මෙරටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 85,000කට අධික පිරිසක් මේ වන විටත් තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථාන අද නිකුත් කළ නවතම සමස්ත ආපදා වාර්තාව අනුව දිස්ත්‍රික්ක 25 ක පවුල් පන් ලක්ෂ 24,678 කට අයත් පුද්ගලයින් 18 ලක්ෂ 14,421 දෙනෙකු අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව තිබෙනවා.
මේ අතර, පුද්ගලයින් 639 දෙනෙකු ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 193 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවයි ඔවුන් සදහන් කරන්නේ.
වැඩිම මරණ සංඛ්‍යාව වන 234 මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම ‘දිට්වා‘ සුළි කුණාටුවේ බලපෑමෙන් පූර්ණ නිවාස හානි 5,346 ක් වාර්තා වන අතර, අර්ධ නිවාස හානි 86,245 ක් වාර්තා වනවා.
ඇති වූ ආපදා හමුවේ අවදානමට ලක්වූ පවුල් 26,841 කට අයත් පුද්ගලයින් 85,351 ක පිරිසක් සුරක්ෂිත මධ්‍යස්ථාන 873 ක තවමත් තාවකාලිකව රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කරන්නේ.













