අන්තර් ජාතික පාපන්දු සම්මේලනය නිකුත් කළ නවතම කාන්තා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 161 වැනි ස්ථානය දක්වා පහළ ගොස් තිබෙනවා.
මින් පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 159 වැනි ස්ථානයේ පසු වුණා.
එහිදී දකුණු ආසියානු කලාපයේ රටක් ලෙස බංගලාදේශය ඉහළම ප්‍රගතිය අත් කර ගැනීමට සමත්ව තිබෙනවා.
ඒ, මෙම ශ්‍රේණිගත කිරීම් හි 128 වැනි ස්ථානයේ සිට 124 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීම මතයි.
ශ්‍රී ලංකාව මෙලෙස පාපන්දු ක්‍රීඩාවෙන් පියවර දෙකක් පහළට යාමට ආසන්නතම හේතුව වන්නේ 2027 ලෝක කුසලාන හා 2026 ආසියානු කුසලාන පාපන්දු කලාප පූර්ව සුදුසුකම් වටයේදී තරග තුනකින් පරාජයට පත් වීමයි.













