Author: accioAdmin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සහයෝගය දෙන ජනාධිපති අපේක්ෂකයා ලබන 31 දා ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස්වලට කැඩී වෙන්වී නොමැති බවයි. පක්ෂ මූලස්ථානයද තම පාර්ශ්වය භාරයේ පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි ඇතැමුන් කරන ප්‍රකාශ වලංගු නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
ඉදිරි මාස කිහිපය තුළදී වාහන ආනයනය මත පනවා තිබූ ආනයන සීමා ලිහිල් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. පසුගිය වසරවල පැවති විදේශ විනිමය හිඟය මත වාහන ආනයනය තහනම් කර තිබූ අතර එය ක්‍රමිකව ලිහිල් කිරීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය වාහන සඳහා එම තහනම ලිහිල් කිරීම සිදු වූ අතර ඉදිරි මාස කිහිපය තුළදී ප්‍රමුඛතාවන් අනුව අනෙක් වාහන ආනයන සීමා ඉවත් කිරීමට නියමිතයි. ඒ අනුව අසීමිතව ඉහළ ගිය වාහන මිල, වාහන ආනයනය කිරීමත් සමඟ 60%ක පමණ විශාල ප්‍රමාණයකින් පහළ බසිනු ඇති බවයි එම ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ.
වෙළඳපොල තුල පුවක් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. දින කිහිපයකට පෙර රුපියල් 10කට අඩු අගයකින් පැවති පුවක් ගෙඩියක මිල මේ වන විට රුපියල් 25කට ආසන්න වෙමින් පවතින බවයි වාර්තාවන්නේ. වෙළඳපොලට පැමිණෙන පුවක් අස්වැන්න අඩුවීම ඊට හේතු වී ඇති බව සඳහන්. ඒ අනුව ඉදිරි දින වල දී පුවක් මිල තවත් ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි වාර්තාවන්නේ.
ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් චක්‍රලේඛය, නිලධාරීන් වෙත යොමු කර තිබෙනවා. සියලු රාජ්‍ය ආයතන මැතිවරණ සමයේදී අදාළ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතු බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. මේ අතර ලබන මාසයේ සිට ජනාධිපතිවරණයට අදාළ බාහිර පාර්ශ්ව ද මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබෙනවා. . ඒ, ජනාධිපතිවරණයේදී ආයතනික කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහායි.
දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට, වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. අගෝස්තු මස 19 සහ 20 යන දිනවල එය සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ. ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත කරන ලද බහු කාර්ය නිලධාරීන් 4500 දෙනෙකු යොදවා ඇති බව සඳහන්. අවසන් වරට මෙරට තුළ වන අලි සංගණනයක් සිදු කරනු ලැබුවේ , 2011 වසරේදී වන අතර එම වාර්තාවට අනුව මෙරට සිටි වන අලි සංඛ්‍යාව, 5878 කි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ගමන්ගත් වාහනයේ කිලිනොච්චිය ප්‍රදේශයේදී ඊයේ අනතුරට ලක්ව තිබෙනවා. මන්ත්‍රීවරයා ගනම් ගත් 3 වාහනය යතුරුපැදියක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි කිලිනොච්චිය පොලිසිය සඳහන් කලේ. අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරි ධාවනය අනතුරට හේතුවි ඇති බවයි පොලිසිය ප්‍රකාශ කලේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිත බව වාර්තාවන්වා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරු ඔවුන් අතර පැවැත්වෙන ප්‍රථම හමුව මෙය වීම විශේෂත්වයක්. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ එහි දී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇතැ බවටයි.
ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් ඇති බව සඳහන්. එහි නව මිල සටහන් වන්නේ ඩොලර් 77.16ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.13ක් දක්වා පහල ගොස් තිබෙනවා.
කුරුඳුවත්ත වෝඩ් පෙදෙසේ දී ත්‍රිරෝද රථයක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ග්‍රෑන්ඩ්පාස්, සමගි මාවත ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. සැකකරුවන් 35 හා 48 වයස්වල පසු වන ගෝනවිල හා ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එක් සැකකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 යි මිලි ග්‍රෑම් 200ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පසුගිය 23 වනදා මෙම ඝාතනය සිදුව තිබු අතර ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මැතිවරණයට අදාළ සියලුම රාජකාරි කටයුතු ඊයේ දිනයේදීම ආරම්භ කළ බව පොලීසිය පවසනවා. මැතිවරණ කොමිසම මගින් ලිඛිත දැනුම් දීමක් සිදු කල වහාම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානද ආරම්භ කිරීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ. ඒ සඳහා අවශ්‍ය සියලුම ඉදිරි සැළසුම් මේ වන විටත් සකස් කරමින් පවතින බව සඳහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222