නවක හෙද හෙදියන් 294 දෙනෙකු සෞඛ්‍ය සේවාවට ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ප්රදානෝත්සවය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් .
කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ පළමු මහලේ ශ්‍රවණාගාරයේ දී මෙම වැඩසටහන පැවැත්වෙනු ඇති.
එමෙන්ම වාග් චිකිත්සක නිලධාරීන් 9 දෙනෙකු සහ ඖෂධවේදීන් 6 දෙනෙකු ද සෞඛ්‍ය සේවවාට ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහි දී ප්රදානය කිරීමට නියමිතයි.
තුන්වන ශේණියේ හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලබන මෙම නවක හෙද නිලධාරීන් 2019 සිසු හෙද කණ්ඩායම යටතේ තුන් අවුරුදු හෙද පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසු හෙද හෙදියන්.
ඖෂධවේදීන් ලෙස පත්වීම් ලබන මෙම නිලධාරීන් වසර දෙකක ඖෂධවේදී ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන ලද හා අවශ්‍යවන අනෙකුත් සියළු සුදුසුකම් සම්පූර්ණ කරන ලද නිලධාරීන්ද වනවා.
උණුසුම් පුවත්
- හිටපු මහ බැංකු අධිපතිට එරෙහි නඩුව විභාගයට දිනදෙයි
- ගාසාහි සටන් විරාමය ඇරඹෙයි
- ශ්‍රි ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
- අතුරුදන්ව සිටි අංකුඹුරේ සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවේ
- පිහිනුම් තටාගයේ ගිලි දරැවෙකු මිය යාම සම්බන්ධයෙන් 7 දෙනෙකු අත්අඩංගුවට
- කොළඹ වරාය වාර්තාගත ලෙස ආදායම් උපයයි
- 2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අද
- කාන්තා ලෝක කුසලානයේ ඉන්දියාව සහ නවසීලන්තය තරගය අද