ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා සැප්තැම්බර් මස 22 වන දා දිවයිනෙන් පිටව ගියා.
ඉන් අනතුරුව මෙරට ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක් සැප්තැම්බර් මස 27 වනදා පෙරවරුවේ සිට ආරම්භ කළා .
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එම නිල සංචාරය සදහා එක් වූයේ ජපාන රජයේ ආරාධනයකට අනුවයි.
ඒ අනුව පසුගිය 27 වනදා ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ජනාධිපතිවරයා පැමිණ තිබුණා.
මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද එක්ව සිටියා.
ඒ අනුව සංචාරය නිම කරමින් ඔවුන් සියලුදෙනා අද උදෑසන 09.30ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවී තිබෙනවා.
ඒ ඊයේ පස්වරුවේ ටෝකියෝ නගරයේ පිහිටි ජපාන අධිරාජ්‍ය මන්දිරයේදීයි.
ජපාන අධිරාජ්‍යයාගේ නිල නිවස වන අධිරාජ්‍ය මන්දිරයේදී නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගෙන තිබුණා.
ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා සුහද පිළිසඳරකද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ.