වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි ජනනය සියයට 15 ක් දක්වා පහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එමෙන්ම බලාගාර ආශ්රිත ජලාශවල ජල ධාරිතාව ද සියයට 23 ක් දක්වා පහළ ගොස් ඇති බව සදහන්.
ඒ අනුව මෙරට සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 80 ක් ගල් අගුරු සහ තාප බලාගාරවලින් සැපයෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.