- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: accioAdmin
2024 ජනාධිපතිවරනයට අදාළ මැතිවරණ තේරීම්භාර නිලධාරින් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෝ හෙට නිකුත් කරන බව රජයේ මුද්‍රණාලය පවසනවා. අදාළ ගැසට් නිවේදනය සෝදුපත් පරික්ෂාව සඳහා යොමුකර ඇති බවයි මුද්‍රනාලයාධිපති ගංගා කල්පනී මහත්මිය සඳහන් කලේ. ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමේ හා ඇප මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය කිරීමෙන් අනතුරුව අදාළ පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසම වෙත භාර දුන් බවයි ඇය සඳහන් කලේ.
රාජ්‍ය ආයතන මඟින් පෙර සැලසුම් කළ උත්සව දේශපාලන බලපෑම්වලින් තොරව පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම අවසර ලබා දී තිබෙනවා. එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසුවේ පෙර සැළසුම් කළ උත්සව පැවැත්වීමට අවසර ඉල්ලා විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ඊයේ දිනය තුලදී ඉදිරිපත් වූ බවයි. එම ඉල්ලීම් සළකා බලා ඇතැම් අංග ඉවත් කර දේශපාලන බලපෑම්වලින් තොරව සිදු කිරීමට උපදෙස් දුන් බවයි ඒ මහතා සඳහන් කලේ. ඒ අනුව මැතිවරණ කාල සීමාව තුළ භාණ්ඩ බෙදා හැරීම හෝ පක්ෂ ප්‍රවර්ධනයට කිසිදු උත්සවයක් පැවැත්වීමට අවසර හිමි නොවන බව සඳහන්.
මෙවර ජනාධිපතිවරණයේදී මෙතෙක් මැතිවරණ සඳහා භාවිත කළ ලී පෙට්ටිම යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කලේ දැනට විනාශ වී ඇති ලී පෙට්ටි වෙනුවට ප්ලාස්ටික් සහ කාඩ්බෝඩ් පෙට්ටි භාවිත කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි. මැතිවරණය සඳහා භාවිත කරන ඡන්ද පෙට්ටි ප්‍රමාණය සම්බන්ධයෙන් මේ වනවිට වාර්තාවක් ද කැඳවා තිබෙනවා.
පාන් සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදනයන්ගේ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික අධිකාරිය පවසනවා. පාරිභෝගික අධිකාරියේ සභාපති ටී.අයි. උඩුවර මහතා සඳහන් කළේ අදාළ වැටලීම් සිදුකරන ලෙස විමර්ශන අංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි. ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල ඊයේ සිට රුපියල් 10කින් අඩු කිරීමටයි බේකරි හිමියන්ගේ සංගමය කටයුතු කලේ. මේ අතර කොළඹ දිස්ත්‍රික් සහකාර මිනුම් ඒකක ප්‍රමිති සේවා අධිකාරී දිල්රුක් පට්ටියපොල මහතා පැවසුවේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලසීමාව තුළ නීත්‍යානුකූල කිරුම් මිනුම් උපකරණ සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් වලදී 210 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
ජනාධිපතිවරණය පැවැත්වීම, නාම යෝජනා භාර ගැනීම, ඇප තැන්පත් කිරීම සහ ඡන්ද විමසීම සම්බන්ධයෙන් මහජනතාවගේ දැනුවත් වීම පිණිස මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනි දින පැවැත්වෙන අතර එම ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා පත්‍ර භාර ගැනීම අගෝස්තු මස 15 දහවල් 12 තෙක් සිදු වනු ඇති. ඊට යම් කිසි පාර්ශ්වයකින් විරෝධතාවක් ගොනු කරන්නේ නම්; එය ද එදින පෙරවරු 09 සිට පෙරවරු 11.30 තෙක් කාලසීමාව තුළ රාජගිරිය- සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයට සිදු කළ යුතු යි. මෙම නාම යෝජනා පත්‍ර භාරගැනීම් සිදු වන්නේ රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ…
තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න වග ලබන සඳුදා තීරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසන්නේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය එදිනට රැස්වන බවයි. එහිදී ගනු ලබන තීරණ අනුව ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කරනු ඇති.
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා විසින් අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා. මේ අතර 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න මහතාද ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමෙන් තමන් වැලකි සිටින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් අද පෙරවරුවේ කථානායකවරයා වෙත මේ බව දැනුම් දී ඇති බව සඳහන්. ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නීති උපදෙස් ලැබී තිබෙනවා. ඒ අනුව තමා මෙම කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටින බවයි ජනාධිපතිවරයා කථානායකවරයා වෙත දැනුම් දී ඇත්තේ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීම ආරම්භ කෙරුනා. ඒ අනුව අගෝස්තු මස 14 වනදා මධ්‍යහ්න 12 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 50,000ක මුදලක් තැන්පත් කල යුතුයි. අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 75,000ක මුදලක් , ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.
කොළඹ ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද අලුයම මියගොස් තිබෙනවා. තවත් පුද්ගලයෙකු සහ අදාළ කාන්තාව ඉලක්ක කර ගනිමින් ඊයේ පස්වරුවේ මෙම වෙඩිතැබීම සිදුකර තිබුනා. වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ 32 හැවිරිදි පිරිමි පුද්ගලයා ඊයේ රාත්‍රියේදීම මියගොස් තිබෙනවා. බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව අද අලුයම මිය ගිය බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කලේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222