අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එළැඹෙන 13 වැනිදා චීනයේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ඊයේ පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඒ මහතා මේ බව සදහන් කළා.
එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ අගමැතිනිය චීන ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවත් චීනයේ ප්‍රධාන දේශපාලනඥයින් කිහිප දෙනෙක් සමග ද්වි පාර්ශවික සාකච්ඡා සිදු කිරීමට නියමිත බවයි.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ චීන සංචාරයෙන් පසුව අගමැති හරිනි අමරසූරිය මෙනවිය ඉන්දියාවේ ද නිල සංචාරයක නිරත වන බවයි.
එම නිල සංචාරයේදී ද ඉන්දිය අගමැතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් මුණ ගැසීමට සූදානම් බවත් ඒ හරහාද රටට නව අවස්ථා ගෙන ඒමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී සඳහන් කළා.