- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
Author: accioAdmin
නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කලේ . මියයන විට ඒ මහතා 81හැවිරිදි වියේ පසුවුණා. වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළා.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතියද ලැබුණු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ. මෙවර LPL තරගාවලියේ දක්ෂතා අතර සිටි චමිඳු වික්‍රමසිංහ සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්. ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා 20 -20 කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට හිමිව තිබෙනවා.
මඩිතිියවල ප්‍රාථමික විද්‍යාලය අද දිනයේදී තාවකාලික ලෙස වසා දමා තිබෙනවා. පාසල් දරුවකු හා දෙමාපියන් කිහිප දෙනෙකුට බඹරුන් දෂ්ට කිරීම හේතුවෙන් මෙලෙස පාසල තාවකාලික ලෙස වසා දමා තිබෙනවා. බඹර ප්‍රහාරයට ලක්වුවන්ගේ තත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කලේ.
පුද්ගල ආදායම් බදු සීමාව ඉදිරියේදී සංශෝදනය කිරීමට නියමිත බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතා පවසනවා. ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ දැනට රුපියල් ලක්ෂයක් සිමාවේ පවතින පුද්ගල ආදායම් බද්ද ලක්ෂ දෙක දක්වා ඉහල යනු ඇති බවයි. එවිට වෛද්‍යවරුන්ටද සහන හිමිවන බවයි ඒ මහතා සඳහන් කලේ.
ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කිරීමට නියමිතව තිබු වැඩ වර්ජනය තාවකාලික ලෙස නවතා දමා තිබෙනවා. ජාතික අක්ෂි රෝහල සඳහා නව අධ්‍යක්ෂවරයෙක් පත් කිරීම හේතුවෙනුයි ඔවුන් එම වැඩ වර්ජනය නතර කර ඇත්තේ. රෝහලේ සේවය කල වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මින් පෙර රජයට අවධාරණය කර තිබුනා.
ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකළහොත් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, අද පෙරවරු 8ට පෙර වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
ලොව විශාලතම සිනමා නගරය ලෙස ඉන්දියාවේ හයිද්‍රාබාද්හි අබ්දුල්ලා පුර්මෙට්හි පිහිටි Ramoji Film City නම් කර තිබෙනවා. 1996 වර්ෂයේදී රාමෝජි රාඕ විසින් ඉදිකර තිබෙන මෙය අක්කර 1,666 පුරා පැතිරී තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙය ලොව විශාලතම චිත්‍රපට චිත්‍රාගාර සංකීර්ණය වන අතර ගිනස් ලෝක වාර්තා මඟින් එය සහතික කර තිබෙනවා.
ලබන වර්ෂයට අදාළ පාසල් පෙළපොත් අද දිනයේ ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ලබන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් සියල්ල චීන රජය විසින් සැපයීමට එකඟතාව පළකර ඇති බවයි එම අමාත්යංශය සඳහන් කලේ. මේ අතර ගුරු වැටුප් වර්ධක ප්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කලා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ගුරු වෘත්තීය ගැටලු සමාලෝචනය කර ඒවා නිරාකරණය කිරීමට ද රජය මේ වන විට පියවර ගෙන ඇති බවයි.
මැතිවරණයක් සඳහා අවශ්‍යවන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීම සඳහා ලංසු කැඳවා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, නොමැකෙන තීන්ත, ඡායා පිටපත් හා මුද්‍රණ කඩදාසි, මුද්‍රිත සහ දත්ත මුද්‍රිත ලිපිකවර, ලිපිද්‍රව්‍ය සහ මැතිවරණ ක්‍රියාවලියට අවශ්‍ය අනෙකුත් ලිපිද්‍රව්‍ය සඳහා මෙලෙස ලංසු කැඳවීමට තීරණය කර ඇති බවයි. එළඹෙන අගෝස්තු 02 වැනි දා ජාතික තරගකාරී ක්‍රමයට කැඳවා ඇති ලංසු විවෘත කිරීමට නියමිත වනවා. මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් ලබන හෙට සහ අනිද්දා යන දෙදින පැවැත්වීමට නියමිත බවයි වාර්තාවන්නේ. එහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති.
මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ධුරයේ දිවුරුම්දී අදට වසර දෙකක් සපිරෙනවා. 2022 වසරේ ජුලි 20 වනදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයේ දිවුරුම්දීම ජුලි 21 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කරනු ලැබුවා. දිවුරුම්දීම සිදු වුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














