- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
Author: accioAdmin
මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීනභාවය ඉවත් කිරීමට දේශපාලන අධිකාරිය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. එමෙන්ම විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදයට වැරදි අර්ථකථනයක් නීතිපතිවරයාගෙන් ලබාගෙන ඒ අනුව විදුලි ගාස්තු වැඩි කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කලා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ඉතාමත් අසාධාරණය බවයි සභාපති ජනක රත්නායක මහතා අද පැවසුවේ. මේ අතර විදුලි බිල ඉහල දැමීම සමබන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් පල වුනා . විදුලි බිල ඉහල දැමීමට එරෙහිව විදුලි සේවකන් හෙට දහවල් 12ට විරෝධතාවයක නිරත වීමට නියමිතයි .ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා මේ…
නීත්‍යානුකූල නොවන පරිදි සංචාරක වීසා මගින් විදේශගත වී සිටින සියළුම කාන්තාවන් අසාධු ලේඛනගත කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඔවුන්ට එරෙහිව කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයට යටත්ව නීතිමය පියවර ගැනීමටත් තීරණය කර ඇති බවයි එම කාර්යංශය වැඩිදුරටත් කියා සිටියේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ බව සඳහන් කර තිබෙනවා. මේ අතර ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් නැවත මෙරටට ගෙන්වීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ. එම කාර්යාංශය වැඩිදුරටත් පවසන්නේ ඒ අනුව පසුගිය 24 වැනිදා…
අත්‍යවශ්‍ය දුම්රිය සේවා නිලධාරීන් රඳවා ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුම්රිය බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. දුම්රිය සේවකයන් රැසක් ජනවාරි පළවෙනිදා සිට විශ්‍රාම ලැබීම නිසා දුම්රිය ගමන් වාර සැලකිය යුතු ගණනක් අවලංගු කිරීමට සිදුවුණා. ඒ සම්බන්ධයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගෙන් කල විමසීමකදී පිළිතුරු දෙමින් ලේකම්වරයා පැවසූයේ මෙි සිදුවීම වී ඇත්තේ ජනාධිපතිතුමාගේවත් ආණ්ඩුවේවත් වරදක් නිසා නොවන බවයි. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී විසින් විෂය බාර ඇමතිවරයාට මෙන්ම ආණ්ඩුවේ බලධාරීන්ට වාර්තා කරන්නට අවශ්‍යව තිබූ බවයි මහලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ. ප්‍රශ්නයක් මූලික අදියරේදී ම විසඳා ගැනීමට සහ තවත්…
බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද සිදුවුණා. ජනාධිපතිවරයා සමඟ සුහඳ සාකච්ඡාවකට එක් වූ කැමරන් මහතා නව වසර සඳහා ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කර තිබෙනවා. බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටිනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මෘතදේහ වලින් කොම්පෝස්ට් පොහොර නිපදවීම ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ දී ආරම්භ කෙරුණා. මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක මේ අයුරින් මෘතදේහවලින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සිදුවන අතර, එම ප්‍රාන්ත අතරට අලුතින්ම එක් වුණු ප්‍රාන්තය ලෙස නිව්යෝක් නගරය හඳුන්වාදිය හැකියි. මෘතදේහ ආදාහනය හෝ භූමදානය හෝ කරනවාට වඩා, කොම්පෝස්ට් පොහොර සැකසීමට යොදා ගැනීම පරිසරහිතකාමී බව යි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊට අමතරව, ආදාහනය හෝ භූමදානය හෝ කරනවාට වඩා එය ලාභදායී වනවා. මෙහිදී සිදුවන්නේ මෘතදේහ විශේෂ පස් පිරවූ කන්ටේනරයක දිරාපත් වීමට සැලැස්වීමයි. මෘතදේහ යොදා ගනිමින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සඳහා පළමුවෙන්ම අනුමැතිය ලබා දී තිබුනේ ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තය බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ආදාහනය හෝ භූමදානය නොකර…
රාජ්‍ය සේවකයින් විසින් ජංගම දුරකථන භාවිත කිරීමේදී සැලකිමත්විය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි. ඒ මහතා පවසන්නේ කාර්යාල වේලාවන්වලදී රැකියාව නිසි ආකාරයෙන් සිදු කල යුතු බවයි ලේකම්වරයා මේ බව සඳහන් කළේ 2023 වසරේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්
2023 වසර අවසන් වනවිට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා සියළු දෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් අද පෙරවරු 09.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුනා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියා. මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා ප්‍රතිඥා ලබා දීමත් මෙහිදි සිදු කෙරුනා.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් තෝරා ගැනීමත් ආසන සංවිධායකවරුන් පත් කර ගැනීමත් සඳහා අයදුම්පත්‍ර බාර ගැනීමෙි සම්මුඛ පරීක්ෂණ හෙට දිනයේදී සිදු කිරීමට නියමිතයි. පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ දී හෙට එම කටයුතු සිදු කෙරෙන බවයි එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. සම්මුඛ පරීක්ෂණ මණ්ඩල හයක් ඉදිරියේ මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සූදානම් කර තිබෙන බවද එජාප මහලේකම්වරයා කියා සිටියා. පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගත වීමක් සිදු වෙනවා දැයි සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රංගේ බණ්ඩාර මහතා කීවේ දැනට එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවයි.…
පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් 35 දෙනෙකුද පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගොස් තිබෙනවා. මෙසේ විශ්‍රාම ගිය පිරිසට අංශ ප්‍රධානීහු කිහිප දෙනෙක්ද ඇතුළත් බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ. රජයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස් සීමාව 60 දක්වා සීමා කිරීමට රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවා. මෙම නිලධාරීන් සහ සේවකයන් සිය රාජකාරි කාලය දීර්ඝ කර ගැනීමට පසුගිය කාලයේදී කිසියම් උත්සාහයක් ගත්තද එය ව්‍යාර්ථ වුණා . මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ මේ ප්‍රශ්නයේදී පාර්ලිමේන්තුවට විශේෂ ආකාරයෙන් සැලකුවහොත් රාජ්‍ය සේවය තුළ විශාල ව්‍යාකූල තත්වයක් මතුවිය හැකි බවයි. එසේ හෙයින් පාර්ලිමේන්තු නිලධාරීන්ට සහ සේවකයන්ට පමණක් විශේෂ කර සේවා දීර්ඝයක් ලබාදිය…
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් ආසන්න උඩු ගුවනේදී හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුර හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකළේ. අද දහවල් එම අනතුර සිදුව ඇති අතර ගෝල්ඩ් කෝස්ට් හි ප්‍රධාන වෙරළ ආසන්නයේ පිහිටි වැලි තලාවක් මතට එම යානාවල සුන්බුන් වැටී ඇති බවයි එරට මාධ්‍ය වාර්තාකර ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේ යානා දෙකෙහි 13දෙනෙක් පමණ ගමන් කර ඇති අතර ඉන් 4දෙනෙක් මියගොස් ඇති අතර තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවත් 6දෙනෙක් ට සුළු තුවාල සිදුව ඇති බවත් වර්තාවනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















