
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2026 වර්ෂයේ ඇසළ මංගල්‍යය අද සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඇසළ මංගල්‍යයට සමගාමීව තෙරුවන්ගේ හා දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් පවත්වනු ලබන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ඊයේ දින රාත්‍රියේ දේවාල භූමියේ පිහිටි පිරිත් මණ්ඩපයේදී පැවැත්වුණා. රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ සහ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ශ්‍රී අභිනවාරාම විහාරාධිපති, ශාස්ත්‍රපති යන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම සංවිධානය කර තිබුණා. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ආරච්චිගේ තිළිණ මධුසංක මහතාගේ මෙහෙයවීමෙන් මෙම පින්කම පැවැත්වුණා. අද දින ආරම්භ වූ මෙම ඓතිහාසික පෙරහැර මංගල්‍යය දින 15 ක් පුරා පැවැත්වෙනු ඇති. ඒ අනුව ලබන 29 වෙනිදා රාත්‍රියේ අවසන් මහා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. අනතුරුව ලබන 30 වැනිදා උදෑසන මැණික් ගඟේ දියකැපීමේ මංගල්‍යය පැවැත්වීමෙන් පසු මෙවර ඇසළ මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත්වනවා.














