අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය මේ මස 31 වැනිදා නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ ප්‍රධාන අංශයක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි.
එසේම අධිවේගී මාර්ගවල ගමන් කරන පාසැල් බස් රථ, කාර්යාල සේවා ප්‍රවාහන බස්රථ, විනෝද චාරිකා බස් රථ සහ අනෙකුත් බස් රථ සඳහා ද ආසන පටි සැකසීමට මාස 3ක පමණ කාලයක් ලබාදෙන බවද ඔහු පෙන්වා දුන්නා.
එසේම අනු කමිටු දෙකක් පත් කිරීම සහ එහි සාමාජිකයින් නම් කිරීම ද මෙහිදී සිදු කෙරිණා.
මෙම අනු කමිටු පත් කරනු ලැබුවේ දුම්රිය සේවය යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් සහ වරාය සම්බන්ධ අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදු කිරීම සඳහා යෝජනා සහ නිර්දේශ ලබා ගැනීමටයි.
මීට අමතරව කඩවත – මීරිගම අධිවේගී මාර්ගයේ ඉදි කිරීමේ කටයුතු සැප්තැම්බර් මස සිට ආරම්භ කිරීම සම්බන්ධයෙන් සහ එහි පිළිසකර කිරීම් අවසන් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- වැඩිම වැස්ස උඩුදුම්බරට – නුවර මහාමායා බාලිකාව දින නියමයක් නොමැති වැසේ
- ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- සජබෙට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ අයවැය පරදී
- සීප්පුකුලම වන අලියාට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට
- ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ ලේකම් අතර මතභේද
- නුවරඑළිය නගරය ජලයෙන් යටවීමට හේතුව නගරාධිපති හෙළිකරයි
- මධ්‍යම පළාතේ පාසල් තාවකාලිකව වසා දැමේ
- ජලාශ කිහිපයක් උපරිම මට්ටමට ළංවෙයි













