බිත්තර සඳහා ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා .
බිත්තර නිෂ්පාදකයින් සහ කුකුළු කර්මාන්තකරුවන් හා බලධාරීන් අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇති බව සඳහන්.
එමෙන්ම උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
මේ අතර වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙදසැල් 29කට එරෙහිව නඩු පවරා තිබෙනවා.
වැඩිමිලට බිත්තර අලෙවි කළ වෙළෙදසැල් මගින් රුපියල් ලක්ෂ 41ක දඩ අයකරගෙන තිබෙනවා.
බිත්තර සදහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් පසුගියදා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.
උණුසුම් පුවත්
- මැල්සිරිපුර මාරාන්තික අනතුරක්
- මල් කැඩීමට ගිය දරුවෙකු ජීවිතක්ෂයට
- චීන විදේශ ඇමැති අද දිවයිනට
- කල්දැමුණු උසස් පෙළ විභාගය හෙට යළි ඇරඹෙයි
- ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරනවා
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ













