- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
Author: accioAdmin
දියවන්නා ඔයේ තිබී පුද්ගල මල සිරුරක් හමුවී තිබෙනවා. තලංගම පොලිසියට ලැබුණු තොරතුරක් මත අද උදැසන මෙම මළසිරුර සොයාගෙන ඇති බව සඳහන්. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ .
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය ලබන 25 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කලේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගත බවයි. ඒ අනුව පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වීමට නියමිතයි. 26 සිකුරාදා සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් සඳහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා වෙන් කර තිබෙනවා.
රුපියල් ලක්ෂ විසි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන කාන්තාවක් තදන්ගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත , මාරවිල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක්.
ඵෙතිහාසික සෝමාවතී රජ මහා විහාරස්ථාන පුද බිමේ “ නව පර්යන්ත රෝහලක් ” ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. සෝමාවතිය රජ මහා විහාරයේ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ඉල්ලීමක් මත මෙම රෝහල ඉදිකිරීමට නියමිතයි. ඊට ආදාළ විශේෂ සාකච්චාවක් ඊයේ පස්වරුවේ සෝමාවතී රජමහා විහාරස්ථානයේදී පැවැත්වුනා. එහිදී විහාරාධිපති හිමියන් සඳහන් කර ඇත්තේ සෝමාවතිය වන්දනාමාන කිරීමට විශාල බැතිමතුන් පිරිසක් පැමිනෙන් බවයි. එහිදී හදිසි රෝගී තත්ත්වයන්ට පත්වන බැතිමතුන්හට ප්‍රතිකාර කිරීම සදහා පොලොනරුව මහ රෝහලට ගෙන යායුතු බවත්, නව රෝහල ඉදිකිරීමෙන් බැතිමතුන්ට විශාළ සේවාවක්, සහනයක් සිදුවන බවයි උන්වහන්සේ සඳහන් කර ඇත්තේ
උතුරු හයිටියේදී සංක්‍රමණිකයින් ගමන් කළ බෝට්ටුවක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු ට අධික පිරිසක් මියගොස් ඇති වාර්තාවනවා. දින දෙකකට පෙර පුද්ගලයින් 80කට අධික පිරිසක් රැගත් බෝට්ටුවක් ටර්ක්ස් සහ කයිකෝස් දූපත් වෙත ගමන් ආරම්භ කර ඇති බවයි සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ. හයිටි වෙරළාරක්ෂක බළකාය විසින් අනතුරට පත් යාත්‍රාවේ සිටි 41 දෙනෙකු බේරාගෙන ඇති බව විදසේ වාර්තා සඳහන් කරනවා. ඔවුන්ගෙන් 11 දෙනෙකු පිළිස්සුම් තුවාල ලැබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව සඳහන්.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ සියලු කටයුතුවලින් ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමය ඉවත්වී තිබෙනවා. එහි ලේකම් නාලක කණුගල මහතා සඳහන් කලේ ඊයේ සිට එය ක්‍රියාත්මක බවයි. විධායක ශ්‍රේණි නිලධාරීන්ට ලබාදුන් දීමනා ඉහළ නැංවීම තමන්ට ලබා නොදීම මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට හේතු වී තිබෙනවා. මේ හේතුවෙන් සියලුම අස්වැසුම කටයුතු ලබාදීමට බාධා එල්ලවන බවද ඒ මහතා සඳහන් කළා.
ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද සිට ලබා ගත හැකියි. සතොස කිරි පිටි, උඳු , පාන්පිටි, සුදු සිනි , සුදු කැකුළු සහ කිරි සම්බා මිල මෙලෙස පහල දැමීමටයි කටයුතු කර ඇත්තේ.
මෙවර ජනාධිපතිවරණයේදී පළමුවරට දෘශ්‍ය ආබාධිත සහ ශ්‍රව්‍ය ආබාධිත පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැළසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව දෘශ්‍ය ආබාධිත පුද්ගලයන්ට බ්‍රේල් ක්‍රමයෙන් සහ ශ්‍රව්‍ය ආබාධිත පුද්ගලයන්ට සංඥා භාෂාවෙන් තම ඡන්ද පත්‍රිකාවේ සලකුණු හඳුනාගැනීමට හැකිවන පරිදි විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහැර අද සහ හෙට විදි සංචාරය කිරීමට නියමිතයි. මේ හේතුවෙන් දහවල් 12. 00 සිට පෙරහැර වීදි සංචාරය කර අවසන් වනතුරු මාතර කතරගම ප්‍රධාන මාර්ගය මැදවත්ත කාර්මික විද්‍යාල හංදියෙන් සහ තලල්ල දකුණ මහා විද්‍යාලය අසලින් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා. එබැවින් වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාව වෙත දැනුම් දෙනු ලබනවා. මාතර දෙස සිට තංගල්ල හෝ කතරගම දෙසට යන වාහන මාතර දෙස සිට කැකනදුර මාර්ගයේ ධාවනය කර කැකනදුර හංදියෙන් රත්මලේ කැකනදුර මාර්ගයේ ගමන්කර, දික්වැල්ල නගරයෙන් කතරගම දෙසට ධාවනය කළ හැකියි.. තවද, තංගල්ල දෙස සිට ගන්දර දක්වා ධාවනය වන…
දුප්පත් ජනතාව සම්බන්ධයෙන් නිසි සංඛ්‍යාලේඛන රට තුල නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ හේතුවෙන් දුප්පත්භාවය තුරන් කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ. මතුගම, දොඩංගොඩ බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක වෙමින් ඒ මහතා මේ බව සඳහන් කලා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















