහ මිනීවලේ කැණීම් කටයුතුවලදී තවත් මිනිස් ඇට සැකිලි පහක් හමුව තිබෙනවා. ඒ අනුව මේ වන විට එම සමූහ මිනිවලෙන් සොයා ගත් සමස්ත මිනිස් ඇට සැකිලි සංඛ්‍යාව 52ක්. මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා විසින් ලබා දුන් නියෝගයකට අනුව සමූහ මිනී වලේ කැණීම් කටයුතු සදහා ස්කෑන් යන්ත්‍ර හා වෙනත් නවීන උපකරණ භාවිත කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා. එම උපකරණ මගින් සිදුකල පරීක්ෂණ වල ප්‍රතිපලයක් ලෙස මෙම සමුහ මිනීවලේ මීටර් 250ක් දුරට තවත් මිනිස් ඇට සැකිලි විශාල ප්‍රමාණයක් ඇති බවයි තහවුරු වී ඇත්තේ. එම මිනිස් ඇට සැකිලි වලින් විශාල සංඛ්‍යාවක් අලුතෙන් ඉදි කළ මුලතිව් – කෝකිලායි ප්‍රධාන මාර්ගයට යටින් පිහිටා තිබීම හේතුවෙන්…
අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්. කොත්තු ඇතුළු කෙටි ආහාරවල මිල අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල් 25කින් පහත දමන බවයි ඔවුන් පවසන්නේ. එමෙන්ම බිත්තර රොටි, පරාටා ඇතුළු කෙටි කෑම වර්ගවල මිල රුපියල් 10කින් පහත දැමීමට නියමිතයි.
යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය අද දිවයින වෙත පැමිණියා. ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කලේ අධ්‍යක්ෂකවරිය සමග ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි. ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව සඳහන්.
වැඩවර්ජන පවතින අවස්ථාවේ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය සතියේ පැවති වැඩවර්ජන්යන්ට සහභාගී නොවූ සේවකයින් සඳහා එක් වරක් සඳහා පමණක් මෙම දීමනාව හිමිවනු ඇති. එසේම ඔවුන්ට ඇගයීමේ සහතිකයක් ලබාදීම සඳහාද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සඳහන්..
විද්‍යාපීඨ සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 7,500 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙරට තිබෙන විද්‍යා පීඨ 19 විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කර මෙලෙස සිසුන් සංඛ්‍යාව ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ. එමෙන්ම කොරියානු, ජර්මන්, ප්‍රංශ, හින්දි, චීන හා ජපන් භාෂා ගුරුවරුන් 500 කට වැඩි සංඛ්‍යාවක් පාසල් පද්ධතිය සඳහා බඳවාගැනීමටද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.
යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ නිවසක් වටලා කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ කේරල ගංජා කිලෝ 87ක් සොයා ගෙන තිබෙනවා. ඒවායෙහි වටිනාකම රුපියල් කෝටි 4කට අධික බව සඳහන්. යුද හමුදාවට ලැබුණු තොරතුරකට අනුව යාපනය සංගුපිඩ්ඩි පාලම අසලදී කාර් රථයක් නවතා සිදුකරන ලද පරික්ෂාවකදී එහි සඟවා තිබූ කේරල ගංජා ග්‍රෑම් 500ක් ප්‍රථමයෙන් සොයාගෙන තිබුණා. අනතුරුව පොලීසිය විසින් සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අදාල කේරල ගංජා තොගය යාපනය කොඩිකාමම් ප්‍රදේශයෙන් මිලට ගත් බව පවසා තිබෙනවා. ඒ අනුව සිදුකල වටලිමකදියි අදාළ කේරල ගංජා තොගය පොලිස් භාරයට ගෙන ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222