Author: accioAdmin

මැතිවරණය පැවැත්වීම සඳහා පොලිසියෙන් කිසිදු බාධාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා සඳහන් කලේ ඊට අවශ්‍ය සහාය පොලිසිය මගින් ලබා දෙන බවයි. ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව අවශ්‍ය ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන් අවශ්‍ය පරිදි යොදවන ලෙස තමා මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට ලිපියක් මගින් දැනුම් දුන් බවයි ඒ මහතා සන්ධ්න් කලේ. මැතිවරණයෙහි ආරක්ෂක විදි විදාන පෙර දී මෙන් ම මෙවරත් ක්‍රමවත්ව පනවන බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කලේ. මැතිවරණ කොමිසම සමග පවතී සාකච්චාවකදී ඒ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීමට අදාළ වාර්තාව අගෝස්තු මාසයේ දී එළි දැක්වීමට තීරණය කර තිබෙනවා. අමත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරන්නේ මූදල් අමාත්‍යාංශය ඊට අදාළ මුලික කටයුතු සිදු කරන අතර එමගින් ඉදිරි මාර්ග සැලසුම අනාවරණ වනු ඇති බවයි. එමෙන්ම පෞද්ගලික රථ වාහන ආනයනය පිළිබඳ සලකා බැලිය හැක්කේ 2025 වසරේ මුල් කාර්තුවේ දී බව ද අමත්‍යවරයා සඳහන් කලා.

තව කියවන්​න

නවක ගුවන් ගමන් පාලකවරුන් බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ගුවන් ගමන් පාලකවරුන් 80 දෙනෙක් පමණ රට හැර යාම මිට හේතුව බවයි ගුවන් සේවා සමාගම පවසන්නේ. එහි සභාපති අතුල ගල්කෙටිය මහතා සඳහන් කළේ රජයේ මැදිහත්වීමෙන් අදාළ ගැටලුව මේ වන විට නිරාකරණය කර තිබෙන බවයි. ඒ අනුව මේ වන විටත් 25 දෙනෙකුට වැඩි පිරිසක් සේවයට බඳවා ගෙන තිබෙනවා.

තව කියවන්​න

කොළඹ වරාය මේ වසර තුළ විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා පවසන්නේ මේ වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය අමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් ලබාඇති බවයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. එමෙන්ම ගුවන් සේවා මෙහෙයුම් ද 2023 වර්ෂයට සාපේක්ෂව මේ වසරේ දී සියයට 25ක ප්‍රගතියක් වාර්තා කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ.

තව කියවන්​න

හෙට දිනයේදී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. විශේෂ දැනුම්දීමක් සිදුකරමින් මහා බැංකුව සඳහන් කලේ එහිදී රුපියල් මිලියන 170,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

තව කියවන්​න

ගිනි අවියක් ක්‍රියාත්මක වීම හේතුවෙන් දේවහුය ප්‍රදේශයේ සත් හැවිරිදි දැරියක් රෝහල් ගත කර තිබෙනවා. නිවසක් අස්පස් කිරීමේදී එහි තිබූ ගිනි අවියක් බිම වැටී කිරියාත්මක වීම හේතුවෙන් මෙම අනතුර සිදුවන ඇති බවයි පොලිසිය සඳහන් කලේ. අදාළ ගිනි අවිය මෙරට නිෂ්පාදිත ගිනි අවියක් බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග පවත්වනු ලබන විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. ප.ව. 5.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකි වනු පිණිස විෂය භාර අමත්‍යවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුනා. 2024-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාව විසින් මේ වනවිට බිත්තර මිලියන 224ක් ආනයනය කර තිබෙනවා.

තව කියවන්​න

දේශීය බිත්තරයක් රුපියල් 38කට වඩා අඩු මුදලකට පාරිභෝගිකයන්ට ලබාදිය හැකි බව සමස්ත ලංකා බිත්තර සංගමය පවසනවා. එහි ලේකම් රත්නසිරි අලහකෝන් මහතා සඳහන් කරන්නේ තවත් මාසයකින් පමණ එම මුදලට බිත්තර අලෙවි කිරීමට කරයුතු කරන බවයි. මිනිස් පරිභෝජනයට මේ වන විට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා බිත්තර නිෂ්පාදනය සිදුවන බැවින් දෙසැම්බර් මාසය වන විට බිත්තර අතිරික්තයක් ඇති වන බවයි ඒ මහතා සඳහන් කලේ. ඒ අනුව මේ වන විට මාසිකව බිත්තර ලක්ෂ 06 බැගින් නිෂ්පාදනය කරන බැවින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි ඒ මහතා අවධාරණය කලේ.

තව කියවන්​න

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ සත්කාරක ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතරයි. තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද තරගය පස්වරු 3.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

තව කියවන්​න