- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: accioAdmin
ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබෙනවා. සමස්ත ලංකා බෙකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කලේ අද උදසන පවතී සාකච්චාවෙන් අනතුරුව මෙම තීරණය ගත බවයි. පාන් මිල අඩු කිරීමට නිෂ්පාදකයින් පියවර නොගන්නේ නම් පාන් සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත්කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පසුගිය දා ප්‍රකාශ කරනු ලැබුවා.
කුමන බාධක පැමිණියත් යුක්තිය මෙහෙයුම නොනවත්වා සිදු කරන බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. අමත්‍යවරයා පවසන්නේ යුක්තිය මෙහෙයුම් යටතේ අත්අඩංගුවට ගන්නා කුඩු ජාවාරම්කරුවන් බේරාගැනීම සදහාත් අත්අඩංගුවට ගැනීම් වළක්වාලීම සදහාත් බොහෝ පිරිස් උත්සාහ කළ බවයි. එබැවින් පොලිස්පතිවරයා ධූරයේ නොසිටියත් යුක්තිය වැඩපිළිවළ නොනවත්වන බවයි අමාත්‍යවරයා අවධාරණය කලේ.
ගඩලාදෙණිය සද්ධර්මතිලක රජ මහා විහාරයේ ගෙඩිගේ සම්ප්‍රදායේ පිළිමගෙය ආරක්ෂා කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ගඩලාදෙණිය සද්ධර්මතිලක රජමහා විහාරය පල්ලව ගෘහනිර්මාණ ශිල්පයට අනුව ගම්පොල යුගයේදී ධර්මකීර්ති නම් හිමිනමකගේ මූලිකත්වයෙනුයි ඉදිකර ඇත්තේ. ඒ අනුව එම රජමහා විහාරයේ ගෙඩිගේ සම්ප්‍රදායට අයත් පිළිමගෙය සංරක්ෂණය කිරීමේ කාර්‌යය සඳහා ආවරණ වහළක් ඉදි කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවශ්‍ය මානව සම්පත් හා තාක්ෂණික උපකරණ නොමැති බැවින්, ඒ සඳහා හැකියාව සහ සම්පත් සහිත ආයතනයක් වන මධ්‍යම උපදේශක කාර්‌යාංශය වෙත ඉංජිනේරුමය කාර්යයන් පැවරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.
2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නිවේදනය කර තිබෙනවා. සිය x සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමිනුයි ඔහු මේ පිලිබඳ දන්වා ඇත්තේ. ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමන් සමග එක්වන ලෙස සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරාධනා කරන බව ඒ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ වැඩිදුරටත් සඳහන්කර තිබෙනවා.
පසුගිය මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩුව ලබා දීමට නියමිතයි. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් නිකුත් කර තිබෙනවා.
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් අද සිට පහල දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා. වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදියි මෙම මිල ගණන් පහල දැමීමට තීරණය කර ඇත්තේ. දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස ඇලවිසල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද දින සිට සහන මිලට ලබා ගත හැකියි. ඒ අනුව රුපියල් 950ක් වු කිරිපිටි 400g පැකට්ටුවක මිල රුපියල් 40කින් පහල දමා තිබෙනවා. ඊට අමතරව මුං ඇට , හාල්මැස්සන්, ආනයනික ලොකු ලුණු , කඩල සහ පාන්පිටි මිලද පහල දැමීමටයි කටයුතු කර ඇත්තේ. තවද සුදු සිනි, සුදු කැකුළු සහල් සහ පකිස්තානයෙන් ආනයනය කරනු ලබන ලොකු ලුණු මිලද පහත දැමීමටයි…
නිදහස් මැතිවරණයකට බාධා එල්ල කරමින් දේශපාලන මැදිහත්වීමෙන් සංවිධානය කළ උත්සව සහ වැඩසටහන් 30කට ආසන්න ප්‍රමාණයක් නවතා දමා තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසුවේ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම තීරණය ගත් බවයි. ඒ අනුව ඡන්ද දායකයන්ට පත්වීම් ලබාදීමේ සහ භාණ්ඩ බෙදාදීමේ වැඩසටහන් කිහිපයක් එලෙස නවතා දමා ඇති බව සඳහන්.
පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් හෙට දිනයේ දී ප්‍රකාශයක් සිදුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ දිනයේ දී පැවති බවයි එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහෙත් පාන් මිල අඩුකිරීම සම්බන්ධයෙන් එහිදී අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබෙනවා. පාන් මිල අඩු කිරීමට නිෂ්පාදකයින් පියවර නොගන්නේ නම් පාන් සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත්කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පසුගිය දා ප්‍රකාශ කරනු ලැබුවා. ඒ අනුවයි පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් බේකරි නිෂ්පාදකයින්ගේ අවධානය යොමුව ඇත්තේ.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය හේතුවෙන් පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කිරීමේ සුදානමක් ඇතැයි වාර්තාවන්වා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පසු පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස සැලකෙන්නේ පතිනායක මහතායි පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එරෙහිව චෝදාන එල්ල වී තිබුනා,. කෙසේවෙතත් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පත් කෙරුණු විනිසුරු මඩුල්ලක් මගින් චෝදනාවලින් ඒ මහතා නිදහස් කොට නිදහස් කරනු ලැබුවා.
නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කලේ . මියයන විට ඒ මහතා 81හැවිරිදි වියේ පසුවුණා. වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222