ආපදාවෙන් පීඩාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරී සංගමයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
සහන සැලසීමේදී ප්‍රජා සංවර්ධන කමිටුවල අනුමැතිය ලබාගැනීමට කිසිදු නීත්‍යානුකුල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය සදහන් කලේ.
එහි කැඳවුම්කරු සුමිත් කොඩිකාර මහතා පැවසුවේ මෙම සහන බෙදාදීමේ කටයුතුවලදී වත්මන් රජයේ දේශපාලකයින් ග්‍රාම නිලධාරින් සදහා දැඩි ලෙස බලපෑම් එල්ල කරන බවයි.













