එක්සත් රාජධානියට සෙන්ටිමීටර 17ක පමණ හිම කුණාටුවක් ගමන් කිරීමට නියමිත බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.
නවීන කාලගුණ ආකෘති සිතියම් අනුව, දින කිහිපයක් ඇතුළත හිම කුණාටුව පැමිණෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ
මෙය පළමුව උතුරු අයර්ලන්තයට සහ ස්කොට්ලන්තයට බලපානු ඇති.
මේ හේතුවෙන් ස්කොට්ලන්තයේ මධ්‍යම හා උතුරු ප්‍රදේශවල අධික හිම පතනයක් අපේක්ෂා කෙරෙනවා.
දෙසැම්බර් 3 වනදා පස්වරුව වන විට , එංගලන්තයේ ඈත ඊසානදිග ප්‍රදේශවල හිම පතනයක් අපේක්ෂා කෙරෙනවා.
කාලගුණ අනාවැකියට අනුව, නොවැම්බර් 28 සිට දෙසැම්බර් 8 දක්වා කාලය තුළ බි්රතාන්ය පුරා අවිනිශ්චිත කාලගුණික තත්ත්වයන් පවතිනු ඇති.
හිම පතනය බොහෝ විට උතුරේ උස් බිම්වලට සීමා වනු ඇති අතර දිවා කාලයේ උෂ්ණත්වය දෙසැම්බර් මාසයේ සාමාන්‍යයට ආසන්නව හෝ තරමක් ඉහළ මට්ටමක පවතිනු ඇති බවද අපේක්ෂා කෙරෙනවා.













