මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ(25) රාත්‍රීෙය් සිට තද සුළං සමග කඩින් කඩ තද වැසි පතිත වීම නිසා ජනජීවිතයට බාධා රැසක් එල්ල වී ඇති බව වාර්තා වනවා.
කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය ඇතුළු ස්ථාන කිහිපයකත් ඇතුරු මාර්ග ගණනාවක් ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇති බවයි වී නිව්ස් හැටන් වාර්තාකරු කියා සිටියේ.
අදාළ මාර්ගවල රථ වාහන ගමනාගමනයේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අධිබලැති විදුලි රැහැන් මතට ගස් සහ ගස් අතුරු කඩාවැටීම හේතුවෙන් හැටන් ඇතුළු ප්‍රදේශ රැසක විදුලි බලයද ඇනහිට තිබෙනවා.