Author: accioAdmin

දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු සදහන් කළේ පිළිතුරු පත්‍ර ලකුණු කිරීම ප්‍රතික්ෂේප කළහොත් ලබන සතිය වන විට හදිසි නීතිය යටතේ අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන බවයි. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් මේ බව අවධාරණය කළා.

තව කියවන්​න

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි නඩු පැවරීම ප්‍රමාදයකින් තොරව සිදු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සදහන් කරනවා. එම කටයුතු මන්දගාමි බවට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවද ඔහු සදහන් කළා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ විශේෂඥයින් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සකස් කළ වාර්තාව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට පෙර ලබා දෙන බව පොරොන්දු වූවත් එම වාර්තාව මෙම වසරේ පසුගිය ජනවාරි මාසයේ තමන් වෙත ලැබුණු බවයි. ඒ අනුව නීතිමය කටයුතු සදහා එම වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවද එහි සදහන්.

තව කියවන්​න

ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලක්ෂයක් චීනයට යැවීම සම්බන්ධයෙන් පලවන වාර්තා පිළිබද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයට යැවීම පිළිබඳව කිසිදු පාර්ශවයකින් ඉල්ලිමක් ලැබී නොමැති බවයි. එවැනි ඉල්ලීමක් පිළිබදව තම ආයතනය කිසිදු ආකාරයකින් දැනුවත් නොමැති බව චීන ජාතික වන විද්‍යා හා තණ බිම් පරිපාලනය දැනුම් දී ඇතැයි තානාපති කාර්යාලය සදහන් කළා. චීන රජය සෑම විටම වනජීවි ආරක්ෂාව සදහා විශේෂ ආරක්ෂාවක් ලබා දෙන අතර ජාත්‍යන්තර වගකීම් ඉටු කරන බවයි තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සදහන් වන්නේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා ද…

තව කියවන්​න

රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකදී පුද්ගලයෙකු මරණයට පත් වීමේ සිද්ධිය පිළිබද මානව හිමිකම් කොමිසමේ අවසන් නිර්දේශය පොලිස්පතිවරයාට භාර දී තිබෙනවා. 2022 අපේ්්‍රල් මස 19 වන දා මෙම සිද්ධිය සිදුව තිබුණා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ මෙම පරීක්ෂණය විශේෂඥ කණ්ඩායම්වල දායකත්වය ලබා ගනිමින් සිදු කළ බවයි.

තව කියවන්​න

ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවමින් ඉන්දියාව ඉදිරියට පැමිණ තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අද නිකුත් කළ දත්ත වාර්තාවලට අනුව ඉන්දියාවේ ජනගහනය කෝටි දා හතර දහස් දෙසිය අසූ හයක් ලෙස සටහන් වී තිබෙන බව සදහන්. එමෙන්ම චීනයේ ජනගහනය කෝටි දා හතර දහස් දෙසිය පනස් හතක් ලෙස දක්වා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය 1950 වසරේදි රටවල ජනගහනය ලැයිස්තුගත කිරීම ආරම්භ කිරීමෙන් පසු ලොව වැඩිම ජනගහනයක් සිටින රට ලෙස ඉන්දියාව නම් කළ ප්‍රථම අවස්ථාව මෙය වනවා.

තව කියවන්​න

මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේ ඊයේ රාත්‍රියේ සිට මෙලෙස අකුරණ නගරයේ ආරක්ෂාව තර කර ඇති බවයි. අද දිනය තුළ අකුරණ නගරයේ දේවස්ථාන සහ පොදු ස්ථාන ඉලක්ක කරගනිමින් බෝම්බ පිපිරවීමක් සිදු වන බවට 118 හදිසි ඇමතුම් අංකයට ඊයේ දින ලැබුණු බුද්ධි තොරතුරකට අනුවයි පොලිසිය විසින් මෙලෙස ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇත්තේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එම ප්‍රදේශයට පිටත් කර යවා ඇති බව සදහන්. එමෙන්ම අතිරේක හමුදා කණ්ඩායමක් ද අදාළ ප්‍රදේශය වෙත අනුයුක්ත කර…

තව කියවන්​න

උණුසුම් කාලගුණය හේතුවෙන් පැය භාගයකට වරක් ජලය මිලිලීටර් 250 ක් පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ තුළින් විජලනය ඇතුලු රෝග තත්ත්වයන් වලක්වා ගත හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා. මේ අතර රජයේ ආයුර්වේදක වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ මහතා සදහන් කළේ අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවන් හිදි කෘතිම පැණි බීම පානය කිරීමෙන් වළකින ලෙසයි. මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ රජයේ ආයුර්වේදක වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ මහතා.

තව කියවන්​න

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුවරයාට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද පෙරවරුවේ මහනුවර ඵෙතිහාසික ශ්‍රී දලදා මාලිගය වැදපුදා ගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය මෙවර මහනුවරදී පවත්වන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ. ඒ සදහා සියලු කටයුතු සූදානම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

තව කියවන්​න

කිරි පිටි මිල තවදුරටත් අඩු කිරීමට කිරිපිටි ආනයන සමාගම් එකඟතාව පළ කර තිබෙනවා. කිරිපිටි ආනයනික සමාගම් සමග පැවති සාකච්ඡාවකදී එම එකගතාවට පැමිණි බවයි වෙළද අමාත්‍යාංශය පැවසුවේ. ඒ අනුව ඉදිරියේදී එම සමාගම් මිල තීරණය කරනු ඇති බවත් වෙළද අමාත්‍යාංශය පැවසුවා.

තව කියවන්​න

2023 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කැරිබියන් රටවල් 5 කදී පැවැත්වීමට නියමිත බව තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළා. තරගාවලිය අගෝස්තු 17 වැනිදා සිට සැප්තැම්බර් 24 වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. 2019 වසරෙන් පසුව පළමු වරට බාර්බඩෝස් හී දී මෙවර තරග පැවැත්වීමට නියමිතව තිබීම විශේෂත්වයක්. ඊට අමතරව ශාන්ත ලුසියා, ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස්, ටි්‍රනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝ හා ගයානා හී දී තරග පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. ජැමයිකා තලවාස් කණ්ඩායම හා ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම අතර ශාන්ත ලුසියා හී දී පැවැත්වෙන තරගයත් සමග 2023 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රීකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. අවසන් වටයේ තරග හා අවසන් මහා තරගය සැප්තැම්බර් 19 වැනිදා සිට 24…

තව කියවන්​න